අපේ අම්මා

ncbrando

Member
Jan 31, 2014
838
115
0
අපේ අම්මා !





සමහර වෙලාවට රාස්සි වගේ ඇවිත්
කොච්චර බැන ගත්තත් කොච්චර රණ්ඩු වුණත්
සමහර වෙලාවට මහාමායා දේවිය තරම් අපිට ළං වුණේ
අපේ අම්මා

අපිත් එක්ක කේන්තියෙන් පුපුර පුපුර
නොකන මැල්ලුම් බත් එක්ක කව කව
ඒ මදිවට තේ එකත් ළගට ගෙනැල්ලා දෙන්නේ
අපේ අම්මා

මං මේ සේරම දමලා ගහලා යනවා කියලා
හැමදාම කිය කිය
හැමදාම දෙස් දෙවොල් තිය තිය
ඒ මදිවට අපිටත් ඇනුම් පද කිය කිය
අපේම ගෙදර කැදැල්ල කර ගත්තේ
අපේ අම්මා

රුජින වගේ මූණේ බියුට් ක්‍රීම් ගගා ඉන්න ඉඩ තියෙද්දිත්
රාජ කුමාරයෝ වගේ අපිව අන්දන්න මහන්සි වෙලා
රාජ කුමාරයෝ වගේ අපිව සරසන්න මහන්සි වෙලා
ඒ ගැන විතරක් හිතලා සතුටු වුණේ
අපේ අම්මා

කොච්චර ලකුණු ගත්තත් බැණුම් අහලා ඉවරෙකුත් නැති
කැම්පස් ගියත් ඒත් කනක් ඇහිලා ඉන්න නැති
වැට බඳින්න බැරි කටක් තියෙන්නේත්
මාව උදේට කූද්දන්න මහන්සි වෙන්නේත්
අපේ අම්මා

පිළිවෙළක් නැති ජීවිතයට
පිළිවෙළක් වෙන්නට කියාදෙන
පිළිවෙළක් නැති ජිවිතයක් ගත කරන
තේරැම්ගන්න බැරි එකම චරිතයත්
අපේ අම්මා

කලිසම් සපත්තු මේස් කුට්ටම්
මටත් වඩා හොඳට මතක තියාගෙන
හැමදාම උදේ පාන්දර
මට බැණ බැණ ඒවා හොයලා දෙන
එකම අඬෝවැඩියාව
අපේ අම්මා

පොඩ්ඩ බැරිවෙනකොට කලබල වෙන
ආගන්තුක සත්කාරයට උපන් හපන්
ආදරයට මුවා වුණු අපේ හෙදිය
අපේ අම්මා

දණිස් පොල්කටු ඉදිමෙනකම් නිදිමරපු
අදටත් නිදාගන්න වරම් නොලබපු
අපේම ආදරවන්තියත්
අපේ අම්මා

දැක්කමත් අහක බලන සමාජයක
මූණ පුරා හිනාව දවටගෙන
හැමෝ එක්කම සංවාදයේ යෙදෙන
ගෙදර තනිවුණු එකම කඳුල
අපේ අම්මා

පාළුවට කවි කියලා
ඉපදෙන්නත් කලින් කවිත්වය උගැන්වූ
මගේ කිවිඳියත්
අපේ අම්මා

කපුටා හා කේජු කෑල්ල
බත් එක්ක අනලා කවපු
අපේ කාලයේ කතාකාරිය
අපේ අම්මා

සබකෝලය හික්මවා
සබයම මගේ අණසකට ගන්නට තරම්
ආලයේ තාලය කියා දුන්නේත්
මට හයි හත්තිය අරන් දුන්නේත්
අපේ අම්මා

ඒත්
කවදාවත් ලියා අවසන් කරන්නත් බැරි
අවසානයක් හිතා ගන්නත් බැරි
එකම කවියත්
අපේ අම්මා

සුභ උපන් දිනක් වේවා අම්මේ !

කාව්‍ය සංකල්පනාව - මාලන් විදානපතිරණ
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
yes.gif
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මහ සාගරය තරන් ගුණ කඳක් පුංචි වතුර බිඳුවක් තරමට ගොනු කරලා ලස්සනට ගෙත්තම් කරපු පද පෙළක්..අම්මගේ ගුණ කියලා ඉවරකරන්න බෑ...ඇස් වලට කඳුලු ආවා මේක කියවද්දි..ඔයාගේ අම්මට සුබ උපන්දිනයක් සහ නිරෝගී සුව,දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා...

සිවු බුදුවරු දුටුලෙස එක දිනයක පිම්මේ...
ඔබ දුටුවම මගේ දුක් ගිනි නිවෙනවා අම්මේ...
සක්විති රජවරුනගේ දණ ඔබ ලඟ නැම්මේ...
සිරිමා බෝ මුල මතු දින බුදුවනු අම්මේ..:love::love::love:
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හිත ඇතුළටම කා වදින්න ලියල තියෙනවා...
    හැමෝගෙම අම්මල ඔය වගේ.. :yes:
    ඒත් ඒ හැම අම්ම කෙනෙකුගෙම මොකක් හරි විශේෂ දෙයක් අපි හැමෝගෙම පපුවෙ කොනක රැඳිල තියෙනවා..:love:
    සුබ උපන් දිනයක් වගේම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ඔයාගෙ අම්මට..:)
    ගොඩාක් පිං සහෝදරයා මේ වගේ ලස්සන වචන ගොඩක් අම්ම වෙනුවෙන් ලිව්වට...
    ++5