අපේ අය හදපු අපේම ලංගම බස් එක - "ලංකා 1"

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
අපේ අය හදපු අපේම ලංගම බස් එක - "ලංකා 1"

අපේ අය හදපු අපේම ලංගම බස් එක - "ලංකා 1"

(sltbbus.blogspot.com අඩවියෙන් උපුටා ගන්නා ලදී)

ලං.ග.ම. පිළිබඳ ඉතිහාසය නොදන්නා අයට මතක් කර දීමට කුඩා පරිච්ඡේදයක් අප සතුව ඇත. ඒ සම්පූර්ණයෙන්ම අපේ රටේ නිපදවා ඇති අපේම “ලංකා 1” බස් රථය (23ශ්‍රී5812) ගැනයි. මේ පිළිබඳව ලං.ග.ම. ආරම්භක සාමාජිකයෙක් වන එම්. සී. ආර්. කුරේ මහතා 1994 දෙසැම්බර් මස 04 වන දින පළවූ ලක්බිම පුවත්පතේ විනී හෙට්ටිගොඩ මහතා සම්පාදනය කර තිබුණු ලිපියකට අදහස් දකවා තිබුනේ මෙසේය.

CTB_MADE_WERAHARA_BODIED_LANKA+1_BUS_LANGMA_23sri5812_LANGMA_CEYLON_TRANSPORT_BOARD_SLTB.JPG


1970 දී සමඟි පෙරමුණ බලයට පත් වීමෙන් පසුව තමයි ලං.ග.ම. ස්වර්ණමය යුගය ඇරඹෙන්නේ. එතකොට හිටිය ප්‍රවාහන ඇමති තමයි ලෙස්ලි ගුණවර්ධන මහතා. ඔහු හොඳ වාමාංශිකයෙක්. ඊළඟ ලං.ග.ම. සභාපති අනිල් මුණසිංහ. හොඳ ප්‍රගතිශීලී මහත්මයෙක්. ලං.ග.ම. උප සභාපති පර්සි ඇහැලියගොඩ. රටට ආදරය කල මහත්මයෙක්.

මේ කාලයේ ලකාවේම බස් රිය නිපදවීම ගැන උනන්දුවක් ඇති වුණා. එතකොට බස් චැසි ගෙනාවේ බ්‍රිතාන්‍ය ලේලන්ඩ් සමාගමෙන්. ඒ සඳහා වැය වූ අධික මුදල් සම්භාරය ලංකාවේම නතර කර ගැනීම මෙහි අදහස වුණා. ඒ පිළිබඳව සැලසුම් කර බලන විට ටයර්, කැළණියෙන්: දුනුකොළ, ලංකා ලෝහ භාණ්ඩ සංස්ථාවෙන්: බැටරි ලංකාවෙන්. මේ විදිහට බස් එකේ නිෂ්පාදන වියදමින් 75% ක් ලාංකික වුණා. පිට රටට‍ ගියේ 25% යි. ඒ, ඇන්ජිමටයි, ඇක්සල් දෙකටයි. මේ බසය තැනීමේ කර්තව්‍යයේදී වේරහැර ඩිපෝවේ සේවය කළ හෙක්ටර් ප්‍රනාන්දු (ඉංජිනේරු-සංවර්ධන සැලසුම්) හා විමල් ප්‍රේමරත්න (ලං.ග.ම. ප්‍රධාන ඉංජිනේරු) යන මහත්වරුන්ගේ ශිල්පීය ඥානය ප්‍රධාන වශයෙන් දායක වුණා. ඔවුන්ගේ මග පෙන්වීම යටතේ බස් එකේ සැලැස්ම ලං.ග.ම. යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ සැලසුම් ඒකකයේ සැලසුම් ශිල්පීන් ඇන්දා. එයින් දෙදෙනෙක් තමයි, එල්. සමරජීව සහ ජේ. ෂෙරිෆ් යන මහත්වරු. අපිට චැසිය හදන එක ප්‍රශ්නයක් වුණා. අපි විශාල ලෝහ බාල්ක දෙකක් ගෙන (වානේ සංස්ථාවේ නිෂ්පාදිත) චැසිය හැදුවා. එය බ්‍රිටිෂ් ලේලන්ඩ් චැසිය වගේම නොවුණත් හොඳ ආරක්ෂාකාරී ශක්තිමත් එකක්. පස්සේ ලෙස්ලි ගුණවර්ධන, අනිල් මුණසිංහ, පර්සි ඇහැලියගොඩ, නිමල් ප්‍රේමරත්න හා මම ඇතුළු පිරිස රියදුරු අබේවර්ධන සමග මේ චැසියේ නැගල කොළඹ වටේ ගියා. දැන් අනිල් මුණසිංහ මහත්තයට සතුටුයි. වැඩේ සාර්ථක බව උන්නැහැට වැටහුනා.


CTB_MADE_LANKA+1_BUS_CHASISS_LANGMA_23sri5812_LANGMA_CEYLON_TRANSPORT_BOARD_SLTB.JPG


ඊට පස්සේ අපි මේ චැසියත් අරන් නාරාහේන්පිට එක්සැමිනර් කාර්යාලයට ගියා. එක්සැමිනර් කාර්යාලේ අය මේ චැසිය පරීක්ෂා කරලා කිව්වා ආඥා පනතට, ප්‍රමිතියට අනුකූල නැති නිසා අනුමත කරන්න බෑ කියල. අනිල් මුණසිංහ මහත්තයා උත්සාහය අතහැරියේ නැහැ. කාගෙන ගියා. එතකොට ඒ අය කිව්වා මේ චැසිය උඩ ටොන් 15ක බරක් පටවලා හැතැප්ම 3500 ක්‌ දුවල පෙන්නුවොත් අනුමැතිය දෙන්නම් කියලා. පස්සේ අපි චැසිය උඩ ටේලරයක් වගේ හදලා කළුගල ටොන් 15 ක් පටවලා එක්සැමිනර් කාර්යාලයේ නිලධාරීනුත් එක්ක ලංකාව පුරා, කඳු පල්ලම්, තැනිතලා පාලම්, බෝක්කු උඩින් හැතැප්ම 4000 ක් දුවලා පෙන්නුවා.එතකොට අනුමැතිය දුන්න.ලියා පදිංචි අංකය 23ශ්‍රී5812.

බස් චැසිය හදලා තියෙන බව අගමැතිනිය දැනගෙන අගමැතිනියටත් ඒක බලන්න ඕන වුණා. අපි චැසිය අරලියගහමන්දිරයේ පෝටිකෝව යටට අරගෙන ගියා. අගමැතිනිය බොහොම සතුටෙන් බස් චැසිය අතගාලා පුදුමයෙන් වගේ ඇහුව “මේ අපේ මිනිස්සු හදපු බස් චැසිය ද?” කියලා.

අගමැතිනියගේ, ප්‍රවාහන ඇමතිගේ, ලං.ග.ම.සභාපතිගේ අනුමැතිය මත පිට පළාත් වල ඩිපෝ වල කාර්මික අංශ වලිනුත් වේරහැර කරන මේ වැඩේට සහයෝගය ලැබුන. ඒ බස් එකට එයාර් හෝන් (නලාව) එකක් හදලා දුන්නේ මාතර ඩිපෝවේ කාර්මික සහෝදරයෙක්. මේ වැඩේ කරගෙන යද්දී අනිල් මුණසිංහ මහතා දිවා රෑ නොබලා අපත් සමඟ එකට හිඳිමින් අපව දිරිමත් කළා. ඒ විතරක් නෙමෙයි ඔහුගේ දුවත්, පුතාත් නිතර අපිට තේ හදාගෙන ආවා. හැම කෑල්ලක්ම මුල ඉඳල හොයන්න වුණ නිසා බස් ඒක තනා නිම කරන්න මාස 6 ක් විතර ගත වුණා.

කොහොමහරි වේරහැර සේවකයෝ එකා වගේ මහන්සි වෙලා බස් ඒක තනා නිම කළා. මේ තියෙන්නේ අපි හදපු බස් එක...! ඔහු පින්තූරය පෙන්වීය. බස් රථයට නමක් යෝජනා කිරීමේදීත් නමට එක එක්කෙනාගේ සම්බන්ධයක් නැති නමක් යෝජනා විය යුතුයි කියා කවුරුත් කීවා. පසුව කාගේත් කැමැත්ත ඇතිව “ලංකා-1” කියල බස් එක නම් කළා.

අපි ඒ බස් එක මැයි පෙළපාලියටත් අරගෙන ගියා. මට මතක හැටියට ඒ 1972 දී. අපි බස් එකේ මංගල ගමන දාගත්තේ කතරගම යන්න. බස් එක හදද්දී කිසිම විවේකයක් නැතුව වැඩ කළ අපට දැන් විවේකයක් තියෙනවා. මේ අතරතුර මම විවාහ වුණා. විවාහයෙන් පස්සේ මම බිරිඳත් එක්ක මුලින්ම ගියේ කතරගම. මම මාතර ඉඳල අනිල් මුණසිංහ මහත්තයට ටෙලිෆෝන් කර දැනගත්තා බස් එක මාතරට එන වෙලාව. ඒ වෙලාවට අපි දෙන්නා මාතරට ඇවිත් බස් එකට එකතු වුණා. මේ තියෙන්නේ කතරගමදී ගහපු පින්තූර.


CTB_MADE_WERAHARA_BODIED_LANKA+1_BUS_LANGMA_23sri5812_LANGMA_CEYLON_TRANSPORT_BOARD_SLTB_IN_SIDE_KATARAGAMA.JPG


ඊලඟට අනිල් මුණසිංහ මහත්තයයි, ලෙස්ලි ගුණවර්ධන මහත්තයයි, මැතිනිය එක්ක සාකච්ඡා කරලා “ලංකා -1” වර්ගයේ බස් වේරහැර හදන්න තීරණය කළා. ඒකට අවශ්‍ය පහසුකම් සහිත ආසියාවේ දෙවන විශාලතම කර්මාන්ත ශාලාව වේරහැර තිබුණ. එතකොටත් වේරහැර වටිනාකම රුපියල් කොටි 35 ක් විතර. අපට අවශ්‍ය කාර්මික ඥානය සහ තවත් ආධාර සමාජවාදී රටවල් වලින් ලැබුණා.

ඉතින් ඇයි මෙච්චර පහසුකම්, ධෛර්ය්‍ය, රජයේ අනුග්‍රහය හෙම තියෙද්දිත් බස් තැනීම එක බස් එකකට සීමා වුණේ..?

මේවා ඔක්කොම සූදානම් කරගෙන කර්මාන්තයක් හැටියට බස් තැනීම පටන් ගන්න හදනකොටම 1977 දී ජේ. ආර්. බලයට පත්වුණා. ඒකයි වුණු නස්පැත්තිය. ඊට පස්සේ අපිව ලංකාව පුරා සීසීකඩ මාරු කරලා දැම්මා. ජාතික සේවක සංගමයේ මැර බලය බලවත් වුණා. විවෘත්ත ආර්ථිකය යටතේ ලං.ග.ම. ලෝක බැංකු නියෝග වලට යට වුණා. ආයිත් අර 1958ට කලින් තුබුණ වගේ බස් මුදලාලිලා බිහිවුණා...!

1977 එ. ජා. ප. ය බලයට පත්වීමෙන් පසු බස් තැනීමේ කර්මාන්තය මුළුමනින්ම ඇනහිටියා...! ඔහු එසේ කීවේ වේදනාවෙනි.


විවෘත්ත ආර්ථිය යටතේ ලං.ග.ම., ප්‍රා. ග.ම. වී,ජනතා සන්තක වී රිම් එකෙන් යන තත්වයට පත්වනතුරු වේදනාවෙන් බලාසිටි ඔහු 1991 ජනතාකරණය වූ ලංගම රොඩ්ඩෙන් ඉවත් විය. ඉවත්වන විට ඔහු විසින් ලබාගෙන ගෙවා නිම කර තිබූ ණය මුදල් තුනක් වෙනුවෙන් වැල් පොලිය කපාගෙන ඉතුරු සොච්චම ඔහු අතට දී තිබුණි. වසර 30 ක් සේවය කළ ලං.ග.ම. සේවකයන්ට උපහාර පිදීමේ දී ඔහුට පිළිගන්වා තිබූ තිලිණයක මෙසේ සඳහන් වෙයි. “1958-1988” තිස් වසරක සේවයට උපහාර” එය ඔහු වැනි තවත් සේවකයන් බොහෝ දෙනෙකුට තිලිණ කළ හිස් පිඟානකි.

පසු සටහන: ඔහු විසින් තනා නිම කළ “ලංකා -1” බස් රථය රත්මලාන ඩිපෝවට පවරා දී ඇති අතර එය වසර 07 ක් කොළඹ හා කතරගම අතර අඛණ්ඩව සේවයේ යෙදුන බව සැලයි. පසුව මෙම බස් රථය 1995 වසරේ කිසිදු සංරක්ෂණයකින් තොරව පරණ යකඩ වලට වෙන්දේසි වී ගොස් ඇත්තේ වත්මන් පරපුරේ, අපේම බස් රථයක ගමනක් යෑමේ සිහිනයද යකඩ කර විකුණමිනි. යම් හෙයකින් මෙම බස් රථය සංරක්ෂණය කර තිබුනේ නම්, අද එයට මුල්ම ජනසතු බස් රථයටත් වඩා වටිනාමක් ලැබෙනු ඇත. මන්ද ඒ තුල ගැබ්ව තිබී ඇත්තේ අපේම මිනිසුන්ගේ හැකියාව හා ධෛර්ය්‍ය නිසාම වන බැවිනි.


උපුටා ගැනීම:

http://sltbbus.blogspot.co.uk/2013/12/1.html

සියළු ස්තුතිය sltbbus බ්ලොග් අඩවියට හිමි වේ.
 
  • Like
Reactions: deshanshashi

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මහින්ද හිටියනන් ප්ලේන්, කාර්, බස් ඔක්කොම හදයි කියල අපිත් හීන දැක දැක තමයි හිටියෙ. එයාට පවුල ළොකු උනා නේද ඕක්කොටම වඩා?

    UNP hapankam ahaddi ridenawa™ neh?
    owa ohoma thamai hitha hadaganin bn.

    Onna bariwelawath mahindage kaale factory ekk dala bus haduwanam umbala kiyai ewwa kale prawahana amathiyi engineers lai, mahinda karapu labbak na, uu newe bus eka plan kole, bus eka hadanna yakada thaluwe ahinsaka minissu, AC kaamarawala hitiya politikko newe prawahana amathiyi engineers latai meke sampoorna gawrawe himiwiya yuthuyi, blah blah..

    dan haduwe nathi nisa waradikaaraya mahinda, uuta pawula loku unane...

    Aney-hukey
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    UNP hapankam ahaddi ridenawa™ neh?
    owa ohoma thamai hitha hadaganin bn.

    Onna bariwelawath mahindage kaale factory ekk dala bus haduwanam umbala kiyai ewwa kale prawahana amathiyi engineers lai, mahinda karapu labbak na, uu newe bus eka plan kole, bus eka hadanna yakada thaluwe ahinsaka minissu, AC kaamarawala hitiya politikko newe prawahana amathiyi engineers latai meke sampoorna gawrawe himiwiya yuthuyi, blah blah..

    dan haduwe nathi nisa waradikaaraya mahinda, uuta pawula loku unane...

    Aney-hukey


    ඔයා කියල තියෙන කතාවනම් සහතික ඇත්ත යාළුවා. කමක් නැතිනම් මම ඒක සිංහල අකුරෙන් දාන්නම්, කියවන්න ලේසි වෙන්න:



    ඔන්න බැරිවෙලාවත් මහින්දගෙ කාලෙ ෆැක්ටරි එකක් දාල බස් හැදුවනම් උඹල කියයි ඒව කළේ ප්‍රවාහන ඇමතියි ඉංජිනේරුවොයි, මහින්ද කරපු ලබ්බක් නෑ, ඌ නෙවෙයි බස් එක ප්ලෑන් කොරේ, බස් එක හදන්න යකඩ තැළුවෙ අහිංසක මිනිස්සු, ඒසී කාමර වල හිටපු පොලිටික්කන්ට නෙවෙයි ඉංජිනේරුවොන්ටයි යකඩ තලපු කම්කරුවන්ටයි මේකෙ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ... කියල දහසක් දේවල්.

    දැන් හැදුවෙ නැති නිසාත් වැරදිකාරය මහින්ද.
     
    Last edited:
    • Like
    Reactions: Hyaenidae

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔයා කියල තියෙන කතාවනම් සහතික ඇත්ත යාළුවා. කමක් නැතිනම් මම ඒක සිංහල අකුරෙන් දාන්නම්, කියවන්න ලේසි වෙන්න:



    ඔන්න බැරිවෙලාවත් මහින්දගෙ කාලෙ ෆැක්ටරි එකක් දාල බස් හැදුවනම් උඹල කියයි ඒව කළේ ප්‍රවාහන ඇමතියි ඉංජිනේරුවොයි, මහින්ද කරපු ලබ්බක් නෑ, ඌ නෙවෙයි බස් එක ප්ලෑන් කොරේ, බස් එක හදන්න යකඩ තැළුවෙ අහිංසක මිනිස්සු, ඒසී කාමර වල හිටපු පොලිටික්කන්ට නෙවෙයි ඉංජිනේරුවොන්ටයි යකඩ තලපු කම්කරුවන්ටයි මේකෙ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ... කියල දහසක් දේවල්.

    දැන් හැදුවෙ නැති නිසාත් වැරදිකාරය මහින්ද.

    Redei™ :lol:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔයා කියල තියෙන කතාවනම් සහතික ඇත්ත යාළුවා. කමක් නැතිනම් මම ඒක සිංහල අකුරෙන් දාන්නම්, කියවන්න ලේසි වෙන්න:



    ඔන්න බැරිවෙලාවත් මහින්දගෙ කාලෙ ෆැක්ටරි එකක් දාල බස් හැදුවනම් උඹල කියයි ඒව කළේ ප්‍රවාහන ඇමතියි ඉංජිනේරුවොයි, මහින්ද කරපු ලබ්බක් නෑ, ඌ නෙවෙයි බස් එක ප්ලෑන් කොරේ, බස් එක හදන්න යකඩ තැළුවෙ අහිංසක මිනිස්සු, ඒසී කාමර වල හිටපු පොලිටික්කන්ට නෙවෙයි ඉංජිනේරුවොන්ටයි යකඩ තලපු කම්කරුවන්ටයි මේකෙ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ... කියල දහසක් දේවල්.

    දැන් හැදුවෙ නැති නිසාත් වැරදිකාරය මහින්ද.

    ඒ ඔක්කොම කලේ චීන්නු.
    ;)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බන් මේ රටේ ආන්ඩු මාරු වෙනකොට ඔක්කොම ප්‍රතිපත්ති මාරු වෙන්නේ. ජාතික ප්‍රතිපත්තියක් නැද්ද??? එක ඇමතියෙක් ආවම ඌ මුලු අද්යාපනේම කනපිට ගහනවා පෙල පොත්වල හිටන්. අනික් රටවල එහෙම නැනේ.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපේ රට කොහේ ගිහින් නතර වෙයිද මන්දා රටක් විදියට ගොඩ එන්න කාටවත් උවමනාවක් නෑ
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    UNP එකේ උන් බලයට ආපු ගමන් කරල තියෙන්නෙ , දැන් කරන්නෙත් රටේ සංවර්දනය නතර කරපු එක. ටොයියන්ට අපේ රට ඉතියෝපියාව වගේ වුනත් කමක් නැහැ උන්ට උන්ගෙ පක්ශෙ දිනවල බඩයි කටයි පුරවගන්න තිබුනනම්. කමක් නැහැ කොත්තමල්ලි අඩු කලානෙ නේද..... දැන් මට දවල්ට කන්න තියෙන රෙප් කපපල්ල.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔයා කියල තියෙන කතාවනම් සහතික ඇත්ත යාළුවා. කමක් නැතිනම් මම ඒක සිංහල අකුරෙන් දාන්නම්, කියවන්න ලේසි වෙන්න:



    ඔන්න බැරිවෙලාවත් මහින්දගෙ කාලෙ ෆැක්ටරි එකක් දාල බස් හැදුවනම් උඹල කියයි ඒව කළේ ප්‍රවාහන ඇමතියි ඉංජිනේරුවොයි, මහින්ද කරපු ලබ්බක් නෑ, ඌ නෙවෙයි බස් එක ප්ලෑන් කොරේ, බස් එක හදන්න යකඩ තැළුවෙ අහිංසක මිනිස්සු, ඒසී කාමර වල හිටපු පොලිටික්කන්ට නෙවෙයි ඉංජිනේරුවොන්ටයි යකඩ තලපු කම්කරුවන්ටයි මේකෙ සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ... කියල දහසක් දේවල්.

    දැන් හැදුවෙ නැති නිසාත් වැරදිකාරය මහින්ද.

    :lol: tahikenawa sinhalayo. riduna..... :(
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,435
    113
    There are number of factual errors in this article. Leftists were out of the government in 1975 and so was Anil Moonasighhe.
    Moonesinghe also took measures to build up local industry and the CTB became well equipped with foundries and workshops: the Central Workshop at Werahera became the largest in South Asia. The local modification of ticket machines was started after employees pointed out many unsuitable features, and a new workshop was acquired for this. In 1974 he started the assembly of bus chassis and prototypes of a locally manufactured bus and a car rolled out of Werahera.

    In 1971, when the Janatha Vimukthi Peramuna (JVP – People's Liberation Front) staged an insurrection, he formed a 2,000-strong para-military body, the Hansa Regiment (of which he was honorary Colonel), from among the employees of the CTB to guard bus depots, bus stands and workshops. He also created 'CANTAB', a secret intelligence organisation, the agents of whom were employees of the CTB, which provided accurate reports of the strength and distribution of JVP units. JVP cadres would prefer to surrender to the Hansa Regiment as this was known not to execute or torture prisoners.

    At this time he joined the editorial board of 'State', a theoretical journal of the LSSP, published in three languages.

    "In 1975, Leslie Gunawardena and he were preparing the ground for a major shift in the management of the CTB, whereby Employees' Council representatives were to form half the board of directors. However, in September that year the UF broke up and the LSSP Ministers were removed, so Anil resigned from the CTB."

    Do not blame everything on the open economy. If the economy was not opened up we would have been poor like Cambodia or Myanmar. And JR had the foresight t open up but our corrupt society abused it, and they still do it.