අපේ අවුරුද්ද

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "මේ අවුරුද්දේ සුබ පතන්නේ මයිත්රීද, රනිල් ද යන්න නො දනිමි. කවුරුන් සුබ පැතුවත් නැතත් මේ අවුරුද්දේ තිබිය යුත්තේ එකම එක පැතුමක් පමණකි. ඒ මේ ආණ්ඩුව හැකි ඉක්මණින් පළවා හැරීම ය."


    පසුගිය අවුරුද්දේ නම් ඇමරිකන් එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ද, එංගලන්තයේ අගමැති ඩේවිඩ් කැමරන් ද සිංහල හා දෙමළ අවුරුද්දකට සුබ පැතුම් එක් කළහ. එංගලන්ත කම්කරු පක්‍ෂ නායක එඩ් මිලිබෑන්ඩ් දෙමළ ජනයාගේ පුතන්ඩුවට (අවුරුද්දට) පමණක් සුබ පැතුවේ ය. අමතක වීමකින් දෝ ඔවුහු ඉන්දියාවේ වෙසෙන දෙමළ ජනයාට සුබපැතුම් නො යෑවූහ. පුතන්ඩුවක් ගැන මහා ඉහළින් කතා කළත් ඉන්දියාවේ ඉහළින් පැවැත්වෙන පුතන්ඩු උත්සවයක් නැත. අවුරුද්ද සිංහලයන්ගේ වර්තමානයෙහි එකම නැකැත් උත්සවය ය. මෙය නාග (යක්‍ෂ) ිජනතාවන්ගෙන් අපට උරුම වූවක් බව එහි දිර්ඝ ඉතිහාසයෙන් පමණක් නොව අදාළ නැකැත් උත්සවය දෙස බැලීමෙන් ද පෙනී යයි. අප අවුරුදු ගණනාවක් තිස්සේ පෙන්වා දී ඇති පරිදි යාපනයෙහි අවුරුදු උත්සවය යම් තරමකින් හෝ පැවැත්වෙන්නේ හමුදාව විසින් හා සිංහල බෞද්ධ ආභාසය ලබා ඇති දෙමළ ජනයා විසිනි. අද ඇතැමුනට අවශ්‍ය වී ඇත්තේ සිංහලයන්ගේ අවුරුද්ද සිංහලයන්ට අහිමි කිරීමට ය. දෙමළ ජනයා අවුරුදු උත්සවය පැවැත්වීම පිළිබඳ අපේ අකමැත්තක් නැත. එහෙත් එසේ කිරීමේ දී සිංහල උරුමය නැති නොකළ යුතු ය. කෙසේ වෙතත් ඉහත කී අයගේ සුබ පැතුම්වලින් පසුව මෛත්‍රිපාල ශ්‍රී ල නි ප මරාදමා රනිල් සමග එකතු විය. යමපාලන ආණ්ඩුව බිහිවිනි. මේ අවුරුද්දේ කවුරුන් සුබ පතාවි දැයි නො දනිමි. කවුරුන් සුබ පැතුවත් නැතත් මේ අවුරුද්දේ තිබිය යුත්තේ එකම එක පැතුමක් පමණකි. ඒ මේ ආණ්ඩුව හැකි ඉක්මණින් පළවා හැරීම ය.



    අද අපට ලබන්නේ අපේ අවුරුද්ද ය. මා එසේ කියන්නේ සූර්ය සංක්‍රාන්තිය නැකැත් උත්සවයක් ලෙස පවත්වනු ලබන්නේ සිංහලයන් විසින් පමණක් වීම නිසා ය. එසේ නැතිව අවුරුද්ද දා මධ්‍යහ්නයේ දී සූර්යයා මන්නාරමට හරි කෙළින් සිරස්ව උඩින් පිහිටන්නේ යැයි කියන නිසා නො වේ. අවුරුද්ද යනු අවුර් ඉද්ද හෙවත් සූර්යයා ඉද්ද ගැසුවා සේ මුදුන් වන දිනය බවට ද මතයක් විණි. එහෙත් අදත් මන්නාරමට ඉර හරි කෙලින් මුදුන් නො වෙයි. මෙයට කලකට පෙර එය කෙසේවත් එසේ නො වී ය. රොබට් නොක්ස් මෙරට සිටි දිනවල අවුරුද්ද උදා වී ඇත්තේ අපෝල් 8, 9, 10 වැනි දිනවල ය. අවුරුද්ද, එනම් අවුරුදු උදාව වසර 72 කට පමණ දිනයක් පෙරට යයි. (විස්තර සඳහා සිංහල අවුරුද්ද පොත කියවන්න). එබැවින් අවුරුද්ද උදාවන්නේ මන්නාරමට ඉර මුදුන් වන දිනයේ ය යනුවෙන් ඇති මතය නිවැරදි යැයි කිව නො හැකි ය. තව අවුරුදු කිහිපයකින් අවුරුද්ද අප්‍රේල් 15 වැනි දා උදාවනු ඇත.



    ජ්‍යෙතිෂයෙහි දී අප සලකන්නේ හිරුගේ වේවා හඳේ වේවා වෙනත් තරුවක වේවා පොළොවට සාපේක්‍ෂ චලිත ය. හිරු චලනය නොවන්නේ යැයි කියන්නෝ චලිතය ගැන නො දනිති. හිරු පොළොවට සාපේක්‍ෂව චලනය වෙයි. බටහිර තාරකා විද්‍යාවේ වුව ද පොළොව කේන්ද්‍ර කරගත් ඛගෝලය (celestial sphere) යනුවෙන් නම් කෙරෙන ගෝලයක් සැලකෙයි. හිරු, සඳු, තාරකා මේ ද්විමාන ගෝලිය පෘෂ්ඨයෙහි විවිධ පථවල චලනය වෙයි. සූර්යයා ගමන් කරන පථය ක්‍රාන්තිවලයය (ecliptic) ලෙස හැඳින්වෙයි. මෙම පථය ඛගෝලයෙහි නිරක්‍ෂ ප්‍රක්‍ෂෙපණය ලක්‍ෂ්‍ය දෙකක දී ඡෙදනය කරයි. ඒ දෙසැම්බර් 21 වැනි දා සිට ජූනි 21 වැනි දා වන තුරු සිදුවන උත්තරායනයේ දී ඉතිරි හයමසෙහි සිදුවන දක්‍ෂිණායනයෙහි දී ය.උත්තරායනයෙහි දී අදාළ ඡෙදනය සිිදුවන්නේ මාර්තු 21 වැනි දා ය. මේ ඡෙදක ලක්‍ෂ්‍යය මේෂ රාශියෙහි ප්‍රථම ලක්‍ෂ්‍යය ලෙස හැඳින්වෙයි. එය අද මේෂ රාශිය (බැබිලොනියාවෙන් අපට ලැබුණි යැයි කියැවෙන) පටන් ගන්නා ලක්‍ෂ්‍යය නොවන බව බොහෝ උගත්තු නො දනිති.



    බැබිලෝනියාවෙන් අපට රාශි චක්‍රය ලැබුණේය යන්නෙන් කියැවෙන්නේ එකල ද අද මෙන් දැනුම් ආධිපත්‍යයක් හා අධිපති විද්‍යාවක් තිබූ බව නො වේ. අපි වත්මන් අනුකාරක උගතුන් මෙන් නැකැත් පද්ධතිය විසිකර රාශි පද්ධතිය බදා නොගත්තෙමු. අපි අපේ දැනුමට ලැබුණු දැනුම අවශෝෂණය කෙළෙමු. අපට තිබුණේ නැකැත් ය. ක්‍රාන්තිවලයය දිගේ අහස නැකැත් විසිහතකට බෙදා තිබිණි. බැබිලෝනියාවේ එය රාශි දොළහකට බෙදිණි. දැන් මේ පද්ධති දෙක එකතු කිරීමේ ප්‍රශ්නයක් වෙයි. මෙහි දී අප දැනගත යුතු කරුණ නම් රාශි හා නැකැත් අතර සම්පාත බවක් නොතිබීම ය. නැකැත් චක්‍රයෙහි (රවුමෙහි) අස්විද නැකත පටන්ගන්නා ලක්‍ෂ්‍යය හා රාශි චක්‍රයෙහි මේෂ රාශිය පටන්ගන්නා ලක්‍ෂ්‍ය සම්පාත නො වී ය. මේ පිළිබඳ සියුම් ගණනයක් මා කර නැති නමුත් දළ වශයෙන් ගතහොත් මේෂ රාශියේ ආරම්භය අස්විද නැකතෙහි දෙවැනි පාදයෙහි පිහිටන බව පෙනී යයි. මේ හේතුවෙන් සූර්යයා වර්තමානයෙහි මේෂ රාශියට සංක්‍රමණය වන දිනට පෙර සූර්යයා අස්විද නැකතට සංක්‍රමණය වෙයි.
    මේ දිනවල සූර්යයා රේවති නැකතෙන් අස්විද නැකතට සංක්‍රණය වන්නේ අප්‍රේල් 13,14 දිනවල ය. එහෙත් හිරු මේෂ රාශියට සංක්‍රමණය වන්නේ ඉන් දින කිහිපයකට පසුව ය. දැන් පඬියන්ට මෙය ඔවුන් විසින් හැඳින්වෙන ආකාරයට සිංහල ලිං මැඩියන්ට පහර දීමට ගත හැකි ය. ඔවුන් කියන්නේ අප අපේ අවුරුද්ද සූර්යයා මේෂ රාශියට සංක්‍රමණය වීමට පෙර පවත්වන බව ය. එහෙත් පඬියන් තරමක් සිතා බැලුවහොත් ඔවුන්ට අවබෝධ වනු ඇත්තේ අප අපේ අවුරුද්ද සූර්යයා අස්විද නැකතට සංක්‍රමණය වීමත් සමග පවත්වන බව ය. එහෙත් අපි යම්කිසි හේතුවක් නිසා (එය සංස්කෘතික ආක්‍රමණයක් විය හැකි ය) සූර්යයා මේෂ රාශියට සංක්‍රමණය වීමක් ගැන කියමු.
    අපට අවශ්‍ය වන්නේ ක්‍රාන්තිවලයය දිගේ අහස (ඛගෝලය) (පැරැන්නන් මේ නම් යොදාගත්තේ යැයි මෙයින් නො කියැවෙයි) කොටස්වලට බෙදීම ය. එහි දී බැබිලෝනියානුවනට වැදගත් වන්නට ඇත්තේ ක්‍රාන්තිවලයය දිගේ ඇති රාශි මිස අහස පුරා විහි දී ඇති රාශි නො වේ. එමෙන් ම අපේ පැරණි සිංහලයන් (ය’ක්‍ෂ නාග ජනතාව) අහස කොටස් 27කට බෙදා ඇත්තේ ක්‍රාන්තිවලයය දිගේ ය. අපට අවශ්‍ය අහසෙහි ග්‍රහයන්ගේ (ග්‍රහ වස්තු නොවේ. රාහු කේතු යනු ග්‍රහ වස්තු නොව ග්‍රහයන් ය. ඒ පොළොවට සාපේක්‍ෂව හිරුගේ හා සඳුගේ පථවල ඡෙදක ලක්‍ෂ්‍ය ය. මා මෙය සඳහන් කරන්නේ රාහු කේතු යනුවෙන් ග්‍රහවස්තු නැතැයි සමච්චල් කරන පඬියන් දැනුම් සඳහා ය) චලනය සිදුවන කොටස මිස සම්පූර්ණ අහස නො වේ.



    මා කලින් නැකැත් යක්‍ෂ ජනතාවගේ යැයි කීව ද එහි ආරම්භකයන් නාග ජනතාව වීමට ඇති සම්භාවිතාව අධික ය. නාගයෝ නාවිකයෝ වූහ. අහස වඩා වැදගත් වන්නට ඇත්තේ නාගයන්ට ය. නැකැත් බිඳී ආවේ නක (නාග) යන්නෙන් දැයි විමසා බැලිය යුතු ය. නැකැත් නාගයන්ගේ සංස්කරණයක් වුව ද යක්‍ෂ ජනතාව නැකැත් උත්සව පවත්වන්නට ඇත. නැකැත්වල රේවති, අස්විද, කැති ආදී නම් විමසා බැලීමේ දී එහි වෛදික සම්භවයක් නැති බව පෙනී යයි. සංස්කෘත නක්‍ෂත්‍ර යන්න සිංහල නැකැත් යන්නෙන් බිඳී ඇතැයි සිතිය හැකි ය. සංස්කෘතයෙහි නක්‍ෂත්‍රය යන්නට නිරුක්ති නැත. නැකැත් 27 චන්ද්‍රයාගේ චලනය සමග සම්බන්ධ ය. අපේ පැරණි සංස්කෘතිය ඉර මෙන් ම හඳ සමග ද බැඳී ඇත.
    චීන සංස්කෘතියෙහි ද චන්ද්‍රයාගේ චලිතය අනුව අහස (ක්‍රාන්තිවලයය දිගේ) කොටස් 28කට බෙදා ඇත. එහි එක් කොටසක් සාමාන්‍ය ග්‍රහ චලනයට පිටින් පිහිටා ඇත. එමෙන් ම චීන ලිත් දෙකක් ඇත. එකක් ගොවි ලිත වෙයි. එහි අහස කොටස් 24කට බෙදා ඇත. එහෙත් චීනයේ නව වසර ආරම්භ වන්නේ අපේ මෙන් බක් මහේ නො වේ. එහි පැරණි වසර සූර්යයාගේ උත්තරායනය ඇරඹීමෙන් පසු පැමිණෙන දෙවැනි අමාවකින් අවසන් වෙයි. එය ජනවාරි 21 හා පෙබරවාරි 22 අතර දිනයක් වෙයි. එමෙන් ම චීන වසර එක් එක් සත්ත්වයා නමින් නම් කෙරෙයි.



    චීන හා සිංහල (යක්‍ෂ නාග) අතර ඇති සංස්කෘතික සම්බන්ධකම් ගැන අප සොයා බලා නැත. අපේ පන්සල්වල ඇති මකර තොරණ සහ චීන මකරා අතර ඇති සම්බන්ධය කුමක් ද? අප සංස්කෘතිය හා චීන සංස්කෘතිය අතර සම්බන්ධකම් සෙවීමට අප පෙළඹී නැත්තේ අපට ඇති වෛදික සම්බන්ධකම් ගැන අප සංවේදී බැවිනි. පහළොස්වැනි සියවසේ යුරෝපීය චින්තන විප්ලවයට පෙර ආසියාවේ ද යුරෝපයේ ද පැවතුණේ සාමූහික සංස්කෘතීන් ය. යුරෝපයේ ඒ පෞද්ගලික සංස්කෘතීන් බවට පත්වූයේ යුරෝපය කතෝලික (සමස්තය යන තේරුම වෙයි) චින්තනයෙන් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට මාරු වීමෙන් පසුව ය. එබැවින් චීනයේ අවුරුද්ද ද අපේ මෙන් ම සාමූහික උත්සවයකි. සිංහලයන් මෙන් ම චීන්නු ද අවුරුද්දට ගම් රටවල් බලා යති. නෑදෑයන් සමග එකට ආහාර අනුභව කරති. කෙසේ වෙතත් චීනය අලුත් අවුරුද්ද අරඹන්නේ ජනවාරි පෙබරවාරි සමයේ බැවින් අපේ අවුරුද්ද අපට අනන්‍ය වූවක් බව පැහැදිලි ය.


    නලින් ද සිල්වා



    2016 අප්‍රේල් 13
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Drohiyage_sinahawa1.jpg


    කපා මුගෙ රුව හොඩල අලයක - තබා බලි තටු මැද සොඳින්
    භාර කරනුය මුගේ ප්‍රාණය - කැඳවමින් පිල්ලිය මහසොහොන්
    සොඳින් ජප කල පැඟිරි කටු බැද - ගනුව ජප කල පස් තෙලින්
    අනිනු හදවත සිදුරු වන්නට - වැනසි හැඳිගැවි යන ලෙසින්
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    xNewYearST2016-Article.png.pagespeed.ic.L42f0IG1M8.jpg



    උදාවූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සම්පත සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.
    මුළු රටම එකම නැකතකට වැඩ කරන අපේ අළුත් අවුරුද්ද තරම් සංහිදියාවේ සහ එකමුතුකමේ වෙනත් ප්‍රායෝගික අවස්ථාවක් ලොව කිසි තැනක නැති බව මාගේ විශ්වාසයයි. ත්‍රස්තවාදයේ වෙඩි පහරටවත් වෙන්කල නොහැකි වූ උතුරු-දකුණු හිතවත්කමේ වාර්ෂික සැමරුම් මංගල්‍ය මේ අළුත් අවුරුද්දයි.
    අළුත් අවුරුද්ද සෞභාග්‍යයේ සහ සශ්‍රීකත්වයේ සංකේතයකි. දේශීය කෘෂි කර්මාන්තය,ආහාර සුරක්ෂිතතාව ගැන මෙනෙහි කිරීමටද මේ හොඳම කාලයයි. බතින් බුලතින් සරු රටක් අටුකොටු පිරුණු ගෘහස්ථ ආර්ථිකයක් අළුත් අවුරුද්දේ උරුමය බව අමතක නොකළ යුතුය.
    අළුත් අවුරුද්ද සිංහල හා දෙමළ සංස්කෘතික මංගල්‍යයයි. අළුත් අවුරුදු සංස්කෘතිකාංග වෙත අනාගත පරපුර හුරුකරවීම වැඩිහිටි අපගේ යුතුකමයි. අළුත් අවුරුදු සිරිත් විරිත් අඛණ්ඩව පවතින්නේ එමගින් පමණි.
    වෙඩි හඩ නොඇසෙන රටක අළුත් අවුරුද්ද සැමරීමට අප සැම භාග්‍යවන්ත වු බව මේ අවුරුදු මාසයේ සිහිපත් කිරීම වටී. 2009 වසරේ බක් මාසය වන විට සාමය දිනා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක හෝරා කිහිපය උදා වු බව අමතක නොකළ යුතුය. ගහ කොළට ස්වභාදහමට පවා කෘතවේදීත්වය පල කරන මේ සොඳුරු මොහොතේ රටට සාමය දිනා දුන් රණවිරුවන් සිහිපත් කල යුතු යැයි මම දැඩි ලෙස විශ්වාස කරමි. හිතේ ගින්දර නැතිව ලිප ගිනි මෙලවිය හැකි සුභ අළුත් අවුරුදදක් රටටම උදා වේවායි මම ප්‍රාර්ථනා කරමි.
    මේ උතුම් මාතෘභූමිය වෙනුවෙන් අවංකව වෙහෙසවන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා.ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා.



    කාල්ටන් නිවස

    තංගල්ල, ශ්‍රී ලංකා


    දුරකථන: +94 47 224 0344 | ෆැක්ස්: +94 47 224 1113