..::: අපේ අවුල කුමක්ද ...? :::..

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    863
    1,737
    93
    මෙතන ගොඩක් අය දන්නේ නෑ 1948න් පස්සේ දේශපාලන ඉතිහාසය වෙනස් වුන හැටි.

    අපි හිතන් ඉන්නේ DS ල, ඩඩ්ලි ල, කොතලාවල ල, බණ්ඩාරනායක ල හරි හොඳ මිනිස්සු කියල. නමුත් උන් තමයි මේ රට මෙච්චර වලපල්ලට යවන අඩිතාලම දැම්මේ.

    උදාහරණයක් විදිහට උන් මිනිස්සු අතරට යනවා කියල හැම ගමකම ඉන්න හොරු, රස්සාවක් නැති රස්තියාදු කාරයෝ තමන්ගේ චන්ද වැඩවලට ගත්ත. පස්සේ තමන්ට ගොට්ට අල්ලන් හිටපු හොඳම ගෝලබාලයෝ ටික ගම් සභා, නගර සභා චන්ද වලට යැව්වා. එහෙම තමයි ලංකාවේ දෙවන පෙළ දේශපාලනය 1960-70 ගණන් වල ඇතිවුනේ. එහෙම තමයි ප්‍රේමදාසල, මල්ලිමාරච්චිල බිහිවුනේ.

    ඒ දෙවන පෙළ තමයි පස්සේ පාර්ලිමේන්තු ආවේ. ඊට පස්සේ උනුත්, උන්ට වඩා පහත එවුන් - කුඩුකාරයෝ, බස් කොන්දොස්තරලා, මිනීමරුවෝ, මංකොල්ලකාරයෝ තමන්ගේ චන්ද වැඩ වලට ගත්ත. ඔය විදිහට තමයි රත්තරන් (හිටපු මන්ත්‍රී ප්‍රේමරත්න එදිරිවීර ගේ ඩ්‍රයිවර්), භාරත, චන්දන කත්‍රිආරච්චි වගේ උන් ඉස්සරහට ආවේ.

    ඊට අමතරව තමන්ගේ වලව් පැලැන්තිය ට පුළුවන් තරම් තැන දෙන්න අපේ මුල් හොරු සෙට් එක අමතක කලේ නෑ. දැන් ඉන්න හොරුන්ගෙන් භාගයක් විතර ඔය වලව් පැලන්ති 4කින් එකකට අයිති උන්. ඉතුරු භාගේ රස්තියාදුකාරයින්.

    මේ ඔක්කොම වුනේ ප්‍රජාතන්ත්‍රවාදය කියන අරුම පුදුම ක්‍රමයක් තියෙද්දී. එකයි ලොකුම විහිලුව
    .
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මම නම් හිතන්නේ ඒකපාරම විවෘත අාර්ථික ප්‍රතිපත්ති වලට ඒදා ගියපු ඒකයි ලංකාවේ ඡන්ද ක්‍රමයේ තිබුනු සහ තියෙන අඩුපාඩු නිසා ධනයට සහ බලයට මිනිස්සුන්ගේ තියෙන සහජ කෑදරකම අවදිවීම තමයි ලංකාවේ ඒවුන් පිරිහීමට මුල. උපන් තැන ජාතිය ඔය කිසිම දෙයක් මේකට බලපාන්නේ නෑ මං හිතන විදියට මොකද අපි කව්රුත් ඒක විදියට මේ ලෝකෙට ඒන්නේ හිස් අතින් යද්දිත් යන්නේ ඒහෙම
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    එකඟයි :yes::yes: මගේ අදහස ලංකාව හදනවා නම් ප්‍රජාතන්ත්‍රවාදිව කරන්න බැහැ රටට හිතකර එකාධිපති පාලනයක් එන්න ඕනා මොකද ප්‍රජාතන්ත්‍රවාදිව හුරතල් කරලා අපේ මිනිස්සුන්ව හදන්න බැහැ මේ කපේදී
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    තිබුන අවස්ථාව අපට ප්‍රයෝජනයට ගන්න බැරිවු

    මම නම් හිතන්නේ ඒකපාරම විවෘත අාර්ථික ප්‍රතිපත්ති වලට ඒදා ගියපු ඒකයි ලංකාවේ ඡන්ද ක්‍රමයේ තිබුනු සහ තියෙන අඩුපාඩු නිසා ධනයට සහ බලයට මිනිස්සුන්ගේ තියෙන සහජ කෑදරකම අවදිවීම තමයි ලංකාවේ ඒවුන් පිරිහීමට මුල. උපන් තැන ජාතිය ඔය කිසිම දෙයක් මේකට බලපාන්නේ නෑ මං හිතන විදියට මොකද අපි කව්රුත් ඒක විදියට මේ ලෝකෙට ඒන්නේ හිස් අතින් යද්දිත් යන්නේ ඒහෙම

    මේ අදහසට යම්කිසි මට්ටමකට මමත් එකයි ... නමුත් මම දකින්නේ අපේ රටට ඒ අවදියේදී විවුර්ත ආර්ථිකය හදුන්වා දුන්නු එක ඉතාමත් බුද්දිමත් තීරණයක් ! නමුත් ධනවාදී ක්‍රමය ඇතුලේ දියුණුවෙන්න තරම් එහි නියම හරය අවබෝද කරගන්න තරම් අපි බුද්දිමත් ජාතියක්වත් කර්යසුර ජාතියක්වත් නෙමේ ... අපි හැමදාම අපිගැන අධිතක්සේරුවකින් (overrated ) හිතපු නිකමෝ ටිකක් . 78 විවුර්ත-ආර්ථිකය අපට හදුන්වාදෙනකොට තුන්වෙනි ලෝකේ රටක් විදිහට ආර්ජන්ටිනාව පමණයි විවුර්ත ආර්ථිකය ක්‍රියාත්මක කලේ ..අපි නියම (අපි හිතන ආකාරයේ) දක්ෂයෝ ටිකක්නම් අපට කිසිම තරගයක් නැතිව ඉදිරියට යන්න පුදුම අවස්ථාවක් තිබුන .... නමුත් අපේ තියන නොමේරු ගති හින්ද අපට තිබුන අවස්ථාව අපට ප්‍රයෝජනයට ගන්න බැරිවුන :sorry::sorry::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකඟයි :yes::yes: මගේ අදහස ලංකාව හදනවා නම් ප්‍රජාතන්ත්‍රවාදිව කරන්න බැහැ රටට හිතකර එකාධිපති පාලනයක් එන්න ඕනා මොකද ප්‍රජාතන්ත්‍රවාදිව හුරතල් කරලා අපේ මිනිස්සුන්ව හදන්න බැහැ මේ කපේදී
    අනිවාර්යයෙන් ම......
    මමත් පෞද්ගලිකව හිතන්නේ පොදුවේ ප්‍රජාතන්ත්‍රවාදය ෆේල් මෙතඩ් එකක් කියලා. ඒක හොදා ප්ලෝටෝ ගේ උතෝපියානු සමාජයකට. සරල ම කාරණය හැම එකාටම ඕන විදියට රට පාලනය කරන්න බෑ.
    ලංකාව බලමු. පිළිගත් දේශපාලන පක්ෂ මම දන්න තරමින් 78ක් තියනවා. වෘත්තීය සමිති ඇති ඉහේ කෙස් ගානට. පැය 8ටේ වැඩ මුරය. මානව හිමිකම් පාරට්ටුවට අපේ රටේ. හැබැයි ඔය ඔක්කොගේ ම ගුණිතය බින්දුවයි........
    දැන් චීනය ගත්තොත්. එක පක්ෂයයි.වෘත්තීය සමිති නෑ. වැඩ මුරය පැය 12 හෝ ඊට වැඩියි. මානව හිමිකම්...හොකොස්...කෙලින්ම වෙඩි තබා ඝතනය කිරීම....හැබැයි ආර්ථික වර්ධන වේගය ලෝකේ වැඩි ම රට.......

    මේ ලබ්බෙ ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේ නෑ....රටට ආදරේ කරන ඒකාධිපතියෙක් ඕන....