අපේ අළුත් මුදල් නෝට්ටු ජාත්‍යන්තර තරගයක්
Sri Lanka central bank gets award for new notes
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා නිකුත් කළ නව මුදල් නෝට්ටු කාණ්ඩය සඳහා ජාත්‍යන්තර සම්මානයක් ලැබුණු බව බැංකුව කියයි.
මේ අනුව, පසුගිය ඔක්තෝම්බර් 02 සිට 05 දක්වා සිංගප්පූරුවේ පැවති ව්‍යවහාර මුදල් කටයුතු සම්බන්ධ ජාත්‍යන්තර සමුළුවේදී විශිෂ්ටතම නව මුදල් නෝට්ටු කාණ්ඩය සඳහා තරග වැදුණු රටවල් 17 ක් අතුරින් වසරේ විශිෂ්ටතම නව මුදල් නෝට්ටු කාණ්ඩය සඳහා වූ අනුශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමත්ව තිබේ.
සංවර්ධනය, සෞභාග්‍යය හා ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් යන තේමාව යටතේ මෙම නව මුදල් නෝට්ටු කාණ්ඩය මහ බැංකුව විසින් පසුගිය කාලයේදී හඳුන්වා දුන් අතර අවසාන වටය සඳහා තරග වැදුණු රටවල් 03 අතුරින් උගන්ඩාවේ මහ බැංකුව 2011 විශිෂ්ටතම නව නෝට්ටු කාණ්ඩය සඳහා වන ශූරතාවය දිනාගෙන ඇත.