අපේ ඉස්කොලේ ගුරැවරැ දුන්න ගොන් ආතල්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    ආතල් කතා ටිකක් තියෙනවනේ.. :lol::lol:...මට වෙච්ච සිද්ධි 2ක් දාන්නම්. ...

    එක දවසක් ඉස්කෝලෙන් මොකක්ද ලියුමක් දීලා අම්මට/ තාත්තට කියලා අත්සන් කරගෙන් එන්න කිවා .... කොහොමහරි මට ඕක අමතක උනා .. දීලා දවස් 2කට විතර පස්සේ ලියුම ආයි එකතු කරා .. මට එතකොටයි මතක් උනේ අත්සන් කරේ නෑනේද කියලා . මං මොකද කරේ ලියුම අරගෙන තාත්තගේ නමේ අන්තිම කොටස ඉංග්‍රීසියෙන් ලිව්වා .. සර් කාරයාට මීටර් උනා මම කියලා ලියලා තියෙන්නේ .. උ මගෙන් ඇහුවා උඹද තාත්තා කියලා :lol:.. දණ ගහපං කියලා කිව්වා .. පහුවදාට අම්මා/ තාත්තා හරි එක්කන් වරෙන් කිවා .. පහුවදා අම්මා ආවට මොකද උනේ කියලා නම් මතක නෑ ..

    වසර මතක නෑ ,... අපිට සිංහල උගන්නන්න ආපු සර් පට්ට සැරයි ..සිංහල වෙලාවට එකෙක් සද්ද කරන්නේ නෑ ... මිනිහා සිංහල පාඩම ළමයි නැගිට්ටවලා කියවන්න දෙනවා ... දවසක් මාවත් නැගිට්ටුවා .. කලින් එකා නවත්තපු තැන ඉදලා මට කියවන්න කිවා . මාත් භයෙන් භයෙන් කියෙව්වා ... ටිකකින් කිව්වා මට නවත්තන්න කියලා .. අම්මෝ ඇති යන්තම් කියලා පොතෙන් ඔලුව ඉස්සුවා විතරයි මූ අපි උඹේ තාත්තා කට්ටඩියෙක් ද කියලා පොත් දිහා බලාගෙන මතුරන්නේ ? කියවපන් තව සද්දෙන් කිව්වා .... පන්තියේ උන්ටත් හිනා .. ඒ ගමන මාත් ටිකක් සද්දෙන් කියෙව්වා ..