අපේ කඩ්ඩ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Are you agree?
    දවසක් අපි කට්ටියක්ම අන්තර්ජාලගත වෙන්ඩයි කියල හිතාගෙන ලොන්ච් එකට යනකොට ගෝරා එනව ඇතුලෙ ඉදං.
    “ආ.. ලොන්ච් යන්ඩද? ගියාට වැඩක් නෑ.. අද ගේම් ගහන්න බෑ.. සේරම බුක්..”
    පොරටෝකක් දීගෙන ඌ ගියා කැන්ටිම් පැත්තට. දැං මොකද කරන්නෙ.? කමක් නෑ. ආපු එකේ නිකං හරි ගොඩවැදිල යන්ඩ කියල හිතාගෙන අපිත් ගියා ඇතුලට.
    අනේ බුක් කරල කිව්වට කිසිම නෝටිස් එකක් දාලාත් නෑ. එහෙම බුකිං තියනව නං සිකුරිටි අංකල් කියනව. මිනිහ මුකුත් කිව්වෙත් නෑ. අපි ගියා ලැබ් එක ඇතුලටම. පාඩුවෙ වැඩ ටිකත් කරගෙන ආපහු එන්ඩ එනකොට ගෝරාඉස්සරහට හම්බ වුනා.
    “උඹ ඇයි අපිට බුක් කරල කියල බොරු කිව්වෙ? හොඳ වෙලාවට අපි ගිහිං බැලුවෙ. තව පොඩ්ඩෙන් ආපහු යනව” අපේ එකෙක් අරූට සත්තමක් දැම්ම.
    “නෑ..නෑ.. මචං.. සිරාවටම බුක් කරල තිබුණෙ” අරූ උත්තර දෙනව.
    “මොකෙන්ද බුක් කරල තිබ්බෙ?”
    “ඇග්‍රි එකෙන්..”
    “අනේ පලයං බං නිකං බොරු නොකියා.. ඇග්‍රි එකෙක්වත් මං නං දැක්කෙ නෑ..”
    “!@#$%^&**&^%^”””
    වෙච්ච සිද්ධිය දැන ගත්තාම හිනා කාල මැරෙන්න හිතුනා.
    එදා ලොන්ච් එකේ කම්පියුටර් වලට අලුත් ලොගෝන් ස්ක්‍රීන් එකක් දාලා. වින්ඩෝස්වලට ලොග් වෙනකොට වෙනම වින්ඩෝ එකක රෙගියුලේෂන් ටිකක් වැටෙනව IT ලැබ් එක පාවිච්චි කිරීම සම්බන්ධව. එකෙ යටින්ම තියනව Are you agree කියල. ඒකට Yes I agree දුන්නෙ නැත්තං ලොග් වෙන්ඩ බෑ. අපේ යාලුව හිතල තියෙන්නෙ Are you agree කියන්නෙ Are you agri (agriculture) කියන එකට කියල.
    ****************************************
    Chatter Box
    ඉස්සර ඉදන්ම අපිට කඩ්ඩයි මැතයි කියන්නෙ නයාට අඳු කොළ වගේ. කඩු ක්ලාස් යන්නෙ මරන්න ගෙනියනව වගේ. ක්ලාස් ගියත් පාඩුවෙ අන්තිම පේළියට වෙලා කුරුටු ටිකක් ඇඳ ඇඳ ඉඳල එනඑක තමා කරන්නෙ. දවසක් මැඩම් උගන්නන අතරෙ අපි කුටු කුටු ගගා වෙන කතාවක්. මැඩම් දැක්ක අපි පාඩමට කන්දෙන්නැතුව කතාකර කර ඉන්නවා. මැඩම් තරා දිහාට හැරුණා. “tharindu ..! Will you close your chatter box now..!!”
    තරා පටස් ගාලා උගෙ කවකටු පෙට්ටිය වහල දැම්ම..
     
    • Like
    Reactions: ruwanjrc and c boy

    diu

    Active member
  • May 10, 2009
    685
    150
    43
    අන්තර්ජාලය
    44.gif
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යාලුවා හිතපු විදියෙ වැරැද්දක් නෑ. වැරදි english පාවිච්චි කරලා තියෙන්න ඔය ලැබ් එකේ policy ලියපු එකා.