අපේ කලාවට යන කල... කවද ද?

Kushan_Sameera

Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    අනිවාර්යෙන් බං. අපේ කලාව නම් ගන්න දෙයක් නැහැ.. අජූතයි ...... :baffled:
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    මොකෝ කියන්නේ කටිටියම ඵකතුවෙලා අදහස් ටිකක් දාමුද ‍හොද කථාවකට?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකෝ කියන්නේ කටිටියම ඵකතුවෙලා අදහස් ටිකක් දාමුද ‍හොද කථාවකට?
    හ්ම්ම් මෙතන ඕවා දාලා වැඩක් නෑ බන් කරන අයයි දැනගන්න ඕන. අනික කොපි කලත් කමක් නෑ හොඳ කතානම්.:dull::dull:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    වටින කතාවක් , නියම මාතෘකාවක් මචන් , මමත් කාලයක් මෙක ගැන කතා කරන්න හිතගෙන හිටියෙ ...

    ලන්කාවෙ නියම ටැලන්ට් ඉන්නව මචන් ,තැනක් නැහැ , තැන දෙන්නෙ නැහැ

    මෙකෙ මෙකෙ ඉන්නව මචන් ජෙශ්ට කියන ලෙබල් එකෙ ලොක්කො ටිකක් , තාම උන්ගෙ කාලෙ වගෙ රන්ජන්ල ගස් වටෙ දුවන අප්පිරිය කතා බලන්න වෙලා තියෙන්නෙ මිනිස්සුන්ට , අලුත් පරම්පරාව කියල තැන දෙන්නෙත් උන්ට ගොටු අල්ලන අමුම අමු ගොබ්බ චරිත ටිකකක්ට උන් කරන්නෙ හින්දි එකෙ කොපියක් කොහෙන් හරි අටවන එක , නිර්මානයක් කරත් අති බොලද මට්ටමෙ එකක් ,, මෙලො රහක් නැහැ බන් මුන් ,අනිත් එවුන්ගෙ වැරදි කියවන්නනම් දන්නව මුන්ට

    අනික මෙකත් එක්තරා සිමිත පිරිසක් අතින් අත දුවන හරියට පවුල් දෙශපාලනෙ වගෙ එකක් , ඉස්සර රැගුම් පාලක මන්ඩලය තිබුන. ,එකෙන් පොඩ්ඩක් හොද නිර්මනයන් බිහිඋනා , නිර්මානයන් වල කොලිටිය අනුව අවස්තාවන් ඇතිඋනා, අද අවස්තාව තියෙන්නෙ නිලිය නිදාගන්න යවන තරමටයි පගාව දෙන තරම්ටයි සින්දු ෆෙමස් වෙන්නෙ පැකෙජ් ක්‍රමෙට,අදනම් රැගුම් පාලක මන්ඩලය තියනවද නැත්ද දන්නෙ නැහැ , අද රැගුම් පාලක මන්ඩලෙ රජයට විරුද්ද එව කපා හරින්නයි තියෙන්නෙ මන් හිතන්නෙ, ජාත්යන්තර නියොජනය වෙන දෙවල් වලදිම හින්දි සින්දු දාන්නෙ , ගන්කබර චියර් ලිඩර්ස්ල නටන්නෙ , ලොකෙ ඉස්සරහ රෙදි ගැලවෙන්නෙ මෙන්න මෙ රැගුම් පාලක මන්ඩලයක් නැති කම නිසා , අදාල නිර්මන ප්‍රමිති කරනය සදහා ඉන්න ඔනි ඩයල් ටිකත් දෙශ පාලනෙන් පන්දමට ගිය අමුම අමු ගන්කබරයො උනාම කලාවට හෙන ගහන එක අහන්න දෙයක් නැහැ ,

    සුද්දො වගෙ වෙන්ඩ ඔනි කියල නෙවෙයි කියන්නෙ , ලන්කාවෙ දෙවත් හරි ප්‍රමිතියකට කරන්න ඔනි , විලි ලැජ්ජයි ලන්කාවෙ කලාව ගැන
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    හ්ම්ම් මෙතන ඕවා දාලා වැඩක් නෑ බන් කරන අයයි දැනගන්න ඕන. අනික කොපි කලත් කමක් නෑ හොඳ කතානම්.:dull::dull:

    ඡැක්සන් ගේ නෝ ඇඩ්රස් ෆිල්මි ඵක හොදයි වගේ නේද?
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මුලින්ම ලන්කාවෙ කලාකාරයෙක්ට තියෙන පැවැත්ම මොකක්ද? අඩු තරමෙ හොඳ සමාජ පිලිගැනීමක්වත් තියෙනවද? එහෙම හැකියාව තියෙන අයට අනිත් මිනිස්සු කියන්නෙ ඕවා කරලා ගොඩයන්නෙ කොහොමද? ඕවා අතෑරලා ජොබක් කරගෙන හිටපන් කියල. පුද්ගලිකවම මටත් ඔය අත්දැකීම තියෙනව. ලන්කාවෙ කලාව සුරක්ෂිත නෑ. ඒ නිසා දක්ෂයො බිහිවෙනව අඩුයි. මිනිස්සු උදව් කරනව අඩුයි. ලන්කාවෙ තාක්ශනේ සහෙන්න පල්ලෙහා මට්ටමක තියෙන්නෙ. අඩු තරමෙ ෆිල්ම් ශූට් කරන්න හොඳ ස්ටුඩියෝ එකක්වත් නෑ. හැබැයි ඒක කලාකරුවෙක්ට නිදහසට කාරනයක් වෙන්නෙ නෑ. ඒක මම පිලිගන්නව. හොලිවුඩ් තාක්ෂනේට යන්න කලින් අඩු තරමෙ බොලිවුඩ් කොලිවුඩ් වලට වත් ඉහලින් ඉන්න පුලුවන් කමක් තියෙන්න ඕන. උදාහරනයක් විදියට කොරියන් සිනමාව කියන්නෙ 96ට කලින් බින්දුවටම වැටුනු කර්මාන්තයක්. ඒවුනාට වර්තමාන කාලෙ තමයි කොරියන් සිනමාවෙ ස්වර්ණමය යුගය.හැම කතාවක්ම එකට එකක් වෙනස්.නැවුම් අර්ථාන්විතයි. අන්න ඒකයි වැදගත්කම තාක්ෂනේ විතරක් තිබුනට ෆිල්ම් වලට මදි. කොඳ කතා තේමාවන් තියෙන්නත් ඕන. සුපිරි තාක්ෂනේ එක්ක ආපු හොලිවුඩ් ෆිල්ම් වුනත් ස්මහර වෙලාවට ෆ්ලොප් වෙනව.

    ලන්කාවෙන් කලාව තුරන් වෙන්නෙ නෑ. වෙන්නෙ ශීලාන්කීය කලාව තුරන් වෙන එක විතරයි. කලාකාරයට සමාජයෙ තැනක් නැතිවුනාට කලාව රසවිඳින්න පුලුවන් ඕන තරම් අය ඉන්නව. ඒ අයටයි හරි දෙයක් දෙන්න ඕන. ඒවගේම මිනිස්සුන්ගෙ ආකල්පත් වෙනස් වෙන්න ඕන.

    ඔය 77 ස්ටාර්වෝස් වගෙ එකක් මෙහෙ කලොත් මිනිස්සු බලන්න එයි කියලා හිතෙනවද? මමනම් හිතන්නෙ නෑ.ලන්කාවෙ ප්‍රේක්ෂකාගාරය එච්චරම විද්‍යා ප්‍රබන්ධ/සුපිරිවීර චරිත වලට සමීප නැහැ. ඒ නිසා කැප්ටන් පිලිප් විදියෙ නාට්‍යමය ෆිල්ම්ස් තමයි ලන්කාවට හොඳ.

    ඔව්. ඒ කතාවේ ඇත්තක් තියෙනව.
    තමන්ගේ ජීවිතය ගැට ගහගන්න තියෙන ජීවන අරගලය එක්ක බලනකොට... කලාව කරල හරියන්නෙ නෑ කියල හිතන්න සමාජයම දැන් පෙළඹිලා ඉවරයි. ඒක තමයි මේ සේරම කඩා වැටෙන්න හේතුව. කන්න බොන්න ඉන්න හිටින්න වියදම් කරන්න සල්ලි අතේ නැත්තං අපි ඉවරයි කියල මිනිස්සු හිතනව. අවාසනාවකට, දේශපාලනය විසින් සමාජය තුළ ඇති කරල තියෙන අන්න ඒ පීඩනය ම මේකට ලොකුම හේතුවක්.!

    මේ තත්වය උඩ කලාව සුරක්ෂිත නෑ තමයි. තාක්ෂණය ගැනම හිතල දෙයක් කරන්න ගියොත් අපිට නෑ කිය කිය මොනවත් කරන්න වෙන්නෙ නැහැ නෙ. හොඳට කල්පනා කරන්න. හොලිවුඩ් තාක්ෂණය හැදිල තියෙන්නෙ වැරදි වැරදි හරි අලුත් අදහස් නිර්මාණ කරල ඒ මාර්ගයෙන් නව තාක්ෂණික දේවල් හැදෙන්න අවශ්‍ය වටපිටාව සකස් කරල දෙනව. හොලිවුඩ් කියන්නෙ ෆිල්ම් වලට විතරක් ගිය තැනක් නෙමෙයි. ෆිල්ම් නිසා නව තාක්ෂණික නිර්මාණ බිහි කරන තැනක්. අන්න ඒ තත්වෙ අපේ රටේ ඇති වෙන්න ඕනෙ. නිකම්ම නිකං හෙන ගාණක් අය කරල "ටෙලි ගම්මාන" කියල තැනක් හදල විතරක් වැඩක් නෑ.

    starwars වගේ එකක් ලංකාවෙ හැදුනට බලන්නෙ නැත්තෙ, ලංකාවෙ ෆිල්ම්ස් වල බලන්න වටින දෙයක් නැති බව මිනිස්සුන්ගෙ හිත්වලට ඇතුලත් වෙලා තියෙන නිසයි. නමුත් starwars ආසාවෙන් බලපු ලංකාවෙ අය ඕනෙ තරම් ඉන්නව. එතකොට කියන්න පුළුවන් ඒ කතා රසවිඳින අයගේ ප්‍රශ්නයක් නෑ කියල. ඒ තරම් වත් රසවිඳින්න පුළුවන් දෙයක් ලංකාවෙ හැදෙන්නෙ නැති නිසා තමයි ලංකාවෙ ෆිල්ම් එකකට වඩා හින්දි ඉංග්‍රීසි ෆිල්ම් බලන්න මිනිස්සු පෝලිම් ගැහිල ඉන්නෙ. අන්න ඒ රසවින්දනය දෙන්න මොන තාත්ෂණේ තිබුණත් බැහැ. හොඳට රස විඳින්න පුළුවන් නිර්මාණයක් පෙන්නන්න බැරිනම්.

    ඒකට අර මෙච්චර කාලයක් ලංකාවේ ෆිල්ම්වල ටෙලි ඩ්‍රාමා වල පෙන්නන ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වෙන්න ඕනෙ. ඒකාකාරී බව නැතිවෙන්න ඕනෙ. හැමදාම දැකල දැකල එපා වෙලා තියෙන නළු නිළියො වෙනස් වෙන්න ඕනෙ. මොන අලුත් ෆිල්ම් ආවත් ඉන්නෙ අර එකම උන් ටික විතරයි. හොලිවුඩ් ෆිල්ම්ස් අපි ඕනෙ වෙලාවක බලන්න ආසා වෙන්න හේතුව ඒකාකාරී බවක් ඒකෙ නෑ. එකම නළුවගෙ ෆිල්ම් හැමදාම එන්නෙ නෑ. දර්ශන දෙකක් තුනක් බලාගෙන යද්දි එපා වෙන්නෙ නෑ.