අපේ කලාවට යන කල... කවද ද?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    එහෙම කියන්නම අමාරුයි.. බොලඳ දේවල් නෙමෙයි. ආදර කතාවුනත් ලන්කාවෙ තියෙන්නෙ එක්තරා රාමුවක් ඇතුලෙ. ඒ රාමුවෙන් පිට යන නිර්මාන අඩුයි. ඉන්දියාවෙත් ඔය තත්ත්වෙ සෑහෙන දුරට තියෙනව. ඒක නිර්මාපකයොන්ගෙ වැරැද්දක් මිසක් කතා තේමාවල ප්‍රශ්නයක් නෙමෙයි. ලන්කාවට ඕන ප්‍රබන්ධ විතරක් නෙමෙයි.

    අන්න වැදගත් point එකක්. අපි එකම රාමුවක් ඇතුලෙ හිරවෙලා ඉන්නෙ කියන එක හරියටම හරි. :yes: අපේ අයට think outside of the box කියන දේ ඇත්තෙම නෑ. එකක් කලාට පස්සෙ ඒකම ආයෙ ආයෙ කරනව. ඊට වඩා දෙයක් හිතන්න යන්තම්වත් උත්සාහ කරන්නෙ නෑ. මේ දේ තමා හැදෙන්න ඕනෙ. කතාව විතරක්ම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.

    මොන විදියෙ චිත්‍රපටියක් හැදුවත් කවදා රිලීස් කරන්න පුලුවන් වෙයිද කියලා කවුද දන්නෙ? ෆිල්ම් 50ක් විතර දැනට බ්ලොක් වෙලා තියෙන්නෙ. 2005-06 කරපු ෆිල්ම්ස් පවා සමහර ඒවා තාම පෝලිමේ ඉන්නව. :sorry::sorry:

    ඔව්. ඔන්න ඔය ප්‍රශ්නෙ මචං අපේම අවාසනාවකට තියෙන දෙයක්. වැඩි බලය තියෙන එකා හැමදාම අනිත් උන්ව පාගගෙන දෙයක් කරන්න නොදී උන්ගෙ ඒවම ඉස්සරහට දාගන්නව. මේවගේ දේවල් වලින් නව නිර්මාණ කරන්න ආසාවෙන් ඉන්න උන් ජීවිතේ එක්කම කල කිරෙනව. ඒක බලෙන් කලකිරවීමක්. :(:( මේක ලොකු අපරාධයක් ඇත්තටම. ඕකට වෙන ක්‍රමයක් හැදෙන්න ඕනෙ. මිනිස්සුන්ට තමන් කරපු නිර්මාණ පෙන්නන්න මීට වඩා අවස්ථාවල් බිහි වෙන්න ඕනෙ. :dull:
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    සහතික ඇත්ත බන් කතාව...

    සිංදු ගත්තත් අඩාගත්තු ගමන් කියන එවා ඔක්කොම.........
    මවු ගුණ ගී, රට ගැන කියවෙන එවා, සදහම් ගී මොනවත් නෑ.....
    ඔක්කොම පල් හෑලී තමයි තියෙන්නෙ.....
    මේක කලාවේ විතරක් නෙවෙයි ඕනම ක්ෂේත්‍රයක් ගත්තත් කඩා වැටීමක් තමයි තියෙන්නෙ.......
    රටක මිනිස්සුන්ගේ ආර්තික,සමාජ තත්වය පහල බහිනකොට කලාව විතරක් සුරකෙයි කියල හිතන්නේ බෑ,..........

    පල් හෑලි තමයි මචං වැඩි.... :yes::yes::yes::yes::yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    With-You-Withut-You.jpg

    meka download karaganna ho balanna kramayak kiyapan :nerd: salli deela hari kamak na. :nerd: DVD, blueray
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඇයි බන් දූ දරුවෝ,නෑදෑයෝ,සෙනෙහෙවන්තයෝ..පොඩි කාලෙ හැමෝම එකට ඉඳන් ආසාවෙන් බලපු නාට්ය බන් :(

    මේකට දෙයක් එකතු කරන්න කැමතියි.

    දූ දරුවෝ... නෑදෑයෝ... සෙනෙහෙවන්තයෝ.... කියන්නෙ හොඳ ටෙලි ඩ්‍රාමා තමයි. ඒවා ගොඩක් ජනප්‍රිය වුණ බවත් ඇත්ත.

    ඒත් ඒ වගේ කතා වලින් තමයි මචං ලංකාවේ අලුතින් හිතන නිර්මාණ බහින්ඩ පටන් ගත්තෙ. මේ ඔක්කොම පවුල් අවුල් කතානෙ. ටෙලි හදන කට්ටිය බැලුව අඩේ මේක මරු ක්‍රමයක්නෙ. පවුල් අවුලක් අරං කොටස් 100 200 කතා හදල පෙන්නනව. හරි ලේසියි.! තාමත් මේ පවුල් අවුල් පෙන්නන එකෙන් වෙනස් දේවල් කරන්න ගොඩ දෙනෙක් ට්‍රයි කරන්නෙ නෑ නේද? ඒ කාලෙ නම් සතියකට සැරයක් නෙ කතාව ගියේ. දැන් කොහොමද...? හැමදාම හරි ඉහලින් පෙන්නනව නේද? කොහොමද අපේ කට්ටිය මිනිස්සුන්ගෙ ඔලුව ලස්සනට කන හැටි. :(:(:(

    ඉඳල හිටල තමයි සති අන්තෙ වගේ එකක් දකින්න හම්බ වෙන්නෙ. නැත්තං cartoon එකක් බලන එක ඊට වඩා හොඳයි.
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඔව් මචන් එක්කෝ ෆිල්ම් එකක් ගත්තොත් එක්කෝ දෙමල කොපියන් නැතිනම් හින්දි කොපියක්අඩු ගානේ සින්දු ටික වත් මුන්ට හදාගන්න බැ තනිකර කොපි කරන්නේ එක්කෝ හින්දි නැතිනම් දෙමල බිට් එකට සිංහල වචන ටිකක් රිංගවන එක

    හරියටම හරි මචං.

    දැන් බලන්න.. මේ ළඟදි ආවනෙ ගොඩක් ජනප්‍රිය සින්දු ටිකක් Aashiqui 2 හින්දි ෆිල්ම් එකේ. ඒකෙ සින්දු ගොඩක් ලස්සනයි. අපි හරි ආසයි එහෙම අහන්න. දැන් ඒකට සිංහල වචන දාලා එකක් හදල තියෙනව ලු කියල ආරංචියක් ආව.

    දැන් මම අහන්නෙ... මොකද්ද ඒ සින්දුවට සිංහල දාලා ආයෙම කියන එකේ තේ‍රුම ? හින්දි සිංදුව දැනටමත් හැමෝම ආසාවෙන් අහනව. දැන් ඒක අර සිංහලෙන් මොකෙක් හරි කියල ඒකෙ තියෙන ගතියත් එක්ක නැති කරනව. එහෙම කියල සිංදු කියන එක්කෙනා ඒකෙන් ජනප්‍රිය වෙන්න බලනව. මේකට ද නව නිර්මාණ කියන්නෙ.? :no::no::no:
     

    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    athha ban uba kiyana eka.ape ponsilage oluwata enne oya wage pal hali thamai.mama num tv balannema nathi tharam.

    mama balapu patta tv series ekak thamai breaking bad.lankawe num ee wage tv series kalpayak giyath hadenne naa
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    athha ban uba kiyana eka.ape ponsilage oluwata enne oya wage pal hali thamai.mama num tv balannema nathi tharam.

    mama balapu patta tv series ekak thamai breaking bad.lankawe num ee wage tv series kalpayak giyath hadenne naa

    :yes::yes::yes:
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    මුලින්ම ලන්කාවෙ කලාකාරයෙක්ට තියෙන පැවැත්ම මොකක්ද? අඩු තරමෙ හොඳ සමාජ පිලිගැනීමක්වත් තියෙනවද? එහෙම හැකියාව තියෙන අයට අනිත් මිනිස්සු කියන්නෙ ඕවා කරලා ගොඩයන්නෙ කොහොමද? ඕවා අතෑරලා ජොබක් කරගෙන හිටපන් කියල. පුද්ගලිකවම මටත් ඔය අත්දැකීම තියෙනව. ලන්කාවෙ කලාව සුරක්ෂිත නෑ. ඒ නිසා දක්ෂයො බිහිවෙනව අඩුයි. මිනිස්සු උදව් කරනව අඩුයි. ලන්කාවෙ තාක්ශනේ සහෙන්න පල්ලෙහා මට්ටමක තියෙන්නෙ. අඩු තරමෙ ෆිල්ම් ශූට් කරන්න හොඳ ස්ටුඩියෝ එකක්වත් නෑ. හැබැයි ඒක කලාකරුවෙක්ට නිදහසට කාරනයක් වෙන්නෙ නෑ. ඒක මම පිලිගන්නව. හොලිවුඩ් තාක්ෂනේට යන්න කලින් අඩු තරමෙ බොලිවුඩ් කොලිවුඩ් වලට වත් ඉහලින් ඉන්න පුලුවන් කමක් තියෙන්න ඕන. උදාහරනයක් විදියට කොරියන් සිනමාව කියන්නෙ 96ට කලින් බින්දුවටම වැටුනු කර්මාන්තයක්. ඒවුනාට වර්තමාන කාලෙ තමයි කොරියන් සිනමාවෙ ස්වර්ණමය යුගය.හැම කතාවක්ම එකට එකක් වෙනස්.නැවුම් අර්ථාන්විතයි. අන්න ඒකයි වැදගත්කම තාක්ෂනේ විතරක් තිබුනට ෆිල්ම් වලට මදි. කොඳ කතා තේමාවන් තියෙන්නත් ඕන. සුපිරි තාක්ෂනේ එක්ක ආපු හොලිවුඩ් ෆිල්ම් වුනත් ස්මහර වෙලාවට ෆ්ලොප් වෙනව.

    ලන්කාවෙන් කලාව තුරන් වෙන්නෙ නෑ. වෙන්නෙ ශීලාන්කීය කලාව තුරන් වෙන එක විතරයි. කලාකාරයට සමාජයෙ තැනක් නැතිවුනාට කලාව රසවිඳින්න පුලුවන් ඕන තරම් අය ඉන්නව. ඒ අයටයි හරි දෙයක් දෙන්න ඕන. ඒවගේම මිනිස්සුන්ගෙ ආකල්පත් වෙනස් වෙන්න ඕන.

    ඔය 77 ස්ටාර්වෝස් වගෙ එකක් මෙහෙ කලොත් මිනිස්සු බලන්න එයි කියලා හිතෙනවද? මමනම් හිතන්නෙ නෑ.ලන්කාවෙ ප්‍රේක්ෂකාගාරය එච්චරම විද්‍යා ප්‍රබන්ධ/සුපිරිවීර චරිත වලට සමීප නැහැ. ඒ නිසා කැප්ටන් පිලිප් විදියෙ නාට්‍යමය ෆිල්ම්ස් තමයි ලන්කාවට හොඳ.

    :yes::yes::yes::yes::yes:
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    බලන්න...
    සුපිරි ෆිල්ම් එකක් විදහට හදල නැති වුණත්... යම් දෙයක් කරන්න උත්සාහ කරල තියෙනව නේද? :yes:



     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    ලංකාවේ අපිට ආඩම්බරයක්වෙන්න.. දඬුබස්නාමානය... වෙදහාමිනේ... වගේ කතා ආපු යුගයක් ආයෙත් උදා වෙනව නම්... අපි කවුරුත් කැමතියි.!

    අවාසනාව කියන්නෙ මචන් මේ තරම් ම නැති උනත් පට්ට Tele Dramas ගියත් ලංකාවේ තනකොළ නොකන හරක් ඒවා නොබැලීමයි.උන්ට බලන්න පුන්චි රස කතා තියනව නෙහ්!:sorry:
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    එළකිරි කොල්ලෙක්;16213679 said:
    ලංකාවේ අපිට ආඩම්බරයක්වෙන්න.. දඬුබස්නාමානය... වෙදහාමිනේ... වගේ කතා ආපු යුගයක් ආයෙත් උදා වෙනව නම්... අපි කවුරුත් කැමතියි.!

    අවාසනාව කියන්නෙ මචන් මේ තරම් ම නැති උනත් පට්ට Tele Dramas ගියත් ලංකාවේ තනකොළ නොකන හරක් ඒවා නොබැලීමයි.උන්ට බලන්න පුන්චි රස කතා තියනව නෙහ්!:sorry:

    ඒ කතාවෙත් ඇත්තක් තියෙනව මචං. :yes::yes::yes: Thanks.