අපේ කාලයේ බල්ලෙක්
අපේ කාලයේ බල්ලෙක්
හුරතල් කළෙමි බල්ලෙක්
උකුලේ තබා ගනිමින
නාවමින
සෝදවමින
හිස
පිරි මදිමින
දෙමින් වෙනමම කෑම බීම
නිදා ගන්නටද වෙනම ඇඳක් තනමින
අපේම නෑදෑයෙක් පරිද්දෙන්
අපේම සහෝදරයෙක් පරිද්දෙන්
ඒත් අද පාන්දරම
ඌ ඇවිත් මගේ තුරැලටම
කොඳුරයි රහසක් මුහුණ ලෙව කමින
මස් කට්ටක රස පහස අයැදිමින
නිදාගන්නටත් මගේ ඇඳම
ඌටත් අවැසි බව පවසමින
මාලන් විදානපතිරණ
අපේ කාලයේ බල්ලෙක්
හුරතල් කළෙමි බල්ලෙක්

උකුලේ තබා ගනිමින

නාවමින

සෝදවමින

හිස
පිරි මදිමින
දෙමින් වෙනමම කෑම බීම

නිදා ගන්නටද වෙනම ඇඳක් තනමින

අපේම නෑදෑයෙක් පරිද්දෙන්

අපේම සහෝදරයෙක් පරිද්දෙන්

ඒත් අද පාන්දරම

ඌ ඇවිත් මගේ තුරැලටම

කොඳුරයි රහසක් මුහුණ ලෙව කමින

මස් කට්ටක රස පහස අයැදිමින
නිදාගන්නටත් මගේ ඇඳම

ඌටත් අවැසි බව පවසමින

මාලන් විදානපතිරණ