අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,584
    21,158
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    CongratZ!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ දවස් වල ගමයා මලක් වගේ මලපහ අතගානව ඇති පොඩ්ඩගෙ.. මලක් වගේ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුතා ලැබිලා දවස් තුන හතරක් උනත් මට ගැලවීමක් නැති උනා අන්තිමේදී නේ ... මේ කොලු කුමාරයා නිසා
    තැන්ක්ස් බන් සුබ පැතුමට ..

    විවාහය කියන දේ සිහිනයක් වෙලා තිබ්බ මට එක සැබෑවක් කරගන්න උදව් කරේ මගේ බිරිද සහ පවුලේ උදවිය .. දෙපැත්තෙන්ම හුගක් උදව් කරා. ලොකු විවාහ උත්සවයක් ගත්තේ නැති උනත් රෙජිස්ටර් කරන එක බොහොම චාම් විදියට ගත්තා . යාළුවෝ අදටත් මාත් එක්ක තරහා නැත්තේ එකට පවුලේ උදවිය විතරක් සහභාගී වීම නිසා

    ඇත්තම කතාව සල්ලි වියදම් කරලා වෙඩින් එකක් ගන්න තරම් වත්කමක් තිබ්බේ නැ . අඩුම තරමේ වයිෆ් ගේ මුද්ද හදන්නත් සල්ලි තිබ්බේ නැ .

    එකට මට උදව් කරේ අපේ එලකිරියේම සාමාජිකයෙක් උන San1020 . උට විස්තරේ කිව්වා ගමන් මට සල්ලි දැම්මා එහෙට යවන්න ඒ වැඩේට ඉතුරු සල්ලි ටික මම යැව්වේ loan එක පාස් කරගෙන .................

    ඊට පස්සේ විවිද දුක් කම්කටොලු මැද ජිවිතේ ගෙවුනා ..... ළමයෙක් හදන්න ඕන අවස්ථා ඕන තරම් සහ උවමනාව තිබ්බත් අපි දෙන්නටම බයක් තිබ්බා අපිට එකට මුහුණ දෙන්න පුළුවන් වෙයිද කියලා. එත් අන්තිමේදී අපි තීරණය කරා ඒ දෙයට යන්න

    එච්චර ලොකු සැලසුමක් තිබ්බේ නැ .. තව හුගක් සිද්දි උනා ඔය අතරේ .......

    වැඩ කරන තැන උන සිද්දියක් සහ අසාධාරණයක් නිසා මම අස්වීමේ ලිපිය භාරදුන්නා. ඒ දවසේ උදේ ඉදන් වයිෆ් කියා කියා හිටියේ ඇගේ වෙනසක් තේරෙනවා Periods හැදුනෙත් නැ කියලා .. එයා lab එකක වැඩ කරන නිසා මම කිව්වා check කරගන්න කියලා. කොහොම හරි හවස මෙයා Pregnant කියලා දැනගද්දී මගේ ජොබ් එක නැති වෙලා ඉවරයි.....

    ගිය අවුරුද්දේ සැප්තැම්බර් ඉදන් අද වෙනකන් තවමත් හරි හැටි ජොබ් එකක් නැ ..... ගිය අවුරුද්දේ දෙසැම්බර් වෙනකන් ගෙදර හිටියේ ජොබක් නැතුව . සල්ලි ටිකක් ඉතුරු කරගෙන හිටිය බබාගේ වැඩ වලට අන්තිමට ඒවා වලින් තමා කන්න වියදම් කරේ ......

    කොහොම හරි ඔය අතරේ වයිෆ් ගේ වියදම් වැඩි උන නිසා පන වගේ තිබ්බ බයික් එකත් විකුනන්න උනා .. එදා මට කදුළු ආවත් වයිෆ් ට නම් ඇඩුනා.

    එත් නෑදෑයෝ ( දෙපැත්තේම ) යාලුවෝ උදව් කරා හැම වෙලාවකම ... ඒ අතරේ සමහර නමට විතරක් ලගින් හිටිය අය ගැනත් දැනගත්තා. :yes:

    ගිය සතියේ සදුදා වෙන කොට මගේ අතේ 1000/- වගේ තිබ්බේ. ඒ අස්සේ වයිෆ් ගේ දිනත් සම්පුර්ණ වෙලා තිබ්බේ. කොහොම හරි අගහරුවාදා උදේ මම බඩු වගයක් ගෙන්න එලියට ගිය වෙලාවේ කෝල් එක ආවා වයිෆ් ටිකක් අමාරුයි හොස්පිටල් අරන් යන්න ඕනේ කියලා. ඒ වෙලාවේ බඩු වගයක් අරගෙන ඉතුරු වෙලා තිබ්බේ 200/- අතේ... දහ අතේ කල්පනා කර කර ගෙදර එනකොට මෙයාගේ cusin අක්ක කෙනෙකුත් ඇවිල්ලා හිටියා .. එයා දුන්න 1000/- තමා ඉස්පිරිතාලේ අරන් ගිහිල්ලා ඒ දවසේ වැඩ ටික කරගත්තේ ......

    ඉතුරු දවස් ටිකේ වැඩ ටික කරගන්න යාලුවෝ දෙන්නෙක් උදව් කරා .. නැත්නම් සදා අනාතයි මම

    කොහොම හරි 04 වෙනිදා කොල්ලා මේ ලෝකෙට ආවා. පලවෙනි පාර දැක්ක වෙලාවේ ඇඩුනා මට......... සතුට වැඩි කමටද මන්ද

    දැන් ගෙදර ඉන්නවා .... වයිෆ් ටත් කරදරයක් නැ. රාගම හොස්පිටල් එකේ Nurse ලගේ head මගේ cusin නිසා වාට්ටුවේ අයත් උදව් කරා සැහෙන්න.

    ජිවිතේ කියන දේ හිතාගන්න බැ. මම කෙල්ලක්ට ආස උනත් හැමෝම කිව්වේ මට හම්බවෙන්නේ කොල්ලෝ කියලා හේතුව නම් දාන්නේ නැ ... මම ආශ්‍රය කරපු ගෑණු ළමයි කිහිප දෙනෙකුත් ඔය කතාව මිට කලින් කියලා තියෙනවා :P

    දැන් කොල්ලත් එක්ක නිදාගන්නේ .. පොරත් එක්ක නැගිටින්නේ .. හරිම වෙනස් ලෝකයක්

    ජේසු පිහිටයි ඔක්කොටම:cool:


    රිදුනා....
    :sorry::sorry::sorry:

    උඹ දන්නවා ඇති නේ මායි අපේ නෝනයි දෙන්නම උඹට ජොබක් සෙට් කරන්න කොච්චර මහන්සි උනාද කියලා..
    උඹේ නරක වෙලාවද අපේ නරක වෙලාවද මංදා බන්.. :(
    උඹ ඉන්න තත්වේ මට හොඳටම තේරෙනවා. මොකද උඹේ චූටි පුතා එන්න දවස් කීපෙකට කලින් අපේ චුටි දුව අපි අතරට ආපු නිසා. :love: :love:

    මේ ෆෝරම් එකට සෑහෙන දේවල් කරන්න පුළුවන් මචන්. ලොවෙත් උඹට වැටෙන්න දෙන්නේ නෑ.. ;) ;) ;) අපි ඉක්මනට එනවා ඔහේ.. :)

    ප.ලි. - උඹට රස්සා හෙවිල්ල ටිකක් මග ඇරුනා බිසී වෙච්චි නිසා. දැන් ටිකකට කලින් යාලුවෝ තුන් දෙනෙකුට සීවී එක යැවුවා උඹේ. විල් හෝප් ෆොර් ද බෙස්ට්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ දවස් වල ගමයා මලක් වගේ මලපහ අතගානව ඇති පොඩ්ඩගෙ.. මලක් වගේ

    අනිත් උන් හෝදන කක්කා නැපි ගැන කතා කරන්නේ නැතුව තමුනුත් කක්කා නැපි හෝදන තැනට වැඩ සිද්ධකරගත්ත නම් මොකෝ...:baffled:
    රිදෙයි..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනිත් උන් හෝදන කක්කා නැපි ගැන කතා කරන්නේ නැතුව තමුනුත් කක්කා නැපි හෝදන තැනට වැඩ සිද්ධකරගත්ත නම් මොකෝ...:baffled:
    රිදෙයි..

    විද්දේ හාවට..ඒත් තවත් හාවෙක්ටත් වැදිලහ්.:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි... කොරලා පෙන්නපන්කෝ වැඩර්ර් නම්..:dull:

    ඇත්තක් උනත් කියන්න වෙලාවක් කළාවක් තියෙනව බ්‍රෝ....
    ඒ් වගේම තමයි වැඩර් වුනා කියල කොරල පෙන්නන්න අවශ්‍ය නැහැ. ඒකටත් වෙලාවක් කළාවක් තියෙනවා. මම ජීවිතේ ගොඩක් දේවල් කරන්නෙ ප්ලෑන් කරල බ්‍රෝ....
    :cool::cool::cool:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්තක් උනත් කියන්න වෙලාවක් කළාවක් තියෙනව බ්‍රෝ....
    ඒ් වගේම තමයි වැඩර් වුනා කියල කොරල පෙන්නන්න අවශ්‍ය නැහැ. ඒකටත් වෙලාවක් කළාවක් තියෙනවා. මම ජීවිතේ ගොඩක් දේවල් කරන්නෙ ප්ලෑන් කරල බ්‍රෝ....
    :cool::cool::cool:

    මම දන්නවා බ්‍රෝ වැඩර් කියලා.. වීලුවට කීවේ බ්‍රෝ..
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    prashna walin goda avith idiriya sthutin gatha karanna lebenna kiyala prarthanak karanawa. hemoma wetena kala enawa machan. ubata uthsahaya thiyenawa kiyala terenawa... keep going...