අපේ ගෙවල් පහුකරන් පහලට යද්දි හතරමන් හන්දියක් තියෙනවා. අපේ ගෙවල් පහු කරන් මීටර් 100ක් 150ක් ගියාම. රෑට මිනිස්සු හූ කියාගෙන දුවනවා බන් සතියට සැරයක්වත්. වාහන එහෙම නවතිනවා රෑට එතන. නොදන්න උන් බැහැල හදන්න ට්රයි කරනවා, දන්න උන් නිවුටල් එකේ ශේප් එකේ යනවා පල්ලමේ. බහින උන් තමා බය වෙන්නෙ. ඊයේ රෑත් කොල්ලෙක් දුවන් ආවා අපේ දිහාට, බුදු ගේ ඉඳගෙන ඉඳලා දැන් ගියේ.. වාහනේ නතර වෙලා බැහැලා බැලුවම වාහනේ ටික ටික ගිහින්.. පස්සේ මීටර් වෙලා තියෙන්නෙ වාහනේ යන්නේ පල්ලමේ නෙමේ උඩහට කියලා. ඇඟේ මොකක් හරි දැවටෙනවත් දැනිලා. ඇපි කට්ටිය ඔතනට දඩ ලයිට් එකකුත් දැම්මා ඒත් ඒකත් නිවෙනවා ඔය සීන් එක වෙද්දි. මොකද්ද බන් මේකට අපිට කරන්න පුලුවන්? පිරිතකුත් කිව්වා, වැඩේ මාස 2ක් නතර උනා දැන් ආයෙම වැඩේ පටන් අරන්.