අපේ ජාතික කොඩිය ගැන දැනගමු Elakiri
1948 ජනවාරි මාසයේ A. සින්නලෙබ්බේ නම් මුස්ලිම් මඩකලපු මන්තී‍්‍රවරයා මැති සබයට යෝජනාවක් ගෙනාවේ ය. ඒ ”මේ දිවයිනේ අන්තිම රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ පාවිච්චි කළ, දකුණු අතින් කඩුවක් අල්ලාගෙන සිටින සිංහයෙකු රතු පසුබිමක හිටගෙන ඉන්නා අයුරු දැක්වෙන 1815 එංගලන්තය පහත දැමු ගිය සිංහ කොඩිය නිදහස් ලංකාවේ නිල කොඩිය වශයෙන් භාවිතා කළ යුතුය” යන්න ය.
1815 පහත දමන ලද ශ්‍රී ව්ක්‍රම රාජසිංහ යුගයේ කොඩිය
මහා වංශය ඇතුළු අපේ වංශකතා සාහිත්‍යයේ විජය රජුගේ සම්භවයට අදාළ මේ සිංහයාගේ සුලමුල කි‍්‍රස්තු පූර්ව 6 වැනි 7 වැනි ශතවර්ෂ කරා ඇදීයයි. සිංහ රූපය රාජ්‍යත්වයේ ප්‍රතාප බව නිරූපණය වන ධජයකට ආරූඪ කිරීමේ ගෞරවය දුටුගැමුණු රාජ්‍ය කාලයට ආරෝපණය කෙරේ.
දුටුගැමුණු රජුගේ කොඩිය වශයෙන් සැලැකෙන මේ කොඩිය අද දඹුලු මහා විහාරයේ දැක බලාගත හැකි ය. ඒ දුටුගැමුණු රජුගේ යැයි සැලැකෙන විජයග්‍රාහී පෙහහැරක ය. සතුරා පරාජයි.
දඹුලු බිතු සිතුවම්වල දැක්වෙන දුටුගැමුණු රජු පාවිච්චි කළසිංහ කොඩිය මෙය යැයි සැලැකේ.
6 වැනි පරාක්‍රමබාහු රාජාභිෂේකයේ දී මෙය කෝට්ටේ ශ්‍රී ජයවර්ධන පුරය මත ලෙළ දුන් බව කියැවේ. ඒ සපුමල් කුමරු යාපනේ අල්ලාගත් 15 වැනි ශතවර්ෂයේ දී ය. 17 වැනි ශතවර්ෂයේ දී නැවත සඳහනකි. ඒ දෙවෙනි රාජසිංහයින්ගේ අභාවය සනිටුහන් කරමින් ලන්දේසීන් කොළොම්පුරයේ දී පැවැත්වූ රැස්වීමකදී ය.
එහි පැමිණ සිටි බෙල්ජියන් වෛද්‍යවරයකු සිංහ කොඩිය එහි ලෙළ දුන් අන්දම විස්තර කරන්නේ සිය දේශාටන වාර්තාවේය. මෙසේ මේ සිංහ කොඩියට වසර දෙදාස් එකසියයකට අධික ආයු කාලයකි. කෙසේ වුවද 1815 සිට 1948 දක්වා එය ලංකා ගුවන් ගැබෙන් අතුරුදහන් විය.
සිංහ කොඩියට අපල කාලය උදාවූයේ 1803 සිට ම ය. එකල රජ කළේ ශ්‍රී වික්‍රම රාජසිංහයන් ය. දරුණු සිංහල ඉංග්‍රීසි යුද ගැටුමක් දෙපක්ෂය අතර ඇති වූයේ හංවැල්ලේදීය. ලෙව්කේ දිසාවගේ අභාවයේ හිස බිල්ලට ගත්තේ ද මේ යුද්ධයේ ය.
ඒ සුද්දන් විසින් නොවේ. අපේ ම ඈයන් විසිනි. මේ යුද්ධයේදී සිංහල හමුදාවේ පෙරමුණේ ඔසවාගෙන ගිය සිංහ කොඩි තුනක් 51 වැනි බිරිතනි රෙජිමේන්තුවේ අධිපති මේජර් පොලොක් විසින් පැහැර ගන්නා ලදී. ඒ ධජවල ගමනාන්තය වූයේ එංගලන්තයයි.
1815 රොබට් බ්රවුන්රිග් මුළු දිවයින ම අල්ලාගත් පසු නැවතත් සිංහ කොඩිය පැහැර ගෙන ඔවුන් ව ද, සිංහාසනය ද, රජ හා බිසෝ ඇඳුම් ද නැවත එංගලන්තයට නැව් නැංවීය. රදළ පවුල්වල ඇත්තන් පාවිච්චි කළ ඉතා ම වටිනා ආභරණ ද ඒ සමඟ විය. ඒවා පසු ව එහි වෙන්දේසියක විකිණී ය.
මේ අතර එංගලන්තයේ යුනියන් ජැක් ධජය අපේ උත්සවවල භාවිත වූයේ චන් මෙහි නිල ධජය එය බැවිනි. 1815 දී මහනුවර මඟුල් මඩුව ඉදිරියේ එය ගුවනට නැංවූයේ සිංහ කොඩිය පහතට හෙළීමත් සමඟ ය.
එංගලන්තයට ගෙන ගිය මේ සිංහ කොඩිය නැවත සොයා ගැනීමද රසවත් කතාවකි. එහි කතානායකයා ඊ.ඩබ්ලිව්.පෙරේරා මහතා ය.
1915 මාෂල් ලෝ කාලයේ එකල ආණ්ඩුකාරයා වූ චාමර්ස් ට විරුද්ධ ව ගතු කියමින් එංගලන්ත රජය වෙත පෙත්සමක් සිය සපත්තුවේ සඟවාගෙන ගියේ මොහු ය. ඉංග්‍රීසින් ලංකාවෙන් රැගෙන ගිය ධජ තුන සොයමින් ඔහු එහිදී වෙහෙස විය. රට පුරා ඇවිද්දේ ය. අන්තිමේ දී ලන්ඩනයේ චෙල්සි නම් වූ යුද ආරෝග්‍ය ශාලාවේ ඒ ධජ තැන්පත් කර ඇති බව දැනගැනීමට ලැබිණි.
හනික එහි ගිය ඔහුට ධජ දෙක ම සොයාගත හැකි විය. මෙතෙක් ඒවා මෙහි ගෙන ඒමට අවසර නොලැබිණි. ඔහු කළේ සවුත්වුඩ් නම් චිත්‍ර වෘත්තික සමාගමක් ලවා එම එක් කොඩියක අනුරුවක් සකස් කරවීම ය.
EW Perera
එංගලතෙට ගෙනියන ලද සිංහකොඩි තුන 1940 රාජකීය චෙල්සි රෝහලේ තිබෙන අයුරු. ඉතා දිරාපත්ව ඇත.
All these flags had been bundled together and deposited in a dungeon during World war II and were subsequently destroyed as they were beyond repair.
ශ්‍රී ලංකාව 1948, පෙබරවාරි 04 වැනි දින තම නිදහස මහා බ්‍රිතාන්‍යයෙන් ලබා ගත් අවස්ථාවේ නැවතත් ඔසොවන ලද්දේ අවසන් ශ්‍රී ලංකා රජ භාවිතා කළ එකී සිංහ කොඩිය වේ.
නිදහස් ලංකාවේ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතා නව ජාතික කොඩියක් සැලසුම් කිරීම පිළිබඳ ව රජයට උපදෙස් දීම සඳහා කමිටුවක් පත් කළේය. 1950 පෙබරවාරියේදී එම කමිටුව අනුමත කළ සැලැස්මෙහි කඩුව අතින් ගත් සිංහ සංකේතයක් බෝ කොළත් ඒ අයුරින්ම රඳවා කොළ පාට සහ කහ පාට සිරස් තීරු දෙකක් අලුතෙන් එකතු කෙරිණි. ජාතික කොඩිය පිළිබඳ කමිටුවේ අචසාන නිර්දේශ 1950 පෙබරවාරි 13 චෙනිදා පාර්ලිමේන්තුවට යෝජනා කොට . 1951 පෙබරවාරි 27 වෙනිදා පාර්ලිමේන්තුවේ දී සභාගත කොට 1951 මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුවේ සභා සම්මත වී 1951 මාර්තු 31 වෙනිදා පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපිට ප්‍රධාන කොඩි ගසේ නිදහස් ශ්‍රී ලංකාවේ නව ජාතික කොඩිය ගරු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසින් ඔසවන ලදි. නව ජාතික කොඩිය සම්මත වීමෙන් අනතුරුව ප්‍රථම වරට නිදහස් උත්සවයකදී ඔසවනු ලැබුවේ 1952 පෙබරවාරී 4 වැනිදා ය. 1972 දී කොඩියේ රතු මුලු හතරේ තිබූ සම්ප්‍රදායික බෝපත් ලාංඡන වෙනුවට නිවැරැදිව බෝපත් හතරක් එකතු විය.
01.කහ පාට සිංහයා- සිංහල ජාතීයත්, සිංහල ජනතාවගේ විනය ගරුකබව , නිර්භීතකම, අභිමානය නායකත්වය, සාධාරණත්වයත්, විදහා දක්වයි.
02.කහ පැහැ අසිපත- ධාර්මිකච ද නීත්‍යනුකූලව ද යුක්තිගරුකව ද රට පාලනය කරමින් මච් බිමේ ආරක්‍ෂාච උදෙසා නැගී සිටීම.
03.බෝපත් හතර- මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම චිහරණ ඇතුලු සියලු ආගම්චලට ගරු කිරීමේ උතුම් ගුණය.
04.තද රතු/මෙරුන් පාට කොටස-ශ්‍රී ලාංකික සියලු ජනතාචගේ ජිච රුධිරය සහ පුරාණ සිංහල රාජකීය ධජයේ නියෝජනය.
05.කොළ/හරිත හා තැඹිලී/රඹ පැහැ සිරස් පටි දෙක-දෙමළ,මුස්ලිම්,බර්ගර්,මැලේ,ජා,චතු දෙමළ යනාදි සියලු සුඵ ජාතීන් නියෝජනය.
06.එක සමාන පළලකින් චු කහ පටිය-ජාතික කොඩියේ සියලු කොටස් එකට බැදී තිබේ.සියලු ජාතීන් අතර එකමුතුච. සාමය,ප්‍රඥාච හා අන්‍යෝන්‍ය අචබෝධය පැහැදිලි කරයි.
07.සිංහයාගේ හිසේ කේශර හා චලිගයේ නැවුණු ඉහල කොටස- මෙම කොටස් දෙක එක සමාන මට්ටමේ පැචතීමෙන් පාලකයා හා රටවැසියන් අතර සමානත්මතාච පැචතීම සහ මැදි පිලිචෙතට ගරු කිරිම.
ජාතික කොඩිය භාවිත කළ යුතු ආකාරය
1. ජාතික කොඩිය කිසිදු විටක පොළවට සමතලාව සිටින සේ හෝ තිරස් ලෙස රැගෙන නොයා යුතු අතර සෑම විටම යෂ්ටිය ඍජුව සිටින සේ ගෙන යා යුතුය.
2. ජාතික කොඩිය ,වෙනස් කොඩි සමග පෙරහැරක ගෙන යන විට එය තිබිය යුත්තේ පෙළපාළියේ දකුණු පසින් වන අතර වෙනත් කොඩි පෙළක් ඇත්නම් එම කොඩි පෙළේ මැදට ජාතික කොඩිය ගෙන ආ යුතුය.
3. කිසිවක් හෝ කිසිවෙකු වෙනුවෙන් ජාතික කොඩිය මද වශයෙන් හෝ පහත් නොකළ යුතු ය.
4.කිසිදු අවස්ථාවක ජාතික කොඩිය බිම නොතැබිය යුතුය.
5. ජාතික කොඩිය ඔසවන අවස්ථාවක දී සීරුවෙන් සිට එස විය යුතු අතර සියලු දෙනාම නැගී සිටිය යුතුය.
6. ජාතික කොඩිය එස වූ විගස ජාතික ගීය වාදනය හෝ ගායනය සිදු කළ යුතු අතර වෙනත් කිසිදු සංගීත භාණ්ඩයක් වාදනය නොකළ යුතුය.
7.හානියට පත් වූ හෝ අවලක්ෂණ වූ ජාතික කොඩියක් ප්‍රදර්ශණය නොකළ යුතු අතර ජාතික කොඩියට ඉහළින් වෙනත් කිසිදු ධජ ,පතාක හෝ සැරසිලි නොතිබිය යුතුය.
8.ජාතික කොඩිය කිසිදු අවස්ථාවක අසින ඇදුමක් ,ඇතිරිල්ලක් ලෙස භාවිත කළ නොහැකි අතර රාජ්‍යය / හමුදා අවමංගල්‍යයවලදී ආස්තරණයක් ලෙස භාවිත කළ හැකිය.
9.ජනපති ආඥාව යටතේ යුද හමුදා රෙජිමේන්තුවලට සිදු කරන ජනපති වර්ණ ප්‍රදානයක දී හැර කිසිම සලකුණක් ,ලාංජනයක්,වචනයක්,රූපයක් ජාතික කොඩිය මත නොතැබිය යුතුය.
10.ජාතික කොඩියේ කුමන හෝ නිරූපනයක් අවසර රහිතව භාවිත කිරීම ද තහනම් වේ .
පැරණි දජ නිරුපනය කරන vedio ව පහතින් බලන්න
එල නම් සලකල යන්න

Last edited: