අපේ දක්ශයෙක්ගේ අතින් Windows ඇප්ලිකේශනයක් එලිද

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අපේ දක්ශයෙක්ගේ අතින් Windows ඇප්ලිකේශනයක් එලිද

    අපේ දක්ශයෙක්ගේ අතින් ගන්න දේශීය දේ Windows ඇප්ලිකේශනයක් එලිදකී


    බ්‍රවුසරයකට අතවත් නොතියා... ඩෙස්ක්ටොප් එකේ ඉදන්ම වෙබ් අඩවිය කියවන්න නවතම සොයාගැනීම..


    ඉන්ටර්නෙට් ඩේටා ඉතිරි කරයි....ඔබේ ඉන්ටර්නෙට් බිල අඩු කරයි..


    ලංකාවේ වෙබ් අඩවියක් සදහා මෙවැන්නක් නිර්මණයවූ ප්‍රථම වතාව ලෙස මෙය හැදින්විය හැක.
    මෙම ඇප්ලිකේශනය සාමාන්‍ය පරිගණක සදහා නිර්මාණය වූ වින්ඩෝව්ස් ඇප් එකකි.windows xp,7 හා windows 8 සියලුම මෙහෙයුම් පද්ධති මේ සදහා සහාය දක්වන් අතර විශාලත්වය 4MB ක් වැනි ඉතා කුඩා ප්‍රමාණයකි.

    මෙමගින් ඔබට අප වෙබ් අඩවිය,බ්‍රවුසරයක් ඕපන් කිරීමකින් තොරව කෙලින්ම ඔබේ පරිඝනකයෙන් ඉතා පහසුවෙන් නැරබිය හැකි වේ(එක ක්ලික් එකකින්).එමගින් ඔබට වැයවන ඩේටා ප්‍රමාණයද අඩු වන අතර ලිපි ඉතාමත් ඉක්මනින් දර්ශනය වීමද සිදුවේ.මෙහි වෙබ් අඩවියේ පුවත් වල පෙලගැස්ම දිස්වන අතර ඔබේ කැමැත්ත අනුව අවශ්‍ය ලිපිය ක්ලික් කල විට එහි සාරංශයක් දිස්වේ,තවදුරටත් ලිපිය කියවීමට අවශ්‍ය නම් ඔබව අපගේ වෙබ් අඩවියට යොමුකෙරෙනු ඇත.පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න -

    http://sourceforge.net/projects/gannadeshiyade/files/setup.exe/download

    මෙහි මුල් පිටුවෙන්ම අපගේ ෆේස්බුක් පිටුවට පිවිසිය හැකි අතර.අලුත් ලිපියක් වෙබ් අඩවියේ පලවූ විගස නොටිෆිකේශන් එකක් මගින් ඔබට එය දැකගත හැකි වීම මෙහි ඇති වැදගත්ම විශේෂාංගයකි.

    මෙහි settings මෙනුවට පිවිස ,ඔබට දිස්වන ලිපි ප්‍රමාණය 10යේ සිට 11,12.. ලෙස වෙනස් කරගත හැකි අතර ඔබ කැමති colour theme එකක්ද වෙනස් කරගත හැකිවේ.මෙහි වර්ණ සංකලන 7පමණ අන්තර්ගත වේ.

    මෙය safire music playerය නිර්මාණය කර දේශාන් අලහකෝන්ගේ තවත් සුපිරි නිමැවුමකි.


    1082144_10201832544041144_250269370_n.jpg

    අලුත් ලිපියක් වෙබ් අඩවියේ පලවූ විගස නොටිෆිකේශන් එකක් මගින් ඔබට එය දැකගත හැකි වීම මෙහි ඇති වැදගත්ම විශේෂාංගයකි.

    d.JPG

    මෙහි settings මෙනුවට පිවිස ,ඔබට දිස්වන ලිපි ප්‍රමාණය 10යේ සිට 11,12.. ලෙස වෙනස් කරගත හැක



     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල
    අපේ රටේ කොච්චර නම් දක්ෂයෝ ඉන්නවද, ඉංග්‍රීසි දැනුම අඩු නිසා වගේම කව්රුත් අත දෙන්නේ නැති නිසා ඒ අයට උඩට එන්න බැරුව ඉන්නේ.