අපේ නළුනිළියන් රඟපා ඇති විදෙස් චිත්‍රපටි

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අපේ නළුනිළියන් රඟපා ඇති විදෙස් චිත්‍රපටි

දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වෙච්ච දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහොමයක්ම අපිට ඉන්නවා. අපේ නලු නිළියන් අතරින් නමගිය විදෙස් නිර්මාණ වලට දායක වෙන්න ලැබිල තිබෙන්නෙ ඉතා සුලු පිරිසකට පමණයි.

COPIED FROM maarai.lk


1. Indiana Jones and the Temple of Doom (1984)
foreignfilmact-01.jpg

රඟපෑ නලු නිළියන් – ඩී.ආර් නානායක්කාර, දෙනවක් හාමිනේ, රූබී ද මැල්, අයිරාංගනී සේරසිංහ

ලෝ පතල සිනමාකරු ස්ටීවන් ස්පිල්බර්ග් ඔහුගේ Indiana Jones චිත්‍රපට මාලාවේ දෙවැනි චිත්‍රපටය වන Indiana Jones and the Temple of Doom චිත්‍රපටය කරන්න තෝරාගන්නේ ශ්‍රී ලංකාවයි. ඉන්දියාවේදි සිදුවන සිදුවීම් පෙළක් රැගත් චිත්‍රපටි කතාවක් උනත් චිත්‍රපටිය නිසා යම් යම් ආගමික ප්‍රශ්න ඇතිවේවි කියා තමයි ශ්‍රී ලංකාව මේ සඳහා තෝරාගනු ලබන්නෙ.
මේ චිත්‍රපටයේ මුල් භාගයේදීම අපිට අපේ ප්‍රවීණ නලු නිළි කැළක්ම අපිට දැකබලාගන්න ලැබෙනව. නම් වශයෙන් කිවුවොත් ඩී.ආර් නානායක්කාර, දෙනවක් හාමිනේ, රූබී ද මැල්, සහ අයිරාංගනී සේරසිංහව. අණතුරකට මුහුණදෙන ඉන්දියානා ජෝන්ස් අනපේක්ෂිත විදිහට ගොඩබසින ගමක ගම්වැසියන් හැටියට තමයි මේ අයව අපිට චිත්‍රපටයෙන් මුණ ගැසෙන්නෙ. ලොකු කරදරයක වැටිල ඉන්න මේගොල්ලන්ට පිහිට වෙන්න ඉන්දියානා ජෝන්ස් විසින් කරන වීර වික්‍රම තමයි මේ චිත්‍රපටියෙ ඉතිරි හරිය පුරාවටම දිගහැරෙන්නෙ.
2. Water (2005)
foreignfilmact-02.jpg

රඟපෑ නලු නිළියන් – සරළා කාරියවසම්, බුද්ධි වික්‍රම, දයා අල්විස්

2007 වර්ෂයේ හොඳම විදෙස් චිත්‍රපටය හැටියට ඔස්කාර් සම්මානයට නිර්දේශ වෙච්ච මේ චිත්‍රපටය ගැනනම් ඔයාල හොඳටම දන්නවා ඇති. මෙහි ප්‍රධාන චරිතයක් රඟපාමින් අපේ සරළා කාරියවසම් දැරිය එකල අපේ රටට අති මහත් කීර්තියක් ගෙන එන්නටද සමත් උනා. ඒ නිසා ලාංකීය ශිල්පීන් රඟපෑ චිත්‍රපටි අතරින් මේ චිත්‍රපටිය අපිට ඉතා විශේෂයි. ඉන්දියානු සමාජය පදනම් වූ කතා පුවතක් රැගත් මෙහි සරළාට අමතරව බුද්ධි වික්‍රම, දයා අල්විස් වැනි ප්‍රවීණ රංගන ශිල්පීන්ද රංගනයෙන් එකතුව තිබුණා.


3. The Spy Who Loved Me (1977 James Bond Movie)
foreignfilmact-03-768x403.jpg


රඟපෑ නලු නිළියන් – ඇල්බට් මෝසස්
ඇල්බට් මෝසස් කියන්නෙ විදෙස් සිනමාවට වැඩි වශයෙන්ම සම්මාදන් වූ ශ්‍රී ලාංකීය රංගන ශිල්පියා කිවුවොත් නිවැරදියි. The Spy Who Loved Me, Octopussy වැනි ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වලටද Doctor Who, Mind Your Language වැනි බටහිර ටෙලිනාට්‍ය වලටද සම්බන්ධ වී ඇති ඇල්බට් මෝසස්ගේ අලුත්ම චිත්‍රපටය The Snarling කියන Zombie කතාපුවතක් රැගත් චිත්‍රපටයක්.
4. මෝහන පුන්නගයි (1981)

foreignfilmact-04-768x403.jpg



රඟපෑ නලු නිළියන් – ගීතා කුමාරසිංහ
අපේ ප්‍රවීණ නිලි ගීතා කුමාරසිංහ කියන්න දමිල චිත්‍රපට ගණනාවකම රඟපා ඇති නිළියක්. 1981 තිරගත වූ මෝහන පුන්නගයි කියන චිත්‍රපටයට එකතුවෙමින් තමයි ඇය මුලින්ම දමිල චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපාන්න වරම් ලබන්නෙ. ද්‍රවිඩ සිනමාවේ දැවැන්තයෙකු වූ සිවාජී ගනේෂන් සමග තමයි ගීතා ඒ චිත්‍රපටයේ චරිත නිරූපණය කරන්නෙ. පහත දැක්වෙන්නේ ඒ චිත්‍රපටයේ ගීතා කුමාරසිංහ සිවාජී ගනේෂන් සමග රංගනයෙන් එක්වූ ගීතයක්
5. නන්ගූරම්(1979)

foreignfilmact-05-768x403.jpg


රඟපෑ නලු නිළියන් – විජය කුමාරතුංග, සබීතා පෙරේරා
සිංහල සිනමාවේ සදාදරණීය නලු විජය කුමාරතුංග 1979 වර්ෂයේදී රඟපෑ දමිල චිත්‍රපටයක් තමයි නන්ගූරම් කියන්නෙ. තුන්කොන් ප්‍රේම කථාවක් රැගත් මේ චිත්‍රපටයේ විජයට අමතරව අපේ සිනමා නිළි සබීතා පෙරේරාත් රංගනයෙන් එකතුවී තිබුණා. වී කුමාර් නම් ඉන්දීය සංගීතඥයා හා එකතුව ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් මේ චිත්‍රපටයට සංගීතයෙන් දායක වී තිබීමත් විශේෂත්වයක්
6. Into Paradiso (2010)

foreignfilmact-06-768x403.jpg

රඟපෑ නලු නිළියන් – සමන් ඇන්තනි
පාවුලෝ රන්දි නම් ඉතාලියානු අධ්‍යක්ෂකවරයාගේ ඉන්තො පැරඩිසෝ චිත්‍රපටය අපට වැදගත්වන විශේෂ හේතුවක් තිබෙනවා. ඒ තමයි ඒ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ ශ්‍රීලාංකිකයෙක් වීම. ඔහු නමින් සමන් ඇන්තනි. සමන් ඇන්තනි අපේ ප්‍රවීන කළාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ බාල සොහොයුරෙක් වන ඔහුත් තම රංගන හැකියාවන් මනාවට විහිදා දක්වන්න ඒ චිත්‍රපටයෙන් සමත් වී තිබෙනවා. ඉන්තො පැරඩිසෝ චිත්‍රපටයේ ජනප්‍රියත්වයෙන් අනතුරුව තවත් ඉතාලි චිත්‍රපට කිහිපයකටම දායක වෙන්න සමන්ට හැකියාව ලැබිල තිබෙනවා.
7. The Second Jungle Book: Mowgli & Baloo (1997)

foreignfilmact-07-768x403.jpg


රඟපෑ නලු නිළියන්- සුනිල් හෙට්ටිආරච්චි, විජේරත්න වරකාගොඩ
1997 දී තිරගත කල ජංගල් බුක් චිත්‍රපටයක් වන The Second Jungle Book: Mowgli & Baloo විත්‍රපටය ශ්‍රී ලංකාවේ නුවර ප්‍රදේශයේ තමයි රූගත කර තිබෙන්නේ. මේ චිත්‍රපටයේ රික්ෂෝකරුවකුගේ චරිතයක් රඟපාමින් සුනිල් හෙට්ටිආරච්චිත්, දුම්රිය නිලධාරියෙකුගේ චරිතයක් රඟපාමින් විජේරත්න වරකාගොඩත් රංගනයෙන් දායක වී තිබුණා. ඉතා සුලු චරිත දෙකක් වුවත් චිත්‍රපටය නරඹා ඇත්නම් අපේ නලුවන් දෙදෙනාගේ රඟපෑම් ඔබට අනිවා මතක ඇති.
8. Mother Teresa (1997 සහ 2003)
foreignfilmact-08-768x403.jpg


රඟපෑ නලු නිළියන් – රවීන්ද්‍ර රන්දෙනිය, නිම්මි හරස්ගම, දයා අල්විස්, කෞෂල්‍යා ප්‍රනාන්දු ඇතුලු තවත් නලු නිළියන් විශාල පිරිසක්
තෙරේසා මවුතුමියගේ චරිතය ඇසුරින් නිර්මාණය කර තිබෙන චිත්‍රපටි අතරින් දෙකක්ම අපේ ශ්‍රී ලාංකික ශිල්පීන්ගේ දායකත්වය ඇතිව අපේ රටේදී රුගත කරන ලද චිත්‍රපට වනවා. චාලි චැප්ලින්ගේ දියණිය වන ජෙරල්ඩීන් චැප්ලින් තෙරේසා මවුතුමියට රඟපෑ එක් චිත්‍රපටයක් 1997 වර්ෂයේ එළිදක්වා ඇති අතර දෙවැනි චිත්‍රපටය 2003 වසරේදී නිර්මාණය කරන ලද්දක්. මේ චිත්‍රපට දෙක පුරාවටම ශ්‍රී ලාංකික නලු නිළියන් බොහෝ දෙනෙකුගේ රංගනයන් අපිට දැකබලාගන්න පුලුවන්.
ශ්‍රීලාංකීය නලු නිලියන් වැඩිම පිරිසකගේ දායකත්වය ලැබූ විදෙස් චිත්‍රපට හැටියට අපිට මේ මදර් තෙරේසා චිත්‍රපට ද්විත්වය හඳුන්වන්න පුලුවන්.
9. Der Stein des Todes (1987)

foreignfilmact-11-768x206.jpg


රඟපෑ නලු නිළියන් – රවීන්ද්‍ර රන්දෙනිය, අශෝක පීරිස්, රෙක්ස් කොඩිප්පිලි
ජර්මානු ජාතික අධ්‍යක්ෂක ෆ්‍රාන්ස් ජෝසෆ්ගේ Der Stein des Todes චිත්‍රපටය 1987 නිර්මාණය වූවක්. පළිගැනීමේ කතාපුවතකින් සමන්විත මේ චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන තිබෙන අතර අපේ ප්‍රවීණ නලුවන් වන රවීන්ද්‍ර රන්දෙනිය,රෙක්ස් කොඩිප්පිලි සහ අශෝක පීරිස් මෙහි චරිත නිරූපණයෙන් දායක වී තිබෙනවා.
10. දීපන් (2015)

foreignfilmact-13b-768x403.jpg



රඟපෑ නලු නිළියන් – ඇන්තනිදාසන් ජේසුදාසන්
2015 දී තිරගත කල ප්‍රංශ චිත්‍රපටයක් වන දීපන් චිත්‍රපටය එම වසරේ කෑන්ස් චිත්‍රපට උළෙලේ ඉහලම සම්මානය වන පාම් ඩි ඕර් (Palme d’Or) සම්මානය දිනාගනු ලැබුවා. සරණාගතයකු ලෙස ප්‍රංශයට සංක්‍රමණය වී එහිදී ජීවිතය ගොඩනගාගන්නට උත්සාහ කරන LTTE සාමාජිකයෙකුගේ චරිතය වටා තමයි මෙහි කතාව ගෙතී තිබෙන්නේ.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ඇන්තනිදාසන් ජේසුදාසන් කලකට ඉහත LTTE සංවිධානයේ ළමා සොල්දාදුවෙකු හැටියට කටයුතු කළ තැනැත්තෙක් වීමද විශේෂත්වයක්
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
සොහොන;20351769 said:
Kalekata passe hoda tred ekak

Wal pal natuwa mewama dapan digatama

Bump bro


NAGGA BAN UMBE COMENT EKA DAKALA

IKMANATA GEDARA YANNA ONE ADA

WIFE BALAGENA INNAWA BAN .. BANDAA WITHARAI NE THAAMA
 

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    Ela machan. Indiana jones witarai balala tynne. Un eke gothrika bashawa widiyata katha karanne sinhala. Habai eka tama Indiana jones walin chaterma film eka
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එල
    ඉන්දියානා ජෝන්ස් ෆිල්ම් එක බලනකන් දන්නේ නැ,
    ඔහොම සීන් එකක්.
    එකපාරට සිංහල කතා කරද්දී හොල්මන් වුණා