අපේ නාථ දෙවියෝ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    අපේ නාථ දෙවියෝ

    attachment.php
    හින්දු බැතිමතුන්ගේ අප්‍රමාණ ගෞරවයට, පූජාවට පාත්‍ර වුණු ප්‍රධාන දෙවිවරුන් හතර දෙනෙක්‌ ගැන සඳහන් වෙනවා. ඒ තමා ධ්‍රතරාෂ්ට්‍ර, විරූඪ, විරූපාක්‍ෂ හා වෛශ්‍රවණ දෙවිවරු. ඔවුන් දිසාවන් හතරක්‌ බාරව සිටින බලසම්පන්නම දෙවිවරුන් විදියට හින්දුන් විශ්වාස කරනවා. සිංහල බෞද්ධයන්ටත් ඒ විදිහටම දේවාල හතරකට අධිපති දෙවිවරුන් හතර දෙනෙක්‌ ඉන්නව. ඒ තමා නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි කියන දෙවිවරු. නාමල් කුමාර කවිවල එන විදිහට නම් නාථ දෙවියන්ට තමා උතුරු දිග භාර වෙලා තියෙන්නේ.

    උතුරු දිගට ගිය පලුකම් ඉත්තේ

    කාටද දලුමුර දෙන්ඩ පැවැත්තේ

    නාථ දෙවිඳු හට දෙන්ට පැවැත්තේ

    නාථ දෙවිදුගෙන් අවසර ගත්තේ

    මේ කියන නාථ දෙවියන්ගෙ තෙද බල මහනුවර රාජධානි කාලෙදි කැපී පෙනුණ බව සමාජ විද්‍යාඥයොත් තහවුරු කරනවා. විෂ්ණු, කතරගම කියන දෙවිවරුන් හින්දු බැතිමතුන්ගෙන් විශේෂ පූජාවට ලක්‌ වෙනවනෙ. ඒ විදිහටම හින්දු ආගමේ නාථ දෙවියන් ගැනත් විවිධ විශ්වාස තියෙනවා. අවලෝකිතේශ්වර නාථ කියල තමා හින්දුන් මේ දෙවියන් හඳුන්වන්නෙ. විෂ්ණු දෙවියන්ට වගෙම එක එක වෙස්‌ අරගෙන තමයි මේ අවලෝකිතේශ්වර දෙවියනුත් ජනතාවට පිහිට වෙන්නෙ. ජපානය, චීනය වගේ රටවල මේ නමින්ම දෙවඟනක්‌ ඉන්න බව කියනවා.

    නාථ දෙවියන් සිංහල බෞද්ධ ජනතාව අතරට එන්ට ඇත්තේ පොලොන්නරු යුගයට පස්‌සෙ කියල තමා උගතුන් කියන්නෙ. ඔවුන්ගෙ තවත් අදහසක්‌ තමා අවලෝකිතේශ්වර කියන්නෙ විෂ්ණු දෙවියන්ට බව. මේ මතවාද මොනව උනත් අපට පෙනෙන එක්‌ දෙයක්‌ තමා ලංකාවෙත් අවලෝකිතේශ්වර වන්දනාව තිබුණු බව. කුෂ්ට රාජගල ප්‍රතිමාව. අනුරාධපුරෙන් හම්බුවුණ ලෝහ ප්‍රතිමාව, මාලිගාවිල, දඹේගොඩ ප්‍රතිමාව ඒ කාරණයට සාක්‌කි විදිහටත් දක්‌වනව. දෙවන පැරකුම්බා රජ කාලෙ රටේ ලොකු නියං සමයක්‌ ඇවිල්ල තියෙනවා. ඒ වෙලාවෙ මහත් සෘද්ධිබල තියෙන නාථ හා මෛත්‍රී දෙවිවරුන්ට පූජා පවත්වල සෙත් පිරිත් සඡ්ජායනා කරවල දළදා වහන්සේත් නුවර පැදකුණු කරවල වැසි ලබාගත් බව මහාවංශයේ සඳහන් වෙනවා.

    නාථ දෙවියන් හින්දු ද නැත්නම් බෞද්ධ දෙවි කෙනෙක්‌ද කියන විවාදයටත් බොහොම කරුණු කාරණා දක්‌වල තියෙනවා. කොහොම උනත් නාථ දෙවියන් මිනිස්‌සුන්ට වගේම ඉතා කුඩා ප්‍රාණීන්ටත් පිහිට වෙන කාරුණික දෙවි කෙනෙක්‌ බව විශ්වාස කරනව. වැලිගම කුෂ්ටරාජගල රූපය අවලෝකිතේශ්වරගෙ බව තහවුරු කරල තියෙනවනෙ. මේ දෙවියන් කුෂ්ට රෝගීන් සුවපත් කරන බව මහායාන බෞද්ධයන්ගේ විශ්වාසයක්‌ ලු. නාථ දෙවියො මදුරුවන්ටත් පිහිට වුණු දෙවි කෙනෙක්‌ විදිහටත් විශ්වාස කරනවනෙ. ඒ විදිහෙ වෙනින් දෙවි කෙනෙක්‌ ගැන කොහෙවත් සඳහනක්‌ නෑ.

    නාථ දෙවියන් උපශාන්ත විලාසයකින් තමයි නිරූපණය වෙන්නෙ. සුදු පාටින් තමා සිරුර දැක්‌වෙන්නෙ. හිසේ ජටාවක්‌ තියෙනවා. ඒ ජටාවෙ විශේෂත්වය තමා කුඩාම බුද්ධරූපයක්‌ තිබිම. එක්‌ අතක්‌ අභය මුද්‍රdවෙන්. අනික්‌ අත වරද මුද්‍රdවෙන්. පද්මාසනය මත වැඩ හිඳින විදිහටයි දැක්‌වෙන්නෙ. මේ සියලු ලකුණු වලින් තහවුරු වෙන්නේ බොහොම නිවුණු ගතිගුණ තියෙන, ලෝකයාට හිත සුව පිණිස කැප වී සිටින දෙවි කෙනෙක්‌ බවයි. හින්දු බැතිමතුන්ගෙ විශ්වාසය නම් මේ අවලෝකිතේශ්වර නාථ කියන්නෙ ලෝකයම බලා වැඩ වදාරන්නා වූ යන තේරුමයි. නාථ දෙවියන් ජනතාවගේ නිරෝගී සුවය සඳහා කැප වී සිටින බවටත් විශ්වාසයක්‌ තියෙනවා.

    නාථ දෙවියන් ඇදහීම පිළිබඳව තොටගමු විහාරය ප්‍රසිද්ධ වෙලා තිබුණා. තොටගමු විහාරයෙ වැඩ සිටින නාථ දෙවියන් පිළිබඳව කෝට්‌ටේ කාලයේදී ලියපු සිංහල සංදේශ කවි පොත් කීපයකම සඳහන් වෙලා තියෙනවා. ශ්‍රී රාහුල හිමියන්ගෙ කාව්‍යශේඛරයෙත් නාථ දෙවියන් මතු බුදුවෙන කියන විශේෂණයෙන් තමයි දක්‌වන්නෙත්. 5 වැනි බුවනෙකබාහු රජතුමාගෙ කාලයේදී එතුමාගේ විශ්වාසය දිනාගත්තු දේව හා අලකේශ්වර මන්ත්‍රීන් දෙන්නට නාථ දෙවියන් හීනෙන් පෙනිල පූජාවක්‌ කරපු බවකුත් සඳහන් වෙනවා.

    මේ හැම කරුණකින්ම අපට පැහැදිලි වෙන්නෙ නාථ දෙවියන් ගැන සමාන්‍ය ජනතාව විතරක්‌ නෙවෙයි අධ්‍යාපන කේන්ද්‍රස්‌ථානවල, රාජකීය ප්‍රභූ+වරුන් තුළ විශාල ගෞරවයක්‌ තිබුණ බවයි. කෝaට්‌ටේ යුගයේ කළ ගිරා සංදේශය යවන්නෙත් නාථ දෙවියන්ගෙ පිහිටක්‌ ඉල්ලලනෙ. ඒ වගේම තිසර සන්දේශ කවියත් බොහොම අලංකාර ඇතුව තමා නාථ දෙවියන් වර්ණනා කරන්නෙ. විදුලිය රැඳුණු වැහි වළාකුළක්‌ වගේ බබලන රුවින් යුතු, ජටාවක්‌ සහිත හිසකින් යුතු ඉඳුනිල් මැණික්‌ කාන්තිය පරදවන දීප්තිමත් පහනක්‌ වගේ නෙත් බඳින සුදු ඇත් සොඬක්‌ හා සමාන දැතක්‌ මේ නාථ දේව රූපයට ඇත්තේය. ඒ වගේම සැඳෑ වලා පෙළ වගේ බබලන, අහස්‌ ගංගාවෙන් වැටෙන රැස්‌ මාලාවක්‌ වගේ යහපත් රූප සොබාවෙන් යුතු බුදු මැඳුර තුළ තිබෙන නාථ දෙවි උතුමෝ කියලයි ඒ වර්ණනාවේ තියෙන්නේ. තාරා දේවියගෙ කීර්තියත් ලංකාව නමැති මන්දිරයට වැන්ද වියනක්‌ වගේ කියලත් තිසර සංදේශයේ එනවා.

    උඩුqනුවර වේගිරියේ දේවාලයෙත් නාථ දෙවියන්ගෙයි, තාරා බිසවගෙයි ලස්‌සන පිළිම දෙකක්‌ අඹල තියෙනවා. ඒ වගේම මහනුවර නාථ දේවාලයේ තියෙන පිළිමයත් ලෝහ වලින් තමා නිර්මාණය කරල තියෙන්නේ. ජන කතාවක එන විදිහට සෙංකඩගල හිටපු රජ කෙනෙක්‌ මේ පිළිමයෙ අලංකාරය දැකල ඒ ගැන ලෝබ හිතිල ඔන්න පිළිමෙ එතැනින් ගෙනියන්ට හැදුවලු. ඒත් පිළිමය ගෙනියන්ට බැරි උනාලු. එකපාරටම හතර පැත්තෙන් කළු දෙබරු වටකරල පිළිමෙ ගෙනියන්ට ආපු උදවියට ඇන්නලු. පිරිස බොහොම බය වෙලා පැනල ගියාලු. ඒකෙන් පේන්නෙ පිළිම වහන්සෙගෙ හාස්‌කමනෙ.

    නාථ දෙවියන් කාලයක්‌ දුම්බර පළාතට අධිපති වෙලා හිටියලු. ඒ කාලෙ පළාතෙ හිටිය තවත් බලවත් දෙවි කෙනෙක්‌ව සෙංකඩගලට පළවා හැරල තියෙනවා. නාථ දෙවියො පස්‌ගමටත් වැඩල තියෙනවා. පස්‌ගම දේවාලයෙ පිහිටි ගලක නාථ දෙවියන් විලුඹ සළකුණු කළ බවටත් කතාවක්‌ තියෙනවා. පොදු ජනතාවට පීඩා හිරිහැර කරපු කඩවරයා රුහුණට පළවා හැරියෙත් නාථ දෙවියන්මලු. නාථ දෙවියන්ගෙ බල මහිමය මහනුවර පළාතෙ තදින් පැතිර තිබෙන බව විශ්වාස කරනවා. අදටත් මහනුවර දළදා පෙරහැර ළඟට ගමන් කරන්නෙ නාථ දේවාල පෙරහැරයි.

    ගණදෙවි හෑල්ල සහ වදන් කවි පොත එදා අපේ අධ්‍යාපනයෙ ඉතා වැදගත් පොත් විදිහට ආවෙ. ගණදෙවියො තමයි නුවණට අධිපති. මේ පොතේ නාථ දෙවියන්ගෙනුත් වරම් ඉල්ලනවා.

    ඈත කප් කෙළ ගණන් බුදු බව

    පතා විවරණ ලදින් සහතුට

    වීතරාගත් එර්දි නුවණත්

    ආයුවර්දන කරන හැම විට

    පාත තොටගමු විහාරේ වැඩ

    සිටින දෙවියනි දහම් සිහිකොට

    දෝත මුදුනේ තබා වැන්දෙමි නාථ

    දෙව්රජ නුවණ දෙන් මට

    මේ කවියෙන් නාථ දෙවියන්ගෙ තිබුණු සුවිශේෂ ගුණ, ශක්‌ති වගේ දේවල් ගැනත් කියෑවෙනවනෙ. නාථ දෙවියන් බොහොම පින්වන්තයි. මොකද ඈත කල්ප කෝටි ගණනක්‌ බුදු වෙන්ට විවරණ ලබපු බව මේ කවියෙ තියෙනවා. ඒ වගේම නාථ දෙවියො වීතරාගී උත්තමයෙක්‌. රාගය, තෘෂ්ණාව දෙවියන්ටත් තියෙනවා. ඒ උනාට නාථ දෙවියන් ඒ රාගය දුරු කරල. එච්චර විතරක්‌ නෙවෙයි. සෘද්ධි බලය පවා තියෙනවා. ඒ බල මහිමය නිසා නාථ දෙවියන්ට පූජා කරන අයගෙ ආයුෂත් වැඩි වෙනවලු. ආයුෂ, නිරෝගී බව වගේම නුවණ දෙන්ට කියල තමා එදා පොදු ජනතාව තොටගමු විහාරෙට ගියෙ. ගිහිල්ල දෙවියන්ට වැන්දෙ.

    තොටගමුවෙ විජයබා පිරිවෙනේ බුද්ධ රූපය ළඟින්ම තමා නාථ දෙවියන් වැඩ ඉන්න බව පෙන්වන්නෙ. කන්දෙ විහාරෙත් එහෙමයි. එතනත් බුදු ගෙයි තියෙන දේවරූප දෙකෙන් එකක්‌ නාථ දෙවියන්ගෙ. මේවායින් තහවුරු වෙන්නෙ නාථ දේව වන්දනාව සිංහල බෞද්ධ ජනතාව අතර හුඟාක්‌ පැතිර ගිය බවයි.

    නාථ දෙවියන් ජනතාවගේ පීඩා දුක්‌ හිරිහැර දුරු කරන බව අදටත් තියෙන විශ්වාසයක්‌. පසුගිය කාලෙ මේ රටේම ලොකු ආන්දෝලනාත්මක පුවතක්‌ උනේ. නාථ දෙවියන්ගෙ උපකාරයෙන් රජරට ජනතාව මුහුණ දුන් වකුගඩු රෝගයකට හේතු සොයා ගැනීමයි. දෙවියන් පිළිබඳ විශ්වාසය බැහැර කරන බටහිර විද්‍යාව පිළිගන්න අය අතරත්, කතරගම යන, දෙවිනුවර යන, සමන් දෙවියන්ට බාර හාර වෙන අයත් ඉන්නවනෙ. එහෙම නම් මේ නාථ දෙවියන්ගෙ පිහිට, ආධාර ඇතුව ආසනික්‌ පිළිබඳව සොයා ගැනීම පුදුම වෙන්න දෙයක්‌ නෙවෙයි. නාථ දෙවියන් මතු බුදුවෙන, ජන දුකට පිහිට වෙන උත්තමයෙක්‌ නම් ඒ වගේ සද් ක්‍රියාකාරකම් කිරීම ස්‌වභාවිකයි. පුහුදුන් අපට නිරීක්‍ෂණය කරන්න බැරි දේවල් දෙවියන්ගෙ පිහිටෙන් කිරීම සිංහල සංස්‌කෘතියෙම අංගයක්‌. පෘථිවිය, ග්‍රහලෝක, සක්‌වල වගේ දේවල් පිළිබඳව බටහිර විද්‍යාවෙන් උනත් සම්පූර්ණ තොරතුරු අනාවරණය කර ගන්න බෑ කියන බවත් අද ඔප්පු වෙලා තියෙනවා.

    මේ අනුව නාථ දෙවියන් පිළිබඳ සිංහල බෞද්ධ ජනතාවත් සමහර විට එයට අයත් නොවන අයත් විශාල ගෞරවයක්‌ දක්‌වන බව ඉතාම පැහැදිලියි. නාථ දෙවියන් හා මෛත්‍රී බෝසතුන් එක්‌ අයෙක්‌ බව කියන අයත් ඉන්නවා. ඒ උනාට මේ දෙදෙනෙක්‌ බවයි වැඩි දෙනෙක්‌ විශ්වාස කරන්නෙ.

    දෙවැනි පැරකුම්බා රජතුමා 'කලිකාල සාහිත්‍ය සර්වඥ උපාධියෙන් පිදුම් ලැබුවෙත් හින්දු සංකල්ප අනුව බව සමහරු හිතනවා. ඒ වගේම සිංහල රජ කෙනෙකු විශේෂයෙන් නාථ දෙවියන්ට පූජා කිරීමත් ඉතිහාසඥයන්ගේ අවධානයට යොමු වෙලා තියෙනවා. කොහොම හරි නාථ දෙවියන් රාජ්‍යත්වයට සම්බන්ධ වෙලා තියෙනවා. 'සෙංකඩගල නාථ සාමින්' කියල සඳහනක්‌ සගම සෙල් ලිපියෙහි එනවලු. මේ නාථ දෙවියන් බවයි විශ්වාසය. 0යාපා පටුන ජය ගත්තු සපුමල් කුමාරයත් නා ගසක ලීයෙන් නාථ දෙවි ප්‍රතිමාවක්‌ කළ බව කියනවනෙ. ගම්පොල යුගයේ ඉඳල සෙංකඩගල යුගය වෙන තුරුම නාථ දෙවියන්ට මේ රටේ සුවිශේෂ ස්‌ථානයක්‌ හිමි වූ බව නම් පේනවා. නාථ දෙවියන් හා පිටියේ දෙවියන් අතර සිදුවුණ හටනක්‌ ගැනත් ජනප්‍රවාදයේ එනවා. නාථ දෙවියන් ගැන විස්‌තර කරන කවි වලින් කියෑවෙන්නෙත් එතුමාගේ බෝසත් ගුණයයි. නාථ දෙවියන් යුද්ධ කිරීමේ අදහස අතහැරල ඉවත් වෙලා ගිය බවයි ඒ කවි වලින් පේන්නෙත්

    සව් සත සසරින් මුදා හරින්ට ත්

    ලොව්තුරු බුදු බව ලබා ගැනුමට ත්

    පව් බිය බැරි විය යුද්ධ කරන්ට ත්

    සව් සත ගලවා ආපසු යන්ට ත්

    පව් කරන්ට බය වෙන්නෙ පාරමිතා පුරණ ඇත්තොනෙ. මේ කියන්නෙ ලොව්තුරු බුදුÊබව පතන, කෙනෙක්‌ කියලනෙ. විෂ්ණු දෙවියන් ගැන කියන හුඟක්‌ තැන්වල සටන්කාමීත්වය, බුද්ධිය වගේ දේවල් ඉස්‌මතු කරනවනෙ. ඒත් නාථ දෙවියන් පෙරුම් පුරණ බෝසත්වරයෙක්‌ විදිහටයි එන්නෙ. හැබැයි මේ කල්පයේ අන්තිමට බුදු වෙන්නෙ මෛත්‍රී බෝසතුන් කියලත් විශ්වාසයක්‌ තියෙනවා. එතකොට මේ නාථ දෙවියොත්, මෛත්‍රී බුදුන්ම වෙන්ට ඕනෑ කියල සමහරු කල්පනා කරනවා. ඒ අදහස ඔප්පු කරන්ට දිව්‍ය ලෝකෙ ඉන්න නාථ දෙවියන් ගැන කතාවකුත් ගේනව. කොහොම උනත් නාථ දෙවියන් කියන්නෙත් සිංහල බෞද්ධ ජනතාව අතර මුල් බැස ගත්තු බෝසත් ගුණෝපේත දෙවි කෙනෙක්‌ බව නම් පැහැදිලියි.
    - ජී. එස්‌.
     

    Attachments

    • natha1.jpg
      natha1.jpg
      11.2 KB · Views: 777
    • Like
    Reactions: Lejayange

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    කන්‍යාවියක්ගේ බඩට දරුවෙක් ආවේ කොහොමද? අල්ලා ගැණු 72ක් දෙනවද කියලා අහලා ඒවා ක්‍රිටිසයිස් කරන උන් මේ වගේ ගොන් ජෝක් විග්‍රහා කරන විදිය දැක්කම හරි පුදුමයි.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මම හිතුවෙ නාථ සහෝදරය කියලා...
    රෙප් ++++
     

    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    කන්‍යාවියක්ගේ බඩට දරුවෙක් ආවේ කොහොමද? අල්ලා ගැණු 72ක් දෙනවද කියලා අහලා ඒවා ක්‍රිටිසයිස් කරන උන් මේ වගේ ගොන් ජෝක් විග්‍රහා කරන විදිය දැක්කම හරි පුදුමයි.

    නාථ දෙවියෝ පැත්තකින් තියපන්කෝ .............

    කන්යවියකගේ බඩට දරුවෝ එන්ඩ කිසිම බාදාවක් නෑ ...............

    වටේට sperms ටිකක් වැදුනත් ඇතුලට ගිහිල්ල ප්‍රෙග්නන්ට් වෙන්ඩ පුළුවන් ...............

    ගල් කපන්ඩ ගිහිල්ල ප්‍රෙග්නන්ට් වෙච්ච් කේස් තියනවා (sperms ටිකක් අතන වැදිලා ).............

    වැලේ තියන ජංගි වල sperms ගෑවත් කෙල්ලෙක් ප්‍රෙග්නන්ට් වෙන්ඩ පුළුවන් ..............