අපේ බස් සේවාවයි ටොයිලට් නාඩුවෙයි වෙනස

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ බස් සේවාවයි ටොයිලට් නාඩුවෙයි වෙනස

    අපේ බස් සේවාවට ආදර්ශ සපයන දකුනු ඉන්දීය බස් සේවාව

    ලාංකික බස් සේවාව, රාජ්‍ය අංශය සහ පුද්ගලික අංශයෙන් යන දෙඅංශයෙන්ම බහුතර මහජනයාට මගී ප්‍රවාහන අවශ්‍යතාවය සපුරාලනු ලබයි. අපට වෙනස් නමුත් යම් සමානකම් සහිත පරිසරයක් යටතේ ඇති බස් සේවාවකට උදාහරණ ගත හැකි වඩාත්ම සාධාරන පළාත දකුනු ඉන්දියාවයි. දියුණු රටවල ඇති අධි සුඛෝපබෝගී බස් රිය සේවාවන් ලංකාව හෝ දකුණු ඉන්දියාවට වඩා ඉතා ඉදිරියෙන් ඇති බව සැබවි. එහෙත් ඒ රටවල බස් ටිකට්ටුවකට ගෙවන මිල අප රට හෝ දකුණු ඉන්දියාවේ මිනිසුන්ට ගමනක් වෙනුවෙන් වියදම් කරන්නට නොහැකිය. යම් යම් පොදු දුබලතා ඇතත් තමිල්නාඩු බස් සේවාවේ අපට ගත හැකි ආදර්ශ කිහිපයක් වේ. අපි ඒ ගැන මදක් සොයාබලමු.
    බස් මාදිලි

    බස්රියක යනවිට පොත් පතක් කියවීමේ පුරුද්දක් ලාංකිකයාට නැතැයි රාත්‍රී කාලයේ රූපවාහිනී වල විකාශය වැඩසටහන් වලට පැමිණෙන උගතුන් නිතරම දේශනා කරනු අසන්නට ලැබේ. ඇතැම්විට විදෙස් රටවලදි බස්රිය වල ගමන් කර ඇති ඒ උගතුන් ලංකාවේ බස්රියක පොතක් කියවමින් යා හැකි තරම් තත්ත්වයක් තිබේදැයි නොදන්නවා විය හැකිය.
    241-680x382.jpg
    කොටුවේ වීදියක බස් නැවතුම

    බස්රියක ගමනේ සුවපහසුව කෙරෙහි සාධක රැසක් බලපායි. ඒ අතර, බස්රියේ මාදිලිය මගීන්ගේ සුවපහසුව කෙරෙහි ප්‍රබල ලෙසම බලපාන සාධකයකි. අධිවේගී මාර්ගයේ ධාවනය වන උස මාදිලියේ සැප බස් වලදී පොතපත කියවීමට මෙන්ම, නිවිහැනහිල්ලේ ෆෝන් එකෙන් චැට් එකක් ටයිප් කරගෙන යෑමට ද හැකිය. මන්ද, ඒ සැප බස් වල සස්පෙන්ෂන් පද්ධතිය සහ මාදිලිය මගින් සමස්ථ බසයේ ගමනේදී මගියාට දැනෙන ගැස්සීම අඩුකොට ඇති බැවිනි. තමිල්නාඩුවේ සුවිශාල ලේලන්ඩ් කර්මාන්ත ශාලා තිබුනත්, ලංකාවේ දුවන ලංකා අශෝක් ලේලන්ඩ් මාදිලියේ බස් රිය තමිල්නාඩුව ධාවනයෙන් ඉවත් කොට දැන් වසර 30කටත් වැඩිය.
    තමිල්නාඩුව යනු ඉන්දියාවේ මෝටර් රථ ඉල්ලුමෙන් සියයට 30 පමණ සපුරාලන මෝටර් රථ ඉංජිනේරු කර්මාන්තශාලා වලින් සමන්විත, ඔටෝමොබයිල් තාක්ෂණය අතින් දියුණු ප්‍රාන්තයකි. එබැවින් තමිල්නාඩු ප්‍රාන්ත රජය මහජනයාට වඩාත් සුවපහසු බස්රිය ගැන පර්යේශණ ආදිය සිදුකොට සනීපදායී, ලාබදායී, අනතුරකදී ජනයාට හානි අඩු බස් නිෂ්පාදනය කරගැනීමට වෙහෙසෙති. තමිල්නාඩු රජය විසින් බස් මාදිලි අනුමත කිරීම සංකීර්ණ කාර්යයක් වන අතර ඒවා සාමාන්‍ය බස්රිය, සැප බස්, සහ නගරබද බස් ආදී ලෙස වර්ගීකරණයක්ද සිදුකරයි. අප රටේ මෙන් පුද්ගලික බස් ධාවනය ද සිදුවන මුත්, ඔවුන්ද මිලදී ගත යුත්තේ ප්‍රාන්තයේ නිතිරීති රෙගුලාසි වලට අනුකූල බස්රිය පමනක් වේ.
    131-680x510.jpg
    නාගරික සුඛෝපබෝගි බසයක්straphanger.wordpress.com

    ඒ ඒ බස් වර්ග

    ලංකාවේ ද සාමාන්‍ය බස්, අර්ධ සුඛෝපබෝගි බස්, සුඛෝපබෝගි සාමාන්‍ය බස්, සහ විශේෂ සුඛෝපබෝගී බස් ආදි ලෙස බස් වර්ගීකරණය කෙරේ. තමිල්නාඩුවේ ද නගරබද බස්, සාමාන්‍ය බස්, සීඝ්‍රගාමී බස්, වායුසමන බස්, වොල්වෝ බස් ආදි ලෙස වර්ග කිහිපයක් පවතී. නගරබද ධාවනය වන බස් මගීන්ට පහසුවෙන් නැගිය බැසිය හැකි වන සේ පාපුවරුව වඩාත් පහතින් පිහිටි බස් රිය වේ. නවතම රෙගුලාසි අනුව තමිල්නාඩු දුර ධාවනය වන බස් රිය වලට නියුමැටික් තාක්ෂනයේ දොරවල් හදුන්වා දී තිබේ.
    214-680x510.jpg
    අලංකාර ලංගම බසයක්

    ජල බෝතල සැපයුම

    බස්රිය වල විකුණන ජල බෝතල් වල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ සැක-බිය ඇතිකරන පුවත් අප ද විටින් විට ප්‍රවෘත්ති ඔස්සේ දකිමු. එසේම ජල බෝතල වල මිල ද බස්රියට එන කළ වෙළඳපොළේ මිලට වඩා වැඩිවන අවස්ථා ද තිබේ. හිටපු මහා ඇමතිනී ජයලලිතාගේ කාලයේ දී මගී ජනයාට ඉන්දියානු රුපියල් 10ට පිරිසිදු වතුර ලීටරයේ බෝතලයක් ලබාගත හැකි ස්ථාන බස් නැවතුම් ආශ්‍රිතව නිර්මාණය කරන ලදී. එම ස්ථානවල අඩුමිලට සපයන “අම්මා වතුර“ පිරිසිදු ජල බෝතල් වල ඉල්ලුම කාලයත් සමග වැඩිවි ඇතැයිද වාර්තා වල දැක්වේ. මේවා සුළු පියවරයන් වුවත් බස්රියවල යනෙන දුප්පත් මගී ජනයාගේ පාර්ශවයෙන් සැලකූ කල මේවා වැදගත් පියවර වේ.
    141-680x680.jpg
    ජයලලිතාගේ වතුර බෝතල් මැතිවරණ දැන්වීමක twitter.com/aiadmkofficial

    බස් ගාස්තුව

    වසර 2000න් පසු තමිල්නාඩුවේ බස් ගාස්තු වැඩිවී ඇත්තේ දෙවරකි. ඒ 2001 සහ 2011 දීය. අප රට මෙන් බස් සේවකයින් විසින් වර්ජනයක්ද සිදුකර මෑතකදී ලබාගත් ඒ බස් ගාස්තු සංශෝධනයේ දී චෙන්නයි සිට මදුරෙයි දක්වා සුවපහසු බස් ගාස්තුව රු 325 සිට 505 දක්වා රු 180කින් වැඩි වේ. එහෙත් ඒ වැඩි වුවද යාබද කේරළ, කර්ණාටක, සහ අන්ද්‍රා ප්‍රදේශ් බස්ගාස්තු වලට වඩා තමිල්නාඩු බස්ගාස්තු තවමත් අඩු බැව් තමිල්නාඩු පාලක පක්ෂය පවසා සිටී. ලංකාවේ නම් බස් ගාස්තුව වැඩිවන මිල සූත්‍රයක් තිබේ. ඒ අනුව නඩත්තු වියදම්, ජීවන වියදම ආදී සාධක සලකා බලා බස් ගාස්තු වැඩිවීම තීරණය කරනු ලැබේ. ඒ කෙසේ වුවද තමිල්නාඩුවේද ලංකාවේද දුම්රිය ගමන තවමත් විශාල ප්‍රමාණයකින් බස් ගමනට වඩා ලාබදායී වේ.
    151-680x649.jpg
    වාර්තාගත ගෙස බස්ගාස්තු වැඩිවූ මෑතදී සිදුවූ මිල වැඩිවීම.. newindianexpress.com

    අනතුරු රක්ෂණය

    අපවද රැගෙන පිඹගෙන ඇදෙන බස්රිය විටෙක අපට ෆෝමියුලා වන් ධාවන අත්දැකිමක් ලබාදෙන අවස්ථාද වේ. එහෙත් අනතුරක් සිදුවූ කල ඒ වේගයෙන් යන ප්‍රමෝදය අප කෙරෙන් සැනින් අතුරුදන් වේ. යම් අනතුරක් සිදුවූ කල සාමාන්‍ය තුවාල නම් රු 10,000-25,000 අතර මුදලක්ද, ඔලුවට සිදුවූ හානියක් නම් ලක්ෂ 5ක් දක්වා වන්දියක්ද, මරණයක දී ද ලක්ෂ දෙක තුනක වන්දියක්ද ඉන්දියානු රුපියල් වලින් හැකි ඉක්මනින්ම ගෙවීමට දකුණු ඉන්දීය තමිල්නාඩු බස් සේවාව බැදී සිටී. වරක්, බස්රියකට ගොඩවන අවස්ථාවේ දී විපතට පත් දරුවෙකු ගැන වූ නඩුවක් ගොනු විය. එහිදී නඩු තීන්දුවේ ප්‍රකාශ වූ ආකාරයට අනතුරු වූ අවස්ථාවේදි හැකි ඉක්මනින්ම බස් මගියාගේ හෝ ළග ඥාතියාගේ බැංකු ගිණුමකට බස් සමාගම මුදල් බැරකළ යුතුය. එසේ බැර නොකරන පුද්ගලික බස් රියක් නම් එහි ධාවන බලපත් අහෝසි වීමට පමණක් නොව බස්රිය රජය සතු වීමේ අවදානමක් ද තමිල්නාඩු බස් වලට තිබේ.
    161-680x510.jpg
    පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ දරුණු බස් අනතුරක් http://nethgossip.lk/article/27829

    බස්රිය ආසන වෙන්කරගැනීම

    ලංකාවේ පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ පවා ආසන වෙන්කරගත හැකි බස්රිය ගණන සීමිතය. මධ්‍යම රාත්‍රී 12ට පිටකොටුව SLTB නැවතුමෙන් ඇදෙන දුරසේවා බස්රියක ආසන වෙන්කරගත හැක්කේ එදිනම දවල් කාලයේ දී පමණි. එයටද එම කවුළුව තිබෙන පිටකොටු බස් නැවතුමට යා යුතුය. පුද්ගලික බස් සේවාවන් වලදී නම් ඇතැම් බස්රිය වල ජංගම දුරකථන ඇමතුමකින් වුවද ආසනයක් වෙන්කරගත හැකි පහසුකම තිබුණත් එහිද විධිමත් ස්වභාවයක් නැත. තමිල්නාඩු රාජ්‍ය බස් සේවාවේ ඔන්ලයින් ආසන වෙන්කරගැනීමේ පහසුව තිබේ. ස්මාට්ෆෝන් ඇප්ස් ගණනාවකින්ද වෙබ් අඩවි ගණනාවකින්ද ප්‍රකට වූ මාර්ග සදහා බස්රිය වෙන්කරගන්නට අවස්ථාව තමිල්නාඩුවේදී ලැබේ. එහිදී සාමාන්‍ය බස් මාදිලිවල සිට අධි සුඛෝපබෝගී වොල්වෝ බස්රිය දක්වා වන විශාල පරාසයක බස්රිය රැසක ආසන කලින්ම වෙන්කරගැනීමට මගීන්ට හැකිය.
    221-680x510.jpg
    බස් නැවතුම් පොලක්

    කලින් බස්රිය ටිකට් පත් වෙන්කරගෙන තිබෙන ගමන් බිමන් හදිසියේම වෙනස් කිරීමට සිදුවීම අපි සෑමදෙනාම පාහේ මුහුනදෙන ගැටළුවකි. පෑ 48කට පෙර ගමන අහෝසි වන්නේ නම් ටිකට් පත් මිලෙන් 90%ක්ද, පෑ 24කට පෙර නම් 80%ක් ද ආදී ලෙසින් මුදල් නැවත ඒ ගෙවිම් සිදුකල ක්‍රෙඩිට් කාඩ්පත් හෝ ගිනුම් වෙත නැවත බැරවීමේ ක්‍රමයක් තමිල්නාඩු ප්‍රාන්ත බස් සේවාවේ අන්තර්ගතය. එමගින් තවත් මගියෙකුට ගමන් අවස්ථාව ලැබෙනවා සේම ගමන් නොගියත් මුදල් ගෙවීමට සිදුවන අපහසුවෙන් මගීන්ට මිදීමට ලැබේ.
    මසකට දෙකකට කලින් සිට ආසන වෙන්කරගැනීම මගීන්ට පහසුවක් මෙන්ම ප්‍රවාහන සේවා සලසන පාර්ශවයන්ටද වාසිදායක ය. එනම් යම් උත්සව කාලයක දී එක් පසෙකට බස්රියවලට ලැබෙන ඉල්ලුම අනුව සේවාව පුළුල් කිරීමේ අවකාශ රාජ්‍ය සහ පුද්ගලික අංශය වෙත මෙමගින් ලැබේ.
    බස් සේවාව සහ වෙනස

    තමිල්නාඩු ප්‍රාන්ත බස් සේවාවට වඩා අන්ද්‍රා ප්‍රදේශ්, තෙලගනා ආදී ප්‍රාන්ත වල බස් සේවාව ඇත්තේ වඩාත් ඉදිරියෙනි. බස් සේවාවෙන් වැඩි කොටසක් ප්‍රාන්ත රජයට හිමි තමිල්නාඩු බස් සේවාවට තව තවත් වොල්වෝ, මර්සිඩීස් බෙන්ස් වැනි සැප බස් රිය එකතු විය යුතු බව ඇතැම් වියතුන්ගේ අදහස වී තිබේ.
    බස් සේවාවක් විධිමත් කිරීමේ සරල පියවරයන් ක්‍රියාත්මක කිරීම රොකට් තාක්ෂණය හෝ පරමාණුක තාක්ෂණය වැනි මහා බරපතල කාරණා නොවේ. එකවර ඉන්දියාවෙන් ලාබ බස්රිය සිය දහස් ගනනක් ගෙනැවිත් SLTB එකට දැමීම වැනි ඕපපාතික විසදුම් පමණක් ලාංකීය බස් සේවා දියුණුවට ප්‍රමාණවත් වන්නේ නැත. පවතින ක්‍රමවේදයන් කාලයට අනුව නවීකරණය කළ යුත්තේ මගී ජනයාට මෙන්ම බස් සේවාවට ද වටිනාකම් එකතු වන ආකාරයටය.
    231-680x382.jpg
    ලංකාවේ බස් නැවතුම් පොලක්


    link - https://roar.media/sinhala/sinhala
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්ද අධිවේගයේ ධාවනයට ගෙනාපු බස් ඔක්කොම ඔය කියන ඉන්දියන් ප්‍රමිතියටත් වඩා උසස් ප්‍රමිතියක් තිබ්බ ඒව..:yes:

    අපේ උන්දල ඒව දැකල ඉරිසියාවෙන් පැලිල, ලoගමට ගෙනාපු බස් ඔක්කොම නාමල්ගෙ කියල මඩ ගහන්ඩ පටන් ගත්ත..අන්තිමට මහින්දගෙ ආණ්ඪුව මාරු වෙලා අවුරුදු 3ක් ගියත් තාම නාමල්ගෙ එකම එක බස් එකෙක්වත් හොයාගන්ඩ බැරි වෙලා..

    ගත යුතු ආදර්ශය නම් මනුස්සයෙක් මොකක් හරි කරද්දි ඉරිසියාවෙන් පැලිල ඒක විනාශ කරල ,පස්සෙ අනේ අපිට එහෙම නැනෙ කිය කියා දුක්වෙලා පලක් නැ කියන එකයි..
     
    Last edited:

    Mahewi

    Junior member
  • Mar 3, 2017
    33
    2
    8
    Mahinda brought luxury buses for highways.
    Thousand of red vikings for CTB depots.
    3 years YAHAPALANAYA didn't brought any of one and what they did for public transport ?
    If we haven't Mahinda arranged buses, now we have to use lorries for travel.
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ape bus wala kisima quality ekak na ban...eeta wada ewai yanna ba...lankawe wenne bus owner uta bus eka genne.genalla sticker gahala kali hai karala set gahala pare nikan yanakota api balen yanawa unta oona widiyata unta oona sindu ahana gaman..ekai thathwe..

    un hithan inne api unge bus wala yanne sindu ahanna kiyala..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ape bus wala kisima quality ekak na ban...eeta wada ewai yanna ba...lankawe wenne bus owner uta bus eka genne.genalla sticker gahala kali hai karala set gahala pare nikan yanakota api balen yanawa unta oona widiyata unta oona sindu ahana gaman..ekai thathwe..

    un hithan inne api unge bus wala yanne sindu ahanna kiyala..

    bus eke nidagena yana minissunta oona widihata newe sindu yanna oone. driver ta kick eke inna puluwan sindu driver daagena yanna oone. paya gaanak drive karana eka lesi na ban.