අපේ රට හදන්න බැහැ බන්

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    අපේ රට හදන්න බැහැ බන්

    ඩයනා උදයංගනී

    දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නවීකරණය කරන ලද සෙංකඩගල මැණිකේ හා මහනුවර - මාතර දුම්රියන් සඳහා ඉකුත් දා යෙදවූ දුම්රිය මැදිරිවලට දුම්රිය මගීන් විවිධ අලාභහානි සිදුකර තිබේ.

    මෙම එක් මැදිරියක් නවීකරණය වෙනුවෙන් රුපියල් මිලියන 14ක පමණ මුදලක් වැය කර ඇති අතර ඒවා ධාවනයට යොදවා දින 4ක් පමණ ගතවන විටම අගුල් කඩා, සීට් පුළුස්සා, වැසිකිලිවල සබන් රඳවන ගලවා දමා, තැන තැන ආහාර කැබලි ආදිය දමා විනාශ කර තිබෙන බව වාර්තා වේ.

    දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අයවැය යෝජනාවකට අනුව ක‍්‍රියාත්මක කළ පැරණි හා අබලන් වූ දුම්රිය මැදිරි 200ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ තන්ත්‍රී සමාගම විසින් නවීකරණය කෙරුණු මෙම දුම්රිය මැදිරි නවය ධාවනය සඳහා එක්කිරීම සිදුවූයේ ඉකුත් 31 වැනිදාය.

    මෙම එක්මැදිරියක ආයු කාලය වසර 15ක් වන සේ නවීකරණය කර ඇති අතර මෙවන් මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 60ක් වැයවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම දුම්රිය මැදිරිවලට හානි කර තිබෙන අයුරු දැක තමන් ඉතා කණගාටුවට පත්වූ බවයි.

    දුම්රිය මගීන්ගේ පහසුව වෙනුවෙන් නවීකරණය කළ දුම්රිය මැදිරි මෙම දුම්රිය සඳහා යෙදවූ බව කී අමාත්‍යවරයා මගීන් විසින්ම ඒවා විනාශ කරන්නේ නම් හොඳ සේවයක් සැපයීම ගැටලූවක් වන බව ද සඳහන් කළේය

    Source - http://www.lankadeepa.lk/latest_news/අලුත්-දුම්රිය-මැදිරි-දින-හතරෙන්-වනසලා/1-528144
     
    • Like
    Reactions: djnick

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    මේවා මහා අපරාද. පොදු දේපල රැකගන්න හැමෝගේම වගකීම
    මහා එක මහා බැංකුවට ගේම දුන්නහම, මිනිස්සු හිතනවා ඇති පොඩි අගුලක් කැඩුවහම මොකද වෙන්නේ කියල.
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    මේවා මහා අපරාද. පොදු දේපල රැකගන්න හැමෝගේම වගකීම
    මහා එක මහා බැංකුවට ගේම දුන්නහම, මිනිස්සු හිතනවා ඇති පොඩි අගුලක් කැඩුවහම මොකද වෙන්නේ කියල.

    :yes:
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අගුල් කඩා, සීට් පුළුස්සා,


    mewwaa kaawda yako karanne , tendaree aulak wage komiss gahilla wahanna da ??

    වැසිකිලිවල සබන් රඳවන ගලවා දමා, තැන තැන ආහාර කැබලි

    mewwaa nam kudu karayo
    lankawe nugath wunge waeda wageee

    cctv daalaa ekekta dennekkta hodha dhadayak gahawwaanam hari

    lankaawe thiyana lokuma prashnee nithiya hariyata kriyathmaka nowimaa
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද.වැඩ කරන්න, හම්බුකරන් කන්න උගන්නව විතරයි. ආකල්ප හදන්න හිතලවත් නැ. පොඩි කාලෙ ඉදන් කියල දෙන්නෙ නැතුව පස්සෙ කොහොමද බන් ඔලු වලට ඕව්වා දාන්නෙ... ගංගාරාමෙ පැත්තෙන් බෞධාලෝක මාවත පැත්තට රවුමක් දැම්මා.. සක්කිලි ලැයිම් හොදයි. කාපු තැන එතනම කොලේ අතාරින හැතිකරේ ඉන්නෙ වැඩි හරියක් :no::no::no:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අපේ උන් හැදෙන්නේ නෑ හදන්නත් බෑ හදල වැඩකුත් නෑ. මේක වලපල්ලට යන්නේ දුකයි ඒත් කරන්න දෙයක් නෑ. 95% මිනිස්සු ලංකාවට ආදරයක් නෑ , උන්ට ඕනේ වැටිලා කාල නිදාගෙන රස්සාවට යන්න විතරයි ඒතනින් එහාට උන්ට ජීවිතත් නෑ වෙනසක් වෙන්න ඕනේකමකුත් නෑ. චන්දේ කාලෙට තියන ට්‍රෙන්ඩ් එකට (හොදම ලනුවට ) චන්දේ දීල බැන බැන හූල්ලනවා, ඕච්චර තමා