අපේ වීරවරිය

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
උපුටාගැනීමකි.

ශ්‍රී ලංකා මැදි දුර දිවීමේ ශූරිය ලෙස පසුගියදා චීනයේ හුවෑන් නුවරදී මීටර් 800 ලෝකඩ පදක්කම ලැබූ නිමාලි ලියනාරච්චි 2015.06.09 අඟහරුවාදා රාත්‍රී කටුනායක ගුවන්තොටු‍පොළින් පෙරළා පැමිණීමෙන් පසුව ඊයේ තම උපන් බිම වූ හම්බන්තොට සූරියවැව දක්වා බස්රියෙන් තම පුහුණුකරු සුජිත් අබේසේකර සමග ගෙදර ගිය බව අනාවරණය විය.

Nimali-Madushika-Gamage1-640x400.jpg


නිමාලිගේ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සුබපතමින් දුරකථනයෙන් සම්බ්නධ කරගත් විටත් ඇය පැවසූවේ තමා සමගින් පුහුණුකරු සුජිත් අබේසේකර දෙවුන්දර ප්‍රදේශයේ බස් රථයකින් ඒ වන විටත් ගමන් කරමින් සිටින බවයි.
ඇත්තටම මට අද ගෙදර ගිහින් හවස සූරියවැව ක්‍රීඩාංගණයේ පුහුණුවීම්වලටද යෙදීමට තියෙනවා. ඒ නිසා මේ බස් එකේ ගිහින් ගෙදර අයත් සමග පැය 2 – 3ක් සිට නැවත පුහුණුවීම්වලට යන බව නිමාලි පැවසුවාය.


චීනයේ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට එකම පදක්කම ලෙස මීටර් 800 ලෝකඩ පදක්කම ලබා රටට ගෞරවය ගෙන දෙමින් ශ්‍රී ලංකාවේ ජාම බේරාදුන් නිමාලි රටට පැමිණි පසුදා ‍පොදු මගී සේවාවක් වන බස් රථයකින් හම්බන්තොටට ගොස් සූරියවැවට යාමට සැලසුම් කිරීම කනගාටුවට කරුණකි.

නිමාලි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන අතර ඇයට ගුවන් හමුදාවෙන් හෝ වාහනයක් සැපයීමට අ‍පොහොසත් වීම ඉතා කනගාටුදායක වන අතර රටට ගෞරවය ගෙන දුන් පදක්කම්ලාභිනියකුට සැලකීම අපගේ වගකීමයි.. මේ ගැන සිතා මීට පසුව හෝ ක්‍රියාත්මක වේ නම් එය අනාගත පදක්කම්ලාභීන්ටද යම් දිරියක් ලැබිමට හේතුවනවා ඇත. රටට ගෞරවය ගෙනෙනා ක්‍රීඩකයකුට එම රටින් පෙරළා සැලකීම තුළ ඔහු හෝ ඇයගෙන් මීටත් වඩා පදක්කම් බලා‍පොරොත්තු විය හැකිය.
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇත්තටම දුකයි සින්හළු අපි ගැනම :sorry::sorry::sorry:....මේ පලවෙනි සැරේ නෙමේනේ ...මිනී මරල බේරෙන්න බොරුවට මුකුත් මතක නැතිව වගේ රගපාපු කුඩු පප්පල ලංකාවට එද්දී පෙළ පාලිවලින් හරසර මද එක්කන් ගියේ :growl::growl::no::no::no:..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඹ ගෙඩියක හැඩය ගත්ත
    මහ මුහුදින් වට වෙච්ච
    අරුම පුදුම රටක් තියෙනවා

    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු//
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඹ ගෙඩියක හැඩය ගත්ත
    මහ මුහුදින් වට වෙච්ච
    අරුම පුදුම රටක් තියෙනවා

    ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු//

    අනේ මොනව කරන්නද බන් මේවට.:(
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    මේ කෙල්ලගෙ තියෙන හැදිච්ච කමයි, නිහතමානී කමයි, නොපසුබට උත්සාහයයි නිසා කවද හරි දවසක රටේ හොඳම තැනකට එනව නොඅනුමානයි..