ක්‍රිස්තියානිය කියන්නෙ generic නමක් බන්.
කෙටියෙන් කතාව කිව්වොත් ඉශ්‍රායලීය යුදව්වෙක් වෙන යේසුස් යුදෙව් ආගමේම යම් කාරණා වලට අලුත් අර්තකතනයක් දෙනව...යුදෙව් සමාජයෙන් ඒක එච්චර සුහදව පිළිගන්නෙ නෑ, ඒක වෙනම කතාවක්. කොහොම හරි ඉශ්‍රායලයෙ ඒ කාලෙ රෝම අධිරාජය යටතෙ තිබුනන නිසා යේසුස් ගෙ අලුත් නිකාය රෝමෙට ප්‍රචාරණය වෙලා එතෙක් pagan ඇදහිල්ල තිබුන රෝමයෙ වෙනම ආගමක් විදිහට සංස්ථාපනය උනා, රෝමානු ක්‍රිස්තියානිය විදිහට ක්‍රි.ව 100 විතර. රෝම අධිරාජ්‍යය බිඳ වැටීමන් පස්සෙ ඇතිවෙන යුරෝපීය ජාතික රාජ්‍යය වල පදනම උන කතෝලික පල්ලිය ආශ්‍රිතව මේක වර්තමානය දක්වා වර්ධනය වෙන නිසා "රෝමානු කතෝලික" කියල හඳුන්වනව. ඔය ඊශ්‍රායලෙන් බටහිරට ආපු කෑල්ලනෙ, ඔයවගේම නැගෙනහිර පැත්තට, ඒ කියන්නෙ රුසියාවෙ සමහර පැතිවලට මුල් ක්‍රිස්තියානිය සාධර්මික (orthodox, නැත්නම් සාම්ප්‍රදායික කියන අදහස) නිකාය විදිහට විස්ථාපනය උනා. පිළිම නොසැදීම, දේවස්ථාන කලාවන් වලින් ඈත් වීම වගේ යුදෙව් සංස්කෘතික කාරණා මේ නිකායෙත් එහෙම්මම දකින්න පුලුවන්. අනිත් අතට මූර්ති සහ දියුණු ගෘහ නිර්මාණ ශිල්පයක් ඒවෙනවිටත් තිබුන රෝමයෙ හැදුන රෝමානු කතෝලික දහමෙ පිළිම සහ විශාල ආසන දෙව්මැදුරු දකින්න ලැබුන, සහ pagan චාරිත්‍රානුකූලව නව වසර පටන් ගැනුන දෙසැම්බර් 24 යේසුස් ගෙ උපත සමරන නත්තල විදිහට විකසනය වීමත් මෙතනට ගන්න පුලුවන්.
ඊට සියවස් ගණනකට පස්සෙ පුනරුද සමයෙ ජර්මනිය, එංගලන්තය සහ නෙදර්ලන්තය ආශ්‍රිතව ක්‍රිස්තියානි දාර්ශණිකයො උන පාදිලිවරු කීප දෙනෙක් අතින් ආගම් ප්‍රතිසංස්කරණයක් වෙලා වෙනම නිකායක් පටන් ගන්නව ප්‍රොතෙස්තන්ත නමින්. ඓතිහාසිකව ගත්තොත් ප්‍රොතෙස්තන්ත පල්ලිය රෝමානු කතෝලික පල්ලියට ළඟයි අදහස් අතින්.
කතාව ඔතනින් නතර වෙන්නෙ නෑ...අන්තිම පුරුක හැදෙන්නෙ මුහුදෙන් එහාපැත්තෙ. ඊටත් අවුරුදු ග්ණනාවකට පස්සෙ නූතන යුගයෙ, ඒ කියන්නෙ 20නි ශතවර්ෂයෙ ඇමරිකාවෙ ප්‍රොතෙස්තන්ත ආගමික ප්‍රජාව අතරින් අලුත් ප්‍රවණතාවයක් එනව එවැන්ජලිකල් ක්‍රිස්තියානිය කියල, ඔව් ඔව් අර අක්කර ගණන් ටෙන්ට් වල මිනිස්සු ගොඩගහල ලෙඩ සුව කරන එක තමා. එක ඇමරිකාවෙ midwest ප්‍රාන්තවල නිර්මාණයක්. මීට අමතරව ඇන්ග්ලිකන්, මෙතොඩිස්ට් යනාදි වශයෙන් තව දේවල් තියෙනව, ඒ දේවල් ප්‍රොතෙස්තන්ත පසුබිමක හෝ ආසන්නයෙන් වෙන වෙනස්කම්.
ප්‍රදාන වශයෙන් Roman Catholic, Orthodoxy සහ Protestantism (Evangelical උපකුලකයක්) ක්‍රිස්තියානි ප්‍රභේද තුන හැදෙන්නෙ ඔහොමයි.