අපේ_හාමුදුරුවනේ!!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අපේ_හාමුදුරුවනේ!!

    අපේ හාමුදුරුවනේ!! ! පෙනවා නේද මිනිස්සු ඔබවහන්සේලාට සලකන විදිය...

    මෙි දවස් වල මහියංගනයට ගිනි කාෂ්ඨක අව්ව..මෙි අවුවෙි මහ දවල් මීටර් 10ක් පයින් යනවා කියන එකත් විස්මිත වැඩක්...
    මෙ මහා අව්වෙි නිමක් නැති මිනිසුන්ගේ සද්ධාවත් ස්වාමින්වහන්සේලාගේ නිමක් නැති වීර්්‍යයත් ඇස් 2න් දැක ගත්තා...
    තායිලන්තයෙන් වැඩම කල ස්වාමින් වහන්සේලා අද මහයංගන බතලයාය අසපුවෙි සිට කිලෝමීටර් 15ක් පමණ මහයංගන සෑය වෙත පයින්ම වැඩම කලා...

    උන්වහන්සේලාගේ මුහුනේ තියෙන සිරියාවට මහ අව්වත් පරදිනවා..තමන් ලගට වතුර බෝතලයක් අරන් එන හැමදෙනාටම හිනා වෙලා සෙත් පතන්න උන්වහන්සේලා අමතක කලේ නෑ...
    තවමත් හිතා ගන්නට බැරි උන්වහන්සේලා දවස් ගානක් මෙහෙම පා ගමනින් වැඩිය විදය..තායි ස්වාමින්වහන්සේලාත් එක්ක අපේ ස්වාමින්වහන්සේලත් වැඩම කලා...ගමෙි පන්සලේ හාමුදුරුවෝ පාරට ඇවිත් උන් වහන්සේලාට වඩින්න මග හදලා දුන්නා..පුදුම ලස්සනක් අද මහියංගනේ..

    මෙ සියලු වීරියවන්ත ස්වාමින්වහන්සේලාට නමස්කාර වෙිවා!!!!!

    ඒ වගේමයි අපේ මිනිස්සුන්ගේ සද්ධාව...එ සද්දාව මෙි අව්වට පරදවන්න බැරි වුනා..මිනිස්සු කිලෝමිටර ගානක් දුරට පාර වතුරින් හෝදනවා..කෙසෙල්කොල අතුරා පාර සිසිල් කරලා... හරි පුදුමයි පාර දිගට කෙසෙල් කොල...ඒවා උඩට අම්මලා මල් ඉහිනවා...

    තරුණ කොල්ලෝ කෙල්ලෝ පාර දිගට පාවඩ අතුරනවා...
    අපේ උපාසක අම්මලා හඩ හඩා පැන් පූජා කලා...
    ඇගත් හිරිවැටිලා ගියා අද දැක්ක දේටනම්...

    අපේ හාමුදුරුවනේ! පෙනවා නේද මිනිස්සු ඔබවහන්සේලාට සලකන විදිය...ගිහියො දාසයෝ වගේ ඔබ වහන්සේලාට ආදරෙයි....හාමුදුරුවො පාරේ වඩිනකොට කඩි ගුල ඇවිස්සෙනවා වගේ අපේ මිනිස්සු ඇවිස්සෙනවා දන් පැන් පුදන්න..

    w92uNwD.jpg


    uOnVCi7.jpg


    WQ9m8w8.jpg


    nG1AQvw.jpg


    hQF1u71.jpg


    ගත්තෙ Ranga P Ruwanpura. පිංතූර තව ගොඩක් තියෙනවා. ලින්ක් එකට ගිහින් බලන්න. https://www.facebook.com/ranga.pruwanpura/posts/10213335387132057
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මොකද්ද ඒ අතේ අරන් යන්නෙ :oo:

    මාත් අදමයි බන් ඔහොම එකක් දැක්කෙ. භාවනා කරන්න හදපු කූඩාරමක් වගේ දෙයක්ද දන්නෙ නෑ. කැලේ ඉන්න හාමුදුරුවරු මදුරු දැල් වගේ නෙට් පාවිච්චි කරනවා දැකලා තියෙනවා.
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    :love: සාදුලා පාරට බැහැලා මිනිස්සු එක්ක හිටියොත් අපේ මිනිස්සු පන වුණත් දෙනවා. ප්‍රාඩෝ වලින් බැහැලා අපිට අල්පේඡ්ඡතාවය ගැන කියල දෙන සාදුලත් ඉන්නවා. ඒ අය නිකන් බුලත් හපයක් වගේ. :D
     
    • Like
    Reactions: youtube

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සතුටුයි; මේ වගේ ධර්මය රකින වෙනත් රටවල් තියෙන එක ගැන.
    දුකයි; සිංහළු, අපි නැත්නම් ධර්මය නෑ කියල හිතන් ඉන්න එක ගැන.


    You must spread some Reputation around before giving it to ruchira55 again.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    සතුටුයි; මේ වගේ ධර්මය රකින වෙනත් රටවල් තියෙන එක ගැන.
    දුකයි; සිංහළු, අපි නැත්නම් ධර්මය නෑ කියල හිතන් ඉන්න එක ගැන.


    You must spread some Reputation around before giving it to ruchira55 again.

    :(:(
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,746
    1
    57,982
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සතුටුයි; මේ වගේ ධර්මය රකින වෙනත් රටවල් තියෙන එක ගැන.
    දුකයි; සිංහළු, අපි නැත්නම් ධර්මය නෑ කියල හිතන් ඉන්න එක ගැන.


    You must spread some Reputation around before giving it to ruchira55 again.

    දුකයි; පයින් ගිහින් රැකුණ ධර්ම? ශරිරයට දුක් දෙන්න බුදු දහමේ උගන්නල නෑනෙ:(
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Thamath piwithuru buddagama loakaye thiyenawa. Dakinna labeemath sathutak mewan dayakayo wagema mewan hamuduruwarun wahansela.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    :love: සාදුලා පාරට බැහැලා මිනිස්සු එක්ක හිටියොත් අපේ මිනිස්සු පන වුණත් දෙනවා. ප්‍රාඩෝ වලින් බැහැලා අපිට අල්පේඡ්ඡතාවය ගැන කියල දෙන සාදුලත් ඉන්නවා. ඒ අය නිකන් බුලත් හපයක් වගේ. :D

    True මචං. මේ ටික දැක්කාමත් හිතට සහනයක් දැනෙනවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පට්ට.. ආරණ්‍ය් සේනාසන වල ඉන්න අය මාර සිල්වත්.. එතුමන්ල දැකත් ඇති හිත නිවෙනවා.. අපේ දෙනියායේ තියනවා ආරණ්‍ය කිහිපයක්ම.. මහ කැලවල් මැද තියෙන්නෙ.. පුදුම සිල්වත් ඒ හාමුදුරුවරු.