අපෝ උඹ බිවුවම හරියට දරුනු වෙනවා...............

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අපෝ උඹ බිවුවම හරියට දරුනු වෙනවා...............

    p8Gs.jpeg


    බීපු බුවෙක් බාර් එකකට ආවලු. ඇවිල්ලා බාර් ටෙන්ඩර් ට කියනවලු "මගේ ගානෙ මෙතන ඉන්න හැමෝටම ඩ්‍රින්ක් එක ගානෙ දීපං, උඹත් ශොට් එකක් දාගනිං. ඊට පස්සෙ බිල මට දීපං" කියල. ඉතිං බාර් ටෙන්ඩර්ත් ඒ විදියට කරල බිල ගෙනෙත් දුන්නලු. රුපියල් 15000 ක විතර බිලක්.

    එතකොට අර බුවා කියනවලු "පිස්සු කෙලින්න එපා, මෙච්චර ගෙවන්න මගෙ ලඟ සල්ලි නෑ" කියල. බාර් ටෙන්ඩර්ට මල පැනල මූට හොඳට කනට දෙක තුනක් දීල මූව බාර් එකෙන් එලියට ඇදගෙන ඇවිත් මහ පාරට දාල.

    ඊලඟ දවසෙත් මේ බුවා වෙරි මරගාතෙ ඇවිත් කියනවලු "මගේ ගානෙ මෙතන ඉන්න හැමෝටම ඩ්‍රින්ක් එක ගානෙ දීපං, උඹත් ශොට් එකක් දාගනිං. ඊට පස්සෙ බිල මට දීපං" කියල. බාර් ටෙන්ඩර් කල්පනා කරලු ඊයෙ කාපු කනේ පාරවල් මතක නම් මූ ආයෙ පිස්සු කෙලින එක නෑ කියල මූ කියපු විදියට කරාලු.

    අන්තිමට මූට බිල ගෙනෙත් දීලා. බිල 18000 ක්. මූ කියනවලු "අපෝ මෙච්චර ගෙවන්න මගෙ ලඟ සල්ලි නෑ" කියල. බාර් ටෙන්ඩර්ට අම්බානෙක මල පැනල. මූව ඇදගෙන එලියට ගෙනෙල්ලා හිතේ තරහ යනකම් ඇති වෙන්න අතින් පයින් නෙලලා.

    ඊලඟ දවසෙත් බුවා එනවලු බාර් එකට. ඇවිල්ල කියල "මගේ ගානෙ මෙතන ඉන්න හැමෝටම ඩ්‍රින්ක් එක ගානෙ දීපං" කියල. එතකොට බාර් ටෙන්ඩර් අහල "ඇයි අද මට උඹ ගානෙ ශොට් එක දෙන්නෙ නැද්ද?" කියල. එතකොට මූ කියනවලු "අපෝ උඹ බිවුවම හරියට දරුනු වෙනවා. ඒක නිසා උඹට බොන්න දෙන්නෙ නෑ"




     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හිනා කාල මැරෙනවා... උබට Rep දෙන්න බැරිලු මචං...