අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,746
    3,094
    113
    අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි....

    ඇමරිකන් ජාතිකයින් තම ආහාර වේලට පාන් පෙති දෙකක් මස් පෙත්තක් එළවලු සලාදයක් හා පළතුරු යුශ වීදුරුවක් ලබා ගනිති.ජපන් ජාතිකයින් සුදු බත් ගුලියක් රාබු අච්චාරු ස්වල්පයක් හා මාළු පෙත්තකින් සැනසෙති.චීන ජාතිකයින් නූඩ්ල්ස් අනුභව කරති.
    මේ සියලු රටවල් අතිශය දියුණු රටවල් වෙති.

    ලංකාවේ වේලක් ඉවීම දෙවනි ලෝක යුද්ධය සිහිපත් කෙරෙන රාජකාරියකි.හාල් කඩයට දිව ගොස් හාල් ගෙනෙන ගෘහණියෝ ඒවා සෝදති ගරති ලිපේ තියා පිස ගනිති.
    පොළේ ගොස් ගෙනෙන එළවලු ලේසියකට උයන්නට බැරිය.පොල් ගා කිරි මිරිකා තුනපහ මිරිස් යොදා මදි හරියට තෙම්පරාදු කර ඉවිය යුතුය.නැත්නම් කන උන්දලාගේ හිත හොඳ නැත.

    කිරට එකක් තෙලට එකක් මිරිසට එකක් යනාදියෙන් අපේ ආහාර වේල පිරිපුන්ය පොහොසත්ය.අම්මෝ හරි රසය.කාගෙන කාගෙන යා හැක.
    වේල පිළියල කරන්නට කාලයත් ඒ අයුරින්ම කත හැක.
    උදේ හයට ගෙදරින් පිටවෙන සැමියාට බත් මුල සකසා දෙන්නට බිරින්දෑවෝ උදේ හතරට ඇහැරෙති.නැතුව බැරිය.එළවළු මාළු උයන්නට වෙලා මදිය.

    කලින්දා රෑවේල තෙලට කිරට මිරිසට උයා තෙල් දැලිබැඳුනු වළං හෝදා රෑ එකොළහට දොළහට නිදාගත් බිරින්දෑ පහුවදා උදේ හතරට නැගිට වේල පිළියල කරන්නෝය.ඒ අතර නින්ද මඳිකමින් රෝගී වන්නෝය.අටෝරාසියක් හට්ටි මුට්ටි හෝදා අතපය රුදා හදා ගනිති.
    වේලක් උයා කෑ පසු ඒ ඒ බාජන හට්ටි මුට්ටි හේදීමත් ලේසි නැත.එකක් තෙල්‍ ය අනෙකේ කිරිය තවකෙක දැළිය හොදිය.කුස්සිය පුරා පොල් කුඩුය ළූණු පොතුය.ඔය ඔක්කෝම එක වේලක හපන්කම්‍ ය.

    විදේශික දරුවන් පුටුවක වාඩි වී අල ගෙඩියක් මස් කැබැල්ලක් කැරට් අලයක් බටර් තැවරූ පාන් පෙත්තක් සමඟ පළතුරක් අපූරුවට වදයක් නැතුව තනිව කති.
    ලාංකික දරුවන්ගේ අම්මලා පැය ගනන් ගතකොට කිරට තෙලට උයා බත් සමඟ අනා පොඩි කර චුරුප්පන් කර පස්සෙන් දුවමින් පොඩි එකාගේ කට ඇතුලට එබීමට වෙර දරති.බත් අප්පිරියා පොඩි එකා පසු නොබලා දුවයි."අනේ අපේ එක්කෙනා බත් කන්නෙම නැ"අම්මලා නාහෙන් අඬයි.
    විදේශික කුඩා ළමුන්ට පවා තමන්ගේ සරල ආහාර වේල පිළියල කර ගත හැකි වෙද්දී ලාංකික දරුවෝ අම්මා ලෙඩවූ දාට බඩගින්නේ හිදිති.නැත්නම් කඩෙන් කති.අපේ වේල හැදීම ඒ තරම් සංකීර්ණ කාර්‍යයකි.කුඩා උන්ට තියා සමහර වැඩුණු උන්ටද නොකල හැකි කාර්‍ය්‍යයකි.

    පිටරට කාර්‍යාලවල සේවය කරන්නන් වැඩ අතර තුරේදීම මස් හා එළවළු යෙදූ පාන් පෙත්තක් කා පළතුරු යුශ වීදුරුවක් බොයි.ඒ ඔවුන්ගේ දිවා ආහාරයයි.
    හපොයි ලංකාවේ එහෙම බැරිය.ඒ කෑම එහෙම ලේසියකට කන්නට බැරිය.කන්න කලින් විනාඩි දහයක් අත් හේදිය යුතුය.බත් මුල දිග ඇරගෙන මාළු කටු තෝරමින් කරපිංචා අහක් කරමින් කන්නට පැය බාගයක්වත් ගතවේ.කා බී අවසානයේ අතකට හෝදන්නටද ලේසියකට බැරිය.හොඳි මාලු නියපොතු අස්සේ පවා නැංගුරම් ලාගෙන ඇත්තෝය.
    ඉතින් ඔයින් මෙයින් කාර්‍ය්යාල වල කෑමට උදේට දවල්ට පැය දෙකක් වත් දිය යුතුය.
    බත් සමඟ හරි හරියට කාලයද කන්නෝය.

    ලාංකිකයන්ගේ මසක පඩියෙන් වැඩි කොටස වියදම් වෙන්නේ කෑමටය.ලේසි නැත.කීයක් ගත යුතුද.හාල් පොල් එළවළු මාළු වලින් නොනැවතී තුනපහ කහ මිරිස් කුරුදු රම්පෙ කරපිංචා සිට ගොරකා සියඹලා දක්වා ගත යුතුය.එකත් පොඩ්ඩක් බැරිය.බඩ පැලෙන්නට කන්නට බත් කන්දක් හා හායි හූයි ගාන්නට හොදි ගඟක් තිව යුතුය.
    නැත්නම් බඩට කෙසේ වෙතත් හිතට මදිය.

    වැඩියෙන් බත් කා අඩුවෙන් එළවළු කා ලෙඩ්ඩු වෙන්නටද ලාංකිකයෝ හරි හපන්නුය.
    කවුරු හරි ඇහුවොත් පුරාජේරුව කියවන්නේ "අපෝ අපි තුන් වේල බත් කන මිනිස්සු" කියාය.
    බත්වලට වඩා කන්නේ කාලය හා මුදල් බව නොහිතන්නෝය.

    ලෝකයේ දියුණු රටවල් කාලය අඩුවෙන් වැයවෙන සරල ආහාරයක් අනුභව කර මුදල් හා කාලය ඉතිරි කරගෙන පෙරට යද්දී අපි එක් වේලකට පැය ගනනක් කාලය වැය කොට පසුම්බිය හිඳෙන තුරු මුදල්ද වැය කරමින් එක තැන පල්වෙන්නෙමු.

    සැබැවින්ම අපේ ආහාර රටාව පිළිබඳ කල්පනා කර යුතු කාලය එළඹ ඇත.අපි වේලකට වැය කරන මුදල හා කාලය ගැන සිතූ විට අප තවමත් දියුණු වෙමින් පවතින රටක් වී ඇත්තේ ඒ නිසාමදැයි ඇතිවන සැකය සාදාරණය.මෙය කියවන ඔබත් ලියන මාත් ඇතුළු අප සියල්ලෝම ලාංකික ආහාර රටාව තුල සිරවුණු සිරකරුවෝ වෙමු.
    එයින් මිදෙන දවසක් ඇත්නම් එදිනට ලංකාව තවත් අඩියක් මෙතනින් පෙරට යනු ඇත.

    ඔයාලත් හිතල බලන්න 🙂
    හැබැයි පෙරේතයන්ට ඔය මොනවත් අදාල නෑ 😁

    (උපුටාගැනීම >>> අමා රාජපක්ෂ fb profile)
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,245
    2,136
    113
    in Helll
    ගොන් තර්ක ජීවිතේට ජපනෙක් චීනෙක් උයනවා දැකලා නෑ. පොඩි උන්ගේ සින් එක නම් හරි ඒ ක්‍රමය හරිම ලේසි. එක එක රට වල එක එක සංස්කෘති එක තේරුම් ගන්න බැරි ගොන් හරක් හැලී ලියනවා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    17,639
    34,582
    113
    උයන්න බැරි කම්මැලි ගෑනුත් ඔහොම හෑලි ලියනවා
    ඕකට වැඩිම like,comments දාල තිබ්බේ ගෑණු තමා..දැන් කාලේ ගෑණු බඳින්න හොයන්නෙත් උයන්න දන්න පිරිමි නේ..😄
     

    lilman

    Well-known member
  • May 10, 2009
    35,661
    45,640
    113
    Colombo
    අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි....

    ඇමරිකන් ජාතිකයින් තම ආහාර වේලට පාන් පෙති දෙකක් මස් පෙත්තක් එළවලු සලාදයක් හා පළතුරු යුශ වීදුරුවක් ලබා ගනිති.ජපන් ජාතිකයින් සුදු බත් ගුලියක් රාබු අච්චාරු ස්වල්පයක් හා මාළු පෙත්තකින් සැනසෙති.චීන ජාතිකයින් නූඩ්ල්ස් අනුභව කරති.
    මේ සියලු රටවල් අතිශය දියුණු රටවල් වෙති.

    ලංකාවේ වේලක් ඉවීම දෙවනි ලෝක යුද්ධය සිහිපත් කෙරෙන රාජකාරියකි.හාල් කඩයට දිව ගොස් හාල් ගෙනෙන ගෘහණියෝ ඒවා සෝදති ගරති ලිපේ තියා පිස ගනිති.
    පොළේ ගොස් ගෙනෙන එළවලු ලේසියකට උයන්නට බැරිය.පොල් ගා කිරි මිරිකා තුනපහ මිරිස් යොදා මදි හරියට තෙම්පරාදු කර ඉවිය යුතුය.නැත්නම් කන උන්දලාගේ හිත හොඳ නැත.

    කිරට එකක් තෙලට එකක් මිරිසට එකක් යනාදියෙන් අපේ ආහාර වේල පිරිපුන්ය පොහොසත්ය.අම්මෝ හරි රසය.කාගෙන කාගෙන යා හැක.
    වේල පිළියල කරන්නට කාලයත් ඒ අයුරින්ම කත හැක.
    උදේ හයට ගෙදරින් පිටවෙන සැමියාට බත් මුල සකසා දෙන්නට බිරින්දෑවෝ උදේ හතරට ඇහැරෙති.නැතුව බැරිය.එළවළු මාළු උයන්නට වෙලා මදිය.

    කලින්දා රෑවේල තෙලට කිරට මිරිසට උයා තෙල් දැලිබැඳුනු වළං හෝදා රෑ එකොළහට දොළහට නිදාගත් බිරින්දෑ පහුවදා උදේ හතරට නැගිට වේල පිළියල කරන්නෝය.ඒ අතර නින්ද මඳිකමින් රෝගී වන්නෝය.අටෝරාසියක් හට්ටි මුට්ටි හෝදා අතපය රුදා හදා ගනිති.
    වේලක් උයා කෑ පසු ඒ ඒ බාජන හට්ටි මුට්ටි හේදීමත් ලේසි නැත.එකක් තෙල්‍ ය අනෙකේ කිරිය තවකෙක දැළිය හොදිය.කුස්සිය පුරා පොල් කුඩුය ළූණු පොතුය.ඔය ඔක්කෝම එක වේලක හපන්කම්‍ ය.

    විදේශික දරුවන් පුටුවක වාඩි වී අල ගෙඩියක් මස් කැබැල්ලක් කැරට් අලයක් බටර් තැවරූ පාන් පෙත්තක් සමඟ පළතුරක් අපූරුවට වදයක් නැතුව තනිව කති.
    ලාංකික දරුවන්ගේ අම්මලා පැය ගනන් ගතකොට කිරට තෙලට උයා බත් සමඟ අනා පොඩි කර චුරුප්පන් කර පස්සෙන් දුවමින් පොඩි එකාගේ කට ඇතුලට එබීමට වෙර දරති.බත් අප්පිරියා පොඩි එකා පසු නොබලා දුවයි."අනේ අපේ එක්කෙනා බත් කන්නෙම නැ"අම්මලා නාහෙන් අඬයි.
    විදේශික කුඩා ළමුන්ට පවා තමන්ගේ සරල ආහාර වේල පිළියල කර ගත හැකි වෙද්දී ලාංකික දරුවෝ අම්මා ලෙඩවූ දාට බඩගින්නේ හිදිති.නැත්නම් කඩෙන් කති.අපේ වේල හැදීම ඒ තරම් සංකීර්ණ කාර්‍යයකි.කුඩා උන්ට තියා සමහර වැඩුණු උන්ටද නොකල හැකි කාර්‍ය්‍යයකි.

    පිටරට කාර්‍යාලවල සේවය කරන්නන් වැඩ අතර තුරේදීම මස් හා එළවළු යෙදූ පාන් පෙත්තක් කා පළතුරු යුශ වීදුරුවක් බොයි.ඒ ඔවුන්ගේ දිවා ආහාරයයි.
    හපොයි ලංකාවේ එහෙම බැරිය.ඒ කෑම එහෙම ලේසියකට කන්නට බැරිය.කන්න කලින් විනාඩි දහයක් අත් හේදිය යුතුය.බත් මුල දිග ඇරගෙන මාළු කටු තෝරමින් කරපිංචා අහක් කරමින් කන්නට පැය බාගයක්වත් ගතවේ.කා බී අවසානයේ අතකට හෝදන්නටද ලේසියකට බැරිය.හොඳි මාලු නියපොතු අස්සේ පවා නැංගුරම් ලාගෙන ඇත්තෝය.
    ඉතින් ඔයින් මෙයින් කාර්‍ය්යාල වල කෑමට උදේට දවල්ට පැය දෙකක් වත් දිය යුතුය.
    බත් සමඟ හරි හරියට කාලයද කන්නෝය.

    ලාංකිකයන්ගේ මසක පඩියෙන් වැඩි කොටස වියදම් වෙන්නේ කෑමටය.ලේසි නැත.කීයක් ගත යුතුද.හාල් පොල් එළවළු මාළු වලින් නොනැවතී තුනපහ කහ මිරිස් කුරුදු රම්පෙ කරපිංචා සිට ගොරකා සියඹලා දක්වා ගත යුතුය.එකත් පොඩ්ඩක් බැරිය.බඩ පැලෙන්නට කන්නට බත් කන්දක් හා හායි හූයි ගාන්නට හොදි ගඟක් තිව යුතුය.
    නැත්නම් බඩට කෙසේ වෙතත් හිතට මදිය.

    වැඩියෙන් බත් කා අඩුවෙන් එළවළු කා ලෙඩ්ඩු වෙන්නටද ලාංකිකයෝ හරි හපන්නුය.
    කවුරු හරි ඇහුවොත් පුරාජේරුව කියවන්නේ "අපෝ අපි තුන් වේල බත් කන මිනිස්සු" කියාය.
    බත්වලට වඩා කන්නේ කාලය හා මුදල් බව නොහිතන්නෝය.

    ලෝකයේ දියුණු රටවල් කාලය අඩුවෙන් වැයවෙන සරල ආහාරයක් අනුභව කර මුදල් හා කාලය ඉතිරි කරගෙන පෙරට යද්දී අපි එක් වේලකට පැය ගනනක් කාලය වැය කොට පසුම්බිය හිඳෙන තුරු මුදල්ද වැය කරමින් එක තැන පල්වෙන්නෙමු.

    සැබැවින්ම අපේ ආහාර රටාව පිළිබඳ කල්පනා කර යුතු කාලය එළඹ ඇත.අපි වේලකට වැය කරන මුදල හා කාලය ගැන සිතූ විට අප තවමත් දියුණු වෙමින් පවතින රටක් වී ඇත්තේ ඒ නිසාමදැයි ඇතිවන සැකය සාදාරණය.මෙය කියවන ඔබත් ලියන මාත් ඇතුළු අප සියල්ලෝම ලාංකික ආහාර රටාව තුල සිරවුණු සිරකරුවෝ වෙමු.
    එයින් මිදෙන දවසක් ඇත්නම් එදිනට ලංකාව තවත් අඩියක් මෙතනින් පෙරට යනු ඇත.

    ඔයාලත් හිතල බලන්න 🙂
    හැබැයි පෙරේතයන්ට ඔය මොනවත් අදාල නෑ 😁

    (උපුටාගැනීම >>> අමා රාජපක්ෂ fb profile)

    මෙච්චර කාලය ඉතුරු කරලා ඕකුන් කරන පලදායි වැඩ කියාන්කෝ බලන්න.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    15,437
    11,496
    113
    Piliyandala
    ඕකුන් ගෙවල් වල උයන්නෙ නැති උනාට එලියෙන් ගිහිල්ලා කනව බඩ බැලෙන්නම..

    අපේ රටේ කඩ කෑම කෑවොත් සොට් එක හම්බ වෙන නිසා තමයි මැරීගෙන හරි ගෙදරින් කෑම එක හදන් යන්නේ පිරිසිඳුවට..


    කෑම ගැන මීට වඩා හොයල බලන ආයතන තිබ්බ නම්, ලංකාවේ මිනිස්සුන්ටත් ගෙදරට ගේන කෑම වලට යන වියදම කඩෙන් කන්න පුලුවන්...

    රටකට ගියෙවත් නැති එවුන් ද මන්ද බන් මේ හෑලී ලියන්නේ...
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,959
    1
    27,946
    113
    විවේචන රැල්ල. ඉතින් ඕන උන්ට පුළුවන්නේ අලගෙඩියයි පාන් පෙත්තයි කාල නිදාගන්න. කවුද කියන්නේ ඔය විදියට උයන්න ඕන කියල
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,471
    113
    මෙච්චර කාලය ඉතුරු කරලා ඕකුන් කරන පලදායි වැඩ කියාන්කෝ බලන්න.
    මේ වගේ හෑලි ලියන්නේ ,උයන්නේ නැතුව කඩෙන් පාන් පෙත්තක් ගෙනත් කාලා ඉතුරු කරන කාලෙන් තමයි.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    7,970
    7,501
    113
    🤍
    මේකේ ඉන්න ඕන එකෙක්ට චැලෙන්ජ් කරනවා තොපි එකෙක්ට වත් මන් තරම් ස්පීඩ් උයන්න බෑ රසට උයන්නත් බෑ.
    හැබැයි දර ලිපේ
    epama krpu wadak dara lipe uynw kiyanne :cry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    25,408
    1
    26,471
    113
    මේකේ ඉන්න ඕන එකෙක්ට චැලෙන්ජ් කරනවා තොපි එකෙක්ට වත් මන් තරම් ස්පීඩ් උයන්න බෑ රසට උයන්නත් බෑ.
    හැබැයි දර ලිපේ
    චැලෙන්ජ් නම් කරන්නේ නෑ.අපිත් දර ලිපේ තමයි
     
    • Like
    Reactions: Ryan08

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    9,022
    113
    මට දකුණු ආසියාතික මනුස්සයෙක් විදිහට වෙලාව ඇරගෙන කෑම කාල අංශක 25හේ ප්‍රශස්ත උෂ්නත්වෙට වැඩිය රත්වෙවී ඉදලා සාර්තක වෙන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. Don't try to micromanage me bitch.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,909
    113
    බත් අහාරයට ගන්නේ සාමනයෙන් දුප්පත් මිනිස්සුන් යැයී යුරොපේ මතයක් පවතී
     

    Sen-lu

    Well-known member
  • ඇමරිකාවෙ තියෙන්නෙ ලෝකෙ unhealthyම food culture එකක්. බත් අඩු කරන එක හොඳයි. හැබැයි අපේ කෑම වලට වඩා ටයිම් යන කොම්ප්ලෙක්ස් කෑම සංස්කෘති කොයිතරම් තියෙනවද? මෝඩ ගෑනු ඔහේ හෑලි ලියනව
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,875
    21,511
    113
    අම්බකිස්ස
    අර ටෙක්සාස් බාබකිව් ද මොකද්ද හුත්ත හදන්න පැය 18ක් විතර ස්මෝක් කරන්න ඕනි,බලපන් චීස්,වයින්,හැම් වගේ ඒවා කොච්චර ඒජ් කරනවද කොලිටි එක ගන්න....උබලා බලන්නේ නැද්ද යූ ටියුබ් කියලා එකක් තියෙනවා ඒකෙන් අනිත් රටවල් විස්තර එහෙම.එක එකා කනින් කොන්න් කිය්න ඒවා විතරක් අහන් ඉන්නේ...උබලා ලංකාවේ ඉන්න මනුස්සයෝ වේගෙන් උයනවා දැක්ලා නෑ බන්..පැයෙන් මාලුව 3ක් එක්ක රයිස් කුකර් එකේ බත් එක ගහලා කන්න හදන අයත් ඉන්නවා.සම්බෝලෙයි බතුයි හදන්න පැය 2,3 ගන්න වුනුත් ඉන්නවා,,ඒක බැරි කම මිසක් වෙන එකක් නෙමෙයි