අප ජීවත්වන පෘථිවිය පිලිබඳ මේ දේවලුත් ඔබ ද&#350

Nipunarc

Junior member
  • Jan 26, 2014
    42
    1
    22
    8
    අප ජීවත්වන පෘථිවිය පිලිබඳ මේ දේවලුත් ඔබ ද&#350

    අභ්‍යවකාශය

    • පෘථිවියෙහි වැඩිම දුරක සිට ගැනුනු චායාරූපය තමයි "Pale blue dot" කියන චායාරූපය ඒක ඔයාලට පහලින් දැක ගන්න පුලුවන්
    Pale blue dot
    • ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මෙතෙක් ඉදිකෙරුනු මිල අධිකම වස්තුව වේ ඒ සඳහා ගිය වියදම ඇමරිකානු ඩොලර් බිලියන 150කි.
    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය

    • ලොව දුශ්කරතම තත්ව යටතී ජීවත්විය හැකි සත්වයා වන්නේ "Tardigrade"නැමැති සත්වයායි ඌ හට රික්තකයක් තුල දින දහයක් පමණ ජීවත් විය හැකිය.
      Tardigrade
    • මිනිසෙකුට කිසිඳු ආරක්ශාවකින් තොරව අභ්‍යවකාශය තුල ජීවිතය රැක ගත හැක්කේ මිනිත්තු දෙකක් පමණි.

    • සැබවින්ම දවසකට පැය 24ක් නොමැත් ඇත්තේ පැය 23යි මිනිත්තු 56යි තත්පර 4ක් පමණි මෙය නක්ශත්‍ර දිනයක් ලෙස හැඳින් වේ.


    • චීනයේ වායු දූෂනය කොපමනද කිවහොත් මීට පෙර අභ්‍යවකාශයේ සිටත් දැකගත හැකි වූ චීන මහා ප්‍රාකාරය දැන් අභ්‍යවකාශයේ සිටට දැක ගතනොහැකිය.
    චීන මහා ප්‍රාකාරය

    • 1957 දී ස්පුට්නික් යානය අභ්‍යවකාශගත කිරීමෙන් පසුව නොයෙක් අභ්‍යවකාශ වස්තු 38,000ක් පමණ අභ්‍යවකාශගත කර ඇත.
    ස්පුට්නික් යානය

    • දිනකට එක් අභ්‍යවකාශ සුන්බුන් කැබැල්ලක් සාමාන්‍ය‍යෙන් පෘථිවියට ඇතුලු වන බව නාසා ආයතනය තක්සේරු කරගෙන තිබේ.

    • මිනිසා විසින් නිපදවන ලද වස්තූන්(10cm ට වඩා විශාල) 22,000ක් පමණ පෘථිවිය වටා කක්ෂගත වී පවතී.එයින් 5% ක් චන්ද්‍රිකා වේ.8% ක් රොකට්ටු ය.87% ක් අක්‍රීය චන්ද්‍රිකා හා සුන්බුන්ය.

    වායුගෝලය.

    • කී.මී 19ක(හැතැක්ම 12ක)උච්චය කදී පීඩනයට ලක් කරන ලද ඇදුම් කට්ටලයක් භාවිතා කල යුතුය.නැතහොත් ශරීර උෂ්නත්වයේ දී ජලය නටන උෂ්නත්වයට පත්වේ.
    පීඩනයට ලක් කරන ලද ඇදුම් කට්ටලයක්

    • දිනක‍ට ටොන් 100ක පමණ ‍උල්කාෂ්ම කැබලි පෘථිවි වායුගෝලයට ඇතුලුවේ.

    • 2012 දී ‍‍ඕසොන් සිදුරෙහි විශාලත්වය මීට වසර 10 කට පෙර තිබූ තත්වයට වඩා කුඩාය.

    • මිලියන 8.6ක අකුණු ගැසීම් ප්‍රමාණයක් දිනකට සිදුවේ.

    • පෘථිවියට කඩා වැටුනු ආවාටයක් නොසෑදූ විශාලම උල්කාපාතය "හොබා" නම් වේ.එය විනාශ වීමකින් තොරව අභ්‍යවකාශය හරහා පැමිනියේ එහි දෙපස ඇති පැතලි ස්වභාවය නිසා යැයි සැලකේ.(මෙය ජලය මතුපිටින් පැතලි ගල් කැබැල්ලක් ගමන් කිරීමට සමාන කල හැක.)
    හොබා

    • පෘථිවි වායුගෝලයේ වැඩිපුර ඔක්සිජන් අඩංගු වුවහොත් "රෙප්ටයිල්"(උරගයින්) හා "ඇම්පිබියා"(උභය ජීවීන්) යන ජීවී කාණ්ඩ වලට මෙතරම් දිගුව හා විශාලව වැඩිය නොහැකිය.


    සාගර.

    • පෘථිවියේ ඇති ජලයෙන් 97%ක් ම බීමට ගත නොහැක.බීමට ගත හැක්කේ 3% ක් පමනි.

    • අත්ලන්තික් සාගරයේ ඇති ජලයට වඩා ඇන්ටාන්ටිකාවේ අයිස් අඩංගු වේ!.

    • සාගර ජලය ලීටරයක රත්‍රන් ග්‍රෑම් එකකින් 13න් බිලියනයකින් කොටසක් අඩංගු වේ.

    • සාගර තුල අඩං‍ගු අපද්‍රව්‍ය වලින් 90% ක්ම ඇත්තේ ප්ලාස්ටික්ය.

    • 2000ක් පමණ මුහුදු ජීවීන් ප්‍රමාණයක් වසරකට සොයා ගැනේ.

    • මිලියනයකට වඩා මුහුදු ජීවීන් ප්‍රමාණයක් සාගර තුල ජීවත් වේ.2/3 ක ප්‍රමාණයක් තවමත් සොයා ගෙන නොමැත.

    • වසරකට 8-12ක් මාරක සිද්ධි මෝරුන් නිසා සිදු වේ.නමුත් මිලියන 100ක් පමණ මෝරුන් වරල් හා අනෙකුත් ද්‍රව්‍ය ලබා ගැනීමට ඝාතනය කරයි.

    • ගිනි‍‍කදු‍ පිපිරීම් වලින් 90% ක් සාගර තුල දී සිදු වේ.

    • පෘථිවියේ ඇති ජලය බෝලයක් තුලට ඇතුලු කලහොත් එහි විශ්කම්භය කී.මී 860කි.එය සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන "Tethys"චන්ද්‍රයාට සමාන වේ.

    • සාගරයේ ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාධයෙහි ගැඹුර කී.මී 10.9කි.


    ඉස්සුවේ http://softwarelanthaya.blogspot.com බ්ලොගියෙන්
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ස්තුතියි

    oz05.png
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    [QUOTEසාගරයේ ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාධයෙහි ගැඹුර කී.මී 10.9කි.][/QUOTE]
    yako bus ekaka yanawanam Rupial 30ka wage dura, peyaka wage gamana (mema kalaya marga thada badaya nisa wenas wiya hekiya).....:rofl: