අපිනම් ඒ කාලය උපරිමයෙන්ම ගෙවපු කට්ටිය. එත් අපේ ළමයින්ට ඒ වගේ කාලයක් ලැබෙයි කියලනම් සැකයි.![]()
ඒක අපිට පුලුවන් විදිහට ලමයින්ට හදලා දෙන්න ඕනේ මචං.
අපිනම් ඒ කාලය උපරිමයෙන්ම ගෙවපු කට්ටිය. එත් අපේ ළමයින්ට ඒ වගේ කාලයක් ලැබෙයි කියලනම් සැකයි.![]()
සිරාවට බන් .මාරම දුකයි පාසල් කාලෙ ගැන. ආයෙ යන්න තිබ්බා නම් කියලා හිතිච්ච වාර ගාන අනන්තයි.

හැමදේකම අගේ දැනෙන්නේ ඒ දේ නැති උනාම තමයි බං.![]()


mata therenne na ai hamoma aith pasal kaleta yanna one one one kiyala kiyanne kiyala tom ayye....
----------------------------------------------------------------------------------
personnaly matanam mage jiwithe epama karapu kale thmai pasal kaalaya.....
aithnam jiwitheta pasala kaletanam yanne na....
සමහර අයට එහෙම තියනවා මල්ලි. මගේ යාලුවෙකුත් ඔහොම කියනවා.පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්....
පෙම්බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද......
ශිල්ප උගත්තෙමු ණැනලැබ ගත්තෙමු......
දෙපාවාරු නැත ඔබ හැර යන්නට.....
නිල් තණ පලසෙහි ගැටුන දෙපාවයි.......
කෝල හැගුම් කෙළි කවට සිනාවයි.....
මල් නැටුමයි කළ ගෙඩි නැටුමයි......
මගේ දෑස තුල යළිත් ඇදේවිද.......
පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්.....
පෙම් බස් දෙඩුවෙම් උයන් කොණෙක හිද.....
ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු......
දෙපා වාරු නැත ඔබ හැර යන්නට......
නෙත කදුළින් හසකැනින් මුවා කල.....
සොදුරු පැතුම් පුරවා මන මත් කල....
මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි.....
මා හැදු පාසල් මවුනි දයාදර.....
පියමං කෙරුවෙමු මහ වෙල් මැද්දෙන්......
පෙම් බස් දෙඩුවෙමු උයන් කොනෙක හිද........
ශිල්ප උගත්තෙමු ණැන ලැබ ගත්තෙමු.......
දෙපා වාරු නැත ඔබ හැර යන්නට.....
ape podi ewunta nam hitha gannath beri wei ohoma life ekak. kalaya mawu wenesaka arume ...

දැන් ඉන්න පොඩි උන්ට කොහෙද ටොමෝ ලමා කාලයක්.....![]()
e kale mathak wenakota mara dukai.
ඇත්තටම දුකයි බං. ජීවිතේ කිසිම බරක්පතලක් නැතිව හිටියේ ඉස්කෝලේ යන කාලේ තමයි.



ඉස්සර මං ගිය පාසැල ඇරිලා

ඉස්සර මං ගිය පාසැල ඇරිලා
ඉස්සර මං ගිය පාසැල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා
මේ දරු දැරියන් නොදුටුව දෑසින්
එක දරුවෙක් තනිවී එනවා
ගහකොළ සෙළවී ඔහු දෙස බැලුවා
බිම් මල් හිනැහී හිස වැනුවා
ඒ දඬුමංකඩ තිත්ත පැටවු රැළ
ඔහුගේ සුවඳට ඉව කෙරුවා
මේ විසිතුරු හැර කොතැනක යන්නද
පුංචි දෙපා එක තැන රැඳුනා
ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැළ පේලි සැදී හිඳ
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනී
තාමත් ඔහු මේ වන නිල්ලේ
පොත් පිටු අතරේ නොරැඳෙන දෑසින්
වන වදුලේ අසිරිය දකිනා
ගම් දරුවන් මැද මේ දරු පැටියා
මගේ නෙතට කඳුලක් නැගුවා
ඔහුට මුවාවී පාසැල් යන්නේ
මා දැයි නිකමට මට සිතුනා
ගායනය : විශාරද සුනිල් එදිරිසිංහ
සංගීතය : එච්.එම්.ජයවර්ධන
පද රචනය : කුමාරදාස සපුතන්ත්රී


සමහර අයට එහෙම තියනවා මල්ලි. මගේ යාලුවෙකුත් ඔහොම කියනවා.


ඕනිම දේක අගය දැනෙන්නේ ඒ දේ නැතිවූ විටයි. ඒකට හොදම උදාහරණය තමයි අපේ පාසල් ජිවිතය. ඒකාලේ දැනුන ඒ වින්දනය, නිදහස, හිතේ සැහැල්ලු බව අද නැති නිසා ඒකාලේ අගය දැන් අපිට ගොඩක් වැඩියෙන් දැනෙනවා.
අහන්න සිංදු ටික තෝර තෝර ඉන්න වෙලාවෙ හිටිහැටියෙම මේ සිංදුව මගේ ඇස ගැටුනා.
සුළගේ ලෙලෙනා මලසේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාළුවො අද නැත - වෙන අය එහි ඇත
කාලය මැවූ වෙනසක අරුමේ
ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විලසේ..//
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..
සාම ලා අමරලා පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ..//
අපේම පාසල අපේම මව විය
එදවස් අපහට නැත ආයේ...
මේ සිංදුවත් සිංදුවේ අර්තය වගේම තමයි. මේ සිංදුවත් මම ඉස්කෝලේ යන කාලෙ නම් රේඩියෝ එකෙන් අහන්න ලැබුනා. ඒත් දැන් නම් මේ සිංදුවත් ඒ වගේ ප්රචාරය වෙන්නෙ නැති ගානයි. මේකේ අර්ථය ගොඩක් සරළයි. විචාරයක් කරන්න තරම් දෙයක් නැතිගානයි. එව්නාට සිතේ ගැඹුරුම තැනට ආමන්ත්රණය කරන්න මේ සිංදුව සමත් කිව්වොත් ඔය හැම කෙනෙක්ම මාත් එක්ක එකග වෙනවා නොඅනුමානයි.
සුළගේ ලෙලෙනා මලසේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාළුවො අද නැත - වෙන අය එහි ඇත
කාලය මැවූ වෙනසක අරුමේ
මේ පද ටික ඇහෙනකොට ඉස්කෝලේ පොඩි පංති වල දුවල පැනලා සෙල්ලම් කරපු හැටි, ඒ ගොඩ නැගිලි, ගහකොල මතක් වෙන එක නම් නවත්තන්න බැ. මනසේ බොහෝම අලංකාර චිත්රයක්වගේ ඒ හැමදේම මැවිලා පෙනෙනවා. අද ඒ ඉස්කෝලේ ඒ පරිසරයටම ගියත් යාලුවෝ නෑ, මට සෙල්ලම් කරන්නත් බෑ. වෙන එකක් තියා පරිසරය පවා වෙනස් වෙලා. ගහකොල නැති වෙලා, තව තව පංති කාමර එක්ක ගොඩනැගිලි ඉදිවෙලා. හැබැයි මල්වගේ ලමයි නම් හැම තැනම දුවනවා.එයාලා මගේ යාලුවෝ නම් නෙවෙයි.
ලොකු පංතියෙ අය පොඩි පංතියෙ අය
හැමදෙන එක පංතියෙ විලසේ..//
අප පොත්වල දුටු රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැවුවේ..
පාසල් කාලෙදි ලමයින්ගේ පංති බේදයක් නෑ. මෙයා අර ලොක්කගේ පුතා කියලා අපිට විශේෂත්වයක් නෑ. හැමෝම එකා වගේ. එකට සෙල්ලම් කරනවා. එකට රන්ඩු වෙනවා. ආයිත් ටිකකින් යාලුවෙනවා. නමුත් අද ඒ යාලුවොම මොන තරම් වෙනස් සමාජ තත්ව වලද ඉන්නේ.සිංදුවේ මේ කොටස යනකොට අඹයාලුවෝ කතාවත් මට නම් මතක් වෙනවා.
![]()
සාම ලා අමරලා පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ..//
අපේම පාසල අපේම මව විය
එදවස් අපහට නැත ආයේ...
දැන් නම් සාම ලා අමරලා පොත්වල ඉන්නවද දන්නෙ නෑ. මොකද සිලබස් වෙනස් වුනානේ. ඒත් මගේ ලග නම් සාම ලා අමරලා තවම ඉන්නවා. හිතින් විතරක් නෙවෙයි හෝඩි පොතේ එක පිටුවක් වත් අඩු නැතුව එක කොළයක් වත් ඉරෙන්නේ නැතුව මඩ ගැවෙන්නේ නැතුව මගේ ලග තියනවා.
![]()
මේ සිංදුව අහනකොට මේ සිංදුව විතරක් නෙවෙයි මේ වටේ තියන තවත් සිංදු ගොඩක් මතක් වෙනවා. අඹයාලුවෝ එකේ තේමා ගිතය, අයන්න කියන්න, අකුරු මැකි නැ ඉන් කීපයක් විතරයි.
මගේ හිතට දැනුන හැගිම ඔයාලගේ හිත්වලටත් දැනෙන්න ඇතැයි සිතමි.
ඔබට හෝ ඔබේ සහෝදර සහෝදරියන්ට පාසල් යන වයසේ ලමයි ඉන්නව නම්. එයාලගේ ලමාකාලය එයාලට විදින්න ඉඩදෙන්න. එයාලව ලමාකාලය විදින්න යොමු කරන්න. ෆෝන් එකක්, කම්පියුටර් එකක් ඉස්සරරා ඒ ජීවිත හිර කරන්න ඉඩ තියන්න එපා. 2,3 වසරවල ඉදලා ටියුෂන් යවලා හැගිම් නැති මිනිස්සු බිහි කරන්න එපා. අපි වගේම පොඩි කාලේ ගැන හිතලා සතුටු වෙන්න එයාලටත් ඉඩ හරින්න.
mama podi kale idalama out of the track hitapu kenek .......... eka wenna athi....
anith ayata mawa dirawwe naththeth ...... mata unwa direwwe naththeth.....
---------------------------------------------------------------------------------------
habai pasal kalayedi kawuruwath hihekin wath lamayek nokarana wada kotasak mama karala .................
mathak wenakotath matama mage gana adambarayak danenawa..........
mage thaththa thmai mata hitapu hodama guruwaraya saha danatath inne thaththama thmai.......
රෝඩරනර් කාටුන් එක බැලුවොත් උට දුක වගේම ඌ කැමති නරියට.