අභ්‍යාවකාශ සංග්‍රාමය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අභ්‍යාවකාශ සංග්‍රාමය

    aRaBfw1.jpg

    නූතන තාක්ෂණික දියුණුවත් සමග අභ්‍යාවකාශයද සංග්‍රාම භූමියක් බවට පත්ව තිබේ.අභ්‍යාවකාශය තුල මහා විනාශකාරී අවි රැදවීම වැලැක්වීම සඳහා ගිවිසුමක් පවතියි.නමුත් මේ ගිවිසුම ඔස්සේ සාම්ප්‍රදායික අවි හෝ අනෙකුත් අවි ආවරණය නොවේ.අභ්‍යාවකාශය සන්නද්ධ කිරීම ඇරඹෙන්නේ එක්සත් ජනපදය,රුසියාව සහ චීනය අතර වර්තමාන තරඟය නිසාවෙනි.අභ්‍යාවකාශයේ වත්කම් අතරින් විශිෂ්ඨයා වන්නේ එක්සත් ජනපදයයි.අභ්‍යාවකාශයේ රදවා තිබෙන චන්ද්‍රිකාවලින් 50% පමණ එක්සත් ජනපදයට අයත් හෝ ඔවුන්ගේ පාලනය පවතින ඒවා වන අතර ඉන් 22%ක් පමණ ඇමෙරිකානු හමුදාවේ අවශ්‍යතා මත කක්ෂ ගත කර තිබේ.දෙවැනි තැන සිටින්නේ චන්ද්‍රිකා වලින් 10%ක් අයත් රුසියාවයි.

    ජාත්‍යන්තර-දිශානතියක් සහිත හමුදාවල සන්නිවේදනය,ස්ථානගත කිරීම් සහ සතුරු හමුදා අනාවරණය කරගැනීම් ආදියේදී අභ්‍යාවකාශය තීරණාත්මක කාර්යභාර්යයක් ඉටුකරයි.සතුරු සංඥාවලට බාධා කිරීම සහ පොළොවේ අධි-විභේදන ඡායාරූප ගැනීම ආදී කාර්යයන් සඳහා බලවත් රටවල් ඔත්තු බැලීමේ චන්ද්‍රිකා අභ්‍යාවකාශයට යවයිඉහළ නිරවද්‍යතාවයක් සහිතව ගමන් පථ සහ මාර්ග සලකුණු කිරීමට දේශීයව සහ විදේශීයව සම්බන්ධව තිබෙන සන්නිවේදන චන්ද්‍රිකා ස්ථානගත කල හැකිය.මෙම අභ්‍යාවකාශ වත්කම් නූතන හමුදාවලට අසමසම හැකියාවක් ලබාදෙයි.හමුදාමය කටයුතු උදෙසා අභ්‍යාවකාශ වත්කම් භාවිතා කිරීමෙන් අභ්‍යාවකාශ සංග්‍රාමයක් සඳහා අවස්ථාව නිර්මාණය වී තිබේ.අභ්‍යාවකාශ සංග්‍රාමයේදී පොළොවේ තිබෙන ඉලක්ක වලට පහරදීමට අවි ස්ථානගත කිරීම සහ සතුරු චන්ද්‍රිකා සහ අනෙකුත් අභ්‍යාවකාශ වත්කම් අභ්‍යාවකාශය තුලදීම විනාශ කිරීම සිදුකල හැකිය.





    මයික්‍රෝ චන්ද්‍රිකා සහ පිකෝ චන්ද්‍රිකා

    මයික්‍රෝ චන්ද්‍රිකා යනු කි.ග්‍රෑ. 10-100 අතර බරකින් යුක්ත කුඩා ප්‍රමාණයේ චන්ද්‍රිකාය.මේවා අනෙකුත් චන්ද්‍රිකා වටා කක්ෂ ගත කර එම චන්ද්‍රිකාව ඡායාරූප ලබාගෙන පොලොවේ සිටින විද්‍යාඥයින් වෙත යවයි.දෝෂ සහිත චන්ද්‍රිකාවල රෝග විනිශ්චය සඳහා මයික්‍රෝ චන්ද්‍රිකා යෙදවිය හැකිය.නමුත් මයික්‍රෝ චන්ද්‍රිකාවල හමුදාමය භාවිතය ඊට වඩා පුළුල්ය.මයික්‍රෝ හෝ පිකෝ(ග්‍රෑම් 100-කි.ග්‍රෑ.1 අතර බරකින් යුක්ත චන්ද්‍රිකා)චන්ද්‍රිකා අභ්‍යාවකාශයේදී හෝ පොළොවෙන් දියත් කල හැකි අතර ඒවා සතුරු චන්ද්‍රිකා වටා භ්‍රමණය වීමට සැලැස්විය හැකිය.මෙහි තිබෙන වාසිය වන්නේ සතුරු චන්ද්‍රිකා වටා භ්‍රමණය වෙමින් ඒවාහි අධි-විභේදිත ඡායාරූප ලබාගෙන වැඩි දුර විශ්ලේෂණයට පෘථිවි මධ්‍යස්ථාන වෙත එවීමේ හැකියාවයි.මෙවැනි ඉලක්කයන් බවට පත්වන්නේ වෙනත් රටක රහසිගත චන්ද්‍රිකා ව්‍යාපෘති ආදියයි.තවද චන්ද්‍රිකාවල ඇන්ටෙනා මගින් සතුරු චන්ද්‍රිකාවේ සංඥා ග්‍රහණය කරගෙන අඟුලු බිදීමට පවා හැකියාව තිබේ.මයික්‍රෝ චන්ද්‍රිකාවල තිබෙන අනෙක් අගනා ප්‍රයෝජනය වන්නේ ඉලක්ක ගත සතුරු චන්ද්‍රිකාවේ සන්නිවේදයට බාධා සිදුකිරීමයි.එම කාර්යය සතුරු චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශයේදී විනාශ කර සැක සහිත සුන්බුන් ඉතිරි කරනවාට වඩා හොඳය.අවසන් වශයෙන් මයික්‍රෝ චන්ද්‍රිකා යොදාගෙන සතුරු චන්ද්‍රිකාවක් මුළුමනින්ම විනාශ කිරීමටද පුලුවනි.

    gw7vImU.jpg
    10×10×10 cm ප්‍රමාණයේ ඝනකාභ හැඩැති CubeSat මයික්‍රෝ චන්ද්‍රිකාවක්​

    l0RMAaa.jpg
    රෝග විනිශ්චය සඳහා අනෙක් චන්ද්‍රිකාවල ඡායාරූප ගැනීමට යොදාගන්නා මයික්‍රෝ චන්ද්‍රිකා ගැන කියවෙන චීන වෙළදදැන්වීමක්​





    චන්ද්‍රිකා නාශක මිසයිල

    චන්ද්‍රිකා නාශක මිසයිල යන සංකල්පය ප්‍රායෝගිකව සාර්ථක වූයේ 1980 දශකයේ මැද භාගයේදීය.මෙහිදී සිදුවන්නේ ගොඩබිම,ප්‍රහාරක ජෙට් යානයකින් හෝ මුහුදේ සිට දියත් කරන මිසයිලයකින් ඉලක්ක කල සතුරු චන්ද්‍රිකාවක් විනාශ කිරීමයි.නිවැරදිව සතුරු චන්ද්‍රිකාව විනාශ කිරීමට නම් ගොඩබිම්,වාසර සහ අභ්‍යාවකාශ ලේසර් ලුහුබැදීම් සහ රේඩාර් පද්ධතිවල සහාය මිසයිලයට ලබාදිය යුතුවේ.චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශය තුලදී විනාශ කිරීමෙන් නිර්මාණය වන සුන්බුන් කැබලි පෘථිවිය වටා කක්ෂ ගත වන අතර ඒවා ඕනෑම මොහොතක කිසිදු වගවිභාගයකින් තොරව වෙනත් චන්ද්‍රිකාවල හෝ අභ්‍යාවකාශ මධ්‍යස්ථා හෝ වෙනත් අභ්‍යාවකාශ වත්කම් වල ගැටී හානි සිදුවීමට පුළුවනි.චන්ද්‍රිකා නාශක මිසයිල යනු අභ්‍යාවකාශයේ ආධිපත්‍යය ලබාගැනීමේදී නොගැළපෙන පිළිතුරකි.

    IsL3T0Z.jpg
    ASM-134 චන්ද්‍රිකා නාශක මිසයිල​





    ගොඩබිම්,ගුවන් සහ අභ්‍යාවකාශය මූලික ලේසර්

    ක්ෂුද්‍ර තරංග,ප්‍රකාශ හෝ ප්ලාස්මා මූලික ලේසර් යොදාගෙන චන්ද්‍රිකාවක් අන්ධ කිරීම,ක්‍රමාංකනය අවුල් කිරීම හෝ විනාශ කිරීම සිදුකල හැකිය.අධි තීව්‍රතා ලේසර් මගින් නිකුත් කරන ඉහල ප්‍රවේගයකින් යුක්ත ඉලෙක්ට්‍රෝන චන්ද්‍රිකාවක බාහිර පෘෂ්ඨය මත ගැටී ප්‍රතික්‍රියා කිරීමෙන් එය දුර්වල වී,ශක්තිමත්බාවයට පහළ වැටීම සහ සමහර අවස්ථාව සම්පුර්ණයෙන්ම විනාශ වී යෑමද සිදුවිය හැකිය.ලෝකයේ නිශ්චිත ප්‍රදේශයක පැහැදිලි සහ නිරවද්‍යය ඡායාරූප ඔත්තු බැලීමේ චන්ද්‍රිකා ඔස්සේ ලබා ගැනීම වැළැක්වීමට ප්‍රධාන වශයෙන්ම යොදාගන්නේ ගොඩබිම් මූලික ලේසර් අවිය.ඒවායින් නිකුත් කරන අධි-ශක්ති කදම්බයක් මගින් ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවල කැමරා කාචවලට සහ නාභි ගත කිරීමේ උපාංගවලට හානි සිදුකරයි.ලේසර් අවි යම් නිශ්චිත ප්‍රදේශයක් ඉලක්ක කරගෙන කක්ෂගත කර තිබෙන ඔත්තු බැලීමේ චන්ද්‍රිකා වලට එරෙහිව භාවිතා කල හැකිය.

    CHFApfC.jpg
    ඇමෙරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ වාසර ලේසර් අවියක්​





    ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික චන්ද්‍රිකා

    අභ්‍යාවකාශ-අවි චන්ද්‍රිකා හෙවත් ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික චන්ද්‍රිකාවකට ඉලක්ක කරන රටක් එය සතු චන්ද්‍රිකා සමග සන්නිවේදනයේ යෙදීම හෝ ගොඩබිම් මධ්‍යස්ථාන භාවිතා කිරීමට බාධා පැමිණවිය හැකිය.තවද ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික යොදාගෙන චන්ද්‍රිකා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් සිදුකිරීම එනම් දේශීය ඇන්ටෙනා සහ චන්ද්‍රිකාවලින් තමන්ට අවශ්‍ය පණිවුඩ ප්‍රචාරය කිරීමට හැකියාව තිබේ.චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සිදුකරන ජංගම දුරකතන සංවාද කටහඬ-හඳුනාගැනීම වැනි දියුණු මෘදුකාංග යොදාගෙන විශ්ලේෂණය කිරීමෙන් රාජ්‍යය නායකයින්ගේ රහස් සාකච්ඡා ආදියට ඇහුම්කන් දීමටද පුලුවනි.මෙවැනි චන්ද්‍රිකා සන්නිවේදන සංඛ්‍යාත පරාස ඉලක්ක කරගෙනම විශේෂයෙන් නිර්මාණය කරන ඒවාය.





    අභ්‍යාවකාශ ආක්‍රමණකාරි අවි

    පිටත අභ්‍යාවකාශ ගිවිසුමට අනුව මහා පරිමාණ විනාශයක් කල හැකි අවි පමණක් අභ්‍යාවකාශයට ගෙන යෑම හෝ එහිදී භාවිතා කිරීම තහනම් කර තිබේ.ඊට ඇතුලත් වන්නේ ජීවවිද්‍යාත්මක,රසායනික,න්‍යෂ්ඨික සහ විද්‍යුත් චුම්භක විකිරණ අවිය.නමුත් ඊට පරිබාහිර අවි අභ්‍යාවකාශයට ගෙන යෑමට මෙම ගිවිසුමෙන් බාධාවක් නැත.අන්තර් මහද්වීපික මිසයිල විනාශ කිරීම සහ අනෙකුත් චන්ද්‍රිකා ඉලක්ක කිරීමට හැකි මිසයිල සහිත සන්නද්ධ චන්ද්‍රිකා පැවතීමේ හැකියාවක් තිබේ.බොයින් සමාගමේ එක්ස්-37බී යනු මිනිසුන් රහිතව රහසිගත මාස 22ක මෙහෙයුමක් සිදුකිරීමට අභ්‍යාවකාශයට යැවූ අභ්‍යාවකාශ යානයකි.මෙහි අරමුණ තෝරාගත් ප්‍රදේශවල ඔත්තු බැලීම සහ විශේෂිත ගොඩබිම් හෝ කක්ෂගත ඉලක්කවලට එරෙහිව ප්‍රහාර දියත් කිරීම බව පැවසේ.

    eL1PhC7.jpg
    බොයින් සමාගමේ X-37B නියමුවෙක් රහිත අභ්‍යාවකාශ යානය​

    කුප්‍රකට 'දෙවියන්ගෙන් යෂ්ටි' යනු චාලක ශක්ති බෝම්බ හෙළීමකට සමාන විශාල බරැති දිගු ටංස්ටන් යෂ්ටි සන්නද්ධ චන්ද්‍රිකා වලින් පොළොවට හෙළීමේ සංකල්පයයි.මේවා ඇති කරන ශක්තිය ඉතාම ගැඹුරු බංකර් පවා විනිවිද යා හැකි තරම්ය.අභ්‍යාවකාශයේ සිට පොළොවට ටංස්ටන් යෂ්ටි හෙළීම ඔස්සේ සිදුකල හැකි හානිය නූතන න්‍යෂ්ඨික අවි ඒවාහි විකිරණ රහිතව සිදුකරන හානියද ඉක්මවා යා හැකිබව සඳහන් වේ.මෙවැනි ඝට්ටනයකදී පිටවන දූවිලි,තාපය සහ අනෙකුත් අතුරු ඵල මොනවාදැයි නොදනියි.කෙසේවෙතත් අධි බරැති ටංස්ටන් යෂ්ටි අභ්‍යාවකාශයට ප්‍රවාහනය කිරීම මිල අධික මෙන්ම ප්‍රායෝගික නොවන දෙයකි(නමුත් එය කල නොහැකි දෙයක් හෝ උපායමාර්ගික වශයෙන් වටිනාකමක් රහිත දෙයක් නොවේ).

    WpRvoA4.jpg
    rods from god - දෙවියන්ගෙන් යෂ්ටි​

    අභ්‍යාවකාශ සංග්‍රමයේ සැබෑ අරමුණ වන්නේ අනෙකුත් ජාතීන්ගේ අභ්‍යාවකාශ වත්කම් විනාශ කිරීම නොව අභ්‍යාවකාශයේ යම් ප්‍රදේශයක් මුර කිරීමයි.විරුද්ධ පක්ෂයේ චන්ද්‍රිකා මහා පරිමාණ සුන්බුන් ස්ථර ඇති නොකර විනාශ කිරීමට හැකි ක්‍රමයක් යම් ජාතියක් විසින් සොයා ගත්තේ නම් ඔවුන් සැබෑ ලෝක ආධිපත්‍යයට උරුමකම් කියනවා පමණක් නොව ගොඩබිම ඕනෑම කෙනෙකුට එරෙහිව අභියෝග කල හැකිවේ.සැඟවුණු-අරමුණු සහිත චන්ද්‍රිකා රහසිගත දියත් කිරීමට ජාතීන් විවිධ ක්‍රම අනුගමනය කරති(බොහෝවිට සිවිල් චන්ද්‍රිකාවක් ලෙස වෙස්ගන්වා පොළවේ සිට දියත් කරන ඕනෑම දෙයක් එකෙනෙහිම අනාවරණය කරගැනීමට හැකි සංවේදක අභ්‍යාවකාශයේ රදවා තිබේ).අභ්‍යාවකාශ සංග්‍රාමයකට මඟ පෑදුනහොත් චන්ද්‍රිකා තාක්ෂණය වෙනුවෙන් ස්ටෙල්ත්-අමුද්‍රව්‍ය නිර්මාණය කිරීමේ අභිවර්ධනය මෙන්ම විමෝචනය පාලනය කිරීම ආදිය ප්‍රමුඛත්වය ගනු ඇත.සුන්බුන් කැබලිවලින් අභ්‍යාවකාශය දූෂණය කරනවා වැනි ආක්‍රමණශීලී සංග්‍රාමික ක්‍රියාමාර්ග (චන්ද්‍රිකාවලට වෙඩි තැබීම වැනි)ඔස්සේ මනුෂ්‍යවර්ගයාට මෙන් දුරස්ථ සන්නිවේදනය සහ කාලගුණ අනාවැකි කීම වැනි චන්ද්‍රිකා මත යැපෙන මානව අවශ්‍යතාවලට විශාල හානියක් සිදුවිය හැකිය.




    Source:tactdb.blogspot.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: man white

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට මචන්.:cool: එක අතකට ආයුධ වල දියුනුව පිස්සුවක් වෙලා.:dull: