අභිධර්ම ප්‍රශ්නයක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මන් අහන්නෙ මේකයි, අසංඛාරික සිත් කියන්නෙ, චෛතසික නැතුව උපදින සිත්ද, එහෙම නැත්තන්, චෛතසික වල බලපෑමක් නැතුව උපදින සිත්ද..

    චෛතසික නැතුව ඉපදෙන සිතක් නෑ හැම සිතකම අනිවාර්යයෙන් චෛතසික යෙදෙනව.
    සසංඛාරික අසංඛාරික කියන්නෙ වෙන ලක්ශණයක් අනුව හිත බෙදන විදිහක්.

    ඒ සිත් සතරෙන් පළමුවැන්න වූ සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සිත නැවත ද දෙකට බෙදේ. ඒ මෙසේ ය:- සමහර අවස්ථාවකදී ඒ සිත ස්වභාවයෙන් ම ඇති වේ. සමහර අවස්ථාවකදී අනුන්ගේ මෙහෙයීමකින් හෝ තමා විසින් හෝ අනුන් විසින් හෝ උත්සාහවත් කරවීමකින් ඇති වේ. මෙහෙයුමක් - උත්සාහවත් කරවීමක් නැති ව ඇති වන සිත අසඞ්ඛාරික සිත යයි ද, මෙහෙයීමකින් හෝ උත්සාහවත් කරවීමකින් හෝ ඇති වන සිතට සසඞ්ඛාරික සිත යයි ද කියනු ලැබේ. ඉතිරි සිත් තුන ද එසේ සඞ්ඛාර භේදයෙන් දෙකට දෙකට බෙදේ. එසේ බෙදෙන කල්හි ලෝභ මූල සිත් අටක් වේ. ඒ සිත් අට මෙසේ ය.

    src: https://pitaka.lk/books/abhidharma-margaya/2-5.html
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎


    චෛතසික නැතුව ඉපදෙන සිතක් නෑ හැම සිතකම අනිවාර්යයෙන් චෛතසික යෙදෙනව.
    සසංඛාරික අසංඛාරික කියන්නෙ වෙන ලක්ශණයක් අනුව හිත බෙදන විදිහක්.

    ඒ සිත් සතරෙන් පළමුවැන්න වූ සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්‍ර‍යුක්ත සිත නැවත ද දෙකට බෙදේ. ඒ මෙසේ ය:- සමහර අවස්ථාවකදී ඒ සිත ස්වභාවයෙන් ම ඇති වේ. සමහර අවස්ථාවකදී අනුන්ගේ මෙහෙයීමකින් හෝ තමා විසින් හෝ අනුන් විසින් හෝ උත්සාහවත් කරවීමකින් ඇති වේ. මෙහෙයුමක් - උත්සාහවත් කරවීමක් නැති ව ඇති වන සිත අසඞ්ඛාරික සිත යයි ද, මෙහෙයීමකින් හෝ උත්සාහවත් කරවීමකින් හෝ ඇති වන සිතට සසඞ්ඛාරික සිත යයි ද කියනු ලැබේ. ඉතිරි සිත් තුන ද එසේ සඞ්ඛාර භේදයෙන් දෙකට දෙකට බෙදේ. එසේ බෙදෙන කල්හි ලෝභ මූල සිත් අටක් වේ. ඒ සිත් අට මෙසේ ය.

    src: https://pitaka.lk/books/abhidharma-margaya/2-5.html

    example:
    කවුරු හරි දන් දීල පුරුදු වෙලා ඉන්න කෙනෙක් නං ඌ වැඩිය හිතන්නෙත් නෑ දෙයක් දීල දානව. උට ඇතිවෙන්නෙ එතකොට අසංකාරික සිතක්. තව එකෙක් ඉන්නව මාර ලෝභයි. උට දන් දෙන්න ඕනෙ වුනහම තමන්ම මාර විදිහට හිතල තමා දන් දෙන්නෙ. උට ඇතිවෙන්නෙ සසංකාරික සිතක්.

    සත්තු මරල මරල පුරුදු එකා වැඩිය හිතන්නෑ ඔහේ ගානක් නැතුව පුරුද්දට වගේ බෙල්ල කපල දානව. උට ඇතිවෙන්නෙ අසංකාරික සිතක්. සත්තු මරල පුරුදු නැති එකා මරලත් බෑ නොමරත් බෑ වගේ දෙගිඩියාවෙන් ඉන්නෙ ඉතිං සෑහෙන්න හිතල මූව මරන්නම ඕනෙ කියල මරණව. උට සසංකාරික සිතක්
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සංඛාර පච්චයා විඤ්ඤාන කියලනෙ කියන්නෙ, ඒ කියන්නෙ සංඛාර නොහොත් සිතුවිලි වලින් විඤ්ඤානය නොහොත් සිත ඇතිවෙනව කියන එකනෙ,


    පටිච්ච සමුප්පාදයේ "සංඛාර පච්චයා විඤ්ඤාණ" යන්න "සිතුවිලි නිසා සිත ඇති වෙනවා" ලෙස හැඳින්වීම වැරදියි. ඔබ පටිච්ච සමුප්පාදය ඉගෙන ගැනීමට කැමති නම්,


    මේ දේශනාව කියවන්න. (විභංග සූත්‍රය)



    මේ දේශනාව අසන්න. (විපස්සී සූත්‍රය)


    විභංග සූත්‍රය අනුව පටිච්ච සමුප්පාදයේදී කියවෙන සංස්කාර ආකාර තුනකි.
    1. කාය සංස්කාර (ආශ්වාස, ප්‍රශ්වාස)
    2. වචී සංස්කාර (විතක්ක, විචාර)
    3. චිත්ත සංස්කාර (සංඥා, වේදනා)


    එමෙන්ම එහි පටිච්ච සමුප්පාදයේදී කියවෙන විඤ්ඤාණය ආකාර 6 කි.
    1. ඇසේ ඇති වන විඤ්ඤාණය
    2. කනේ 3. නාසයේ 4. දිවේ 5. කයේ 6. මනසේ



    * ඇසත්, ඇස ඉදිරියේ පවතින රූපයත් නිසා ඇසේ විඤ්ඤාණය හට ගනී
    * කනත්, ශබ්දයත් නිසා කනේ විඤඤාණය හට ගනී
    .....
    * මනසත් අරමුණුත් නිසා මනසේ විඤ්ඤාණය හට ගනී



    "අවිද්‍යාව තුළ ජීවත් වෙන සත්වයන් අවිද්‍යා සහගතව ‘මමය, මාගේය, මාගේ ආත්මයෙන් යුක්තයි’ කියන හැඟීමෙන් වෙලී ආශ්වාස, ප‍්‍රශ්වාස කරද්දී කාය සංස්කාර සකස් වෙනවා. කතා කරද්දී විතක්ක, විචාර (වචී සංස්කාර) සකස් වෙනවා. හඳුනාගනිද්දී, විඳිද්දී හිත හා බැඳුණ සංස්කාර (චිත්ත සංස්කාර) සකස් වෙනවා. ඒවා අනුව විඤ්ඤාණයේ ක්‍රියාකාරිත්වය නිරන්තරයෙන් සිදු වෙනවා." -උපුටාගැනීමකි-


    අභිධර්මයට වඩා සූත්‍ර පිටකය ඉගෙන ගැනීමට යොමු වන්න.


    තේරුම් ගැනීමට පහසු සරල සිංහලෙන් සියලු සූත්‍ර දේශනා කියවීමට:

    https://sutta.mahamevnawa.lk/deshana/index
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අසංකාරික කියන්නේ උඹ නොදැනුවත්ව වෙන දේවල්. උදාහරණයක් විදිහට උඹේ කකුලට පෑගිලා කූඹියෙක් මැරෙනවා. ඒක වෙන්නේ උඹ දන්නේ නැතිව. එතකොට ඒක වැටෙන්නේ උපේක්ඛා සහගත දිට්ඨි ගත විප්ප යුත්ත අසංකාරික සිතක් විදිහට. ඒක සිතක් විදිහට ගත්තාට අපේ අනුදැන්මක් නැතිව වෙන ක්‍රියාවලියක්. සසංකාරික කියන්නේ ඔකේ අනික් පැත්ත. අපි හිතලා කරන දේවල්. :yes:


    :yes::yes:
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    පටිච්ච සමුප්පාදයයේ එන සංස්කාර සහ චිත්ත වීථී වල කතාවන සසංස්කාරික, අසංස්කාරික වචන වෙනස් අර්ථයන් සඳහා නේද භාවිතා වෙන්නේ.

    qUNhdCs.gif


    S8CEBFv.jpg


    4VYKk2l.jpg


    සැ .යු : මෙය උපුටා ගැනීමකි
     
    Last edited:

    Cry_Baby

    Active member
  • Dec 23, 2018
    212
    24
    28
    ආහ් මාදවවිශ් මොකෝ දැන් Zoomline එකෙන් එන්නෙ නැත්තෙ?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අව්‍යාකෘත පටිච්ච සමුප්පාදය බලන්න. ඔය ගැටලු ගොඩක් විසදේවි
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    හැමෝටම පින්, මන් නිදහසේ මේ ගැන කල්පනා කරා, හොයල බැලුව ටිකක්, උත්තරයක් හම්බුණා..
    සසංඛාරික සිතක් කියන්නෙ, වෙනත් කෙනෙක්ගෙ හෝ තමන්ගේම අනුබල දීමකින්/ උදව්කිරීමකින් ඇතිවෙන සිතක් (මේක ගොඩක් වෙලාවට සිදුවෙන්නෙ තවත් සිතුවිල්ලකින් අනුබලදීමකින්, සංස්ඛාරයකින් උපදින සිතුවිල්ලකටත් මේ විදිහට තවත් සිතුවිල්ලකින් අනුබලදීම වෙන්ඩ පුලුහන් )
    අසංඛාරික සිතක් කියන්නෙ, සමහර විට සංස්ඛාරයකින් , ඒත් තමන්ගෙ හෝ වෙනත් අයෙකුගෙ අනුබලදීමක්/උදව්වක් නැතුව (සිතුවිල්ලක ) උපදින සිත්
    (සංඛාරික කියන එක සංඛාර සහිත වගේ තේරුමක් එන්නෙ කියල හිතුවත්, පාලි භාෂාවෙ උදව් කිරීමක්, අනුබල දීමක් වගේ තේරුමක් දෙන්ඩත් මේක පාවිච්චි වෙනව..)