මන් අහන්නෙ මේකයි, අසංඛාරික සිත් කියන්නෙ, චෛතසික නැතුව උපදින සිත්ද, එහෙම නැත්තන්, චෛතසික වල බලපෑමක් නැතුව උපදින සිත්ද..
චෛතසික නැතුව ඉපදෙන සිතක් නෑ හැම සිතකම අනිවාර්යයෙන් චෛතසික යෙදෙනව.
සසංඛාරික අසංඛාරික කියන්නෙ වෙන ලක්ශණයක් අනුව හිත බෙදන විදිහක්.
ඒ සිත් සතරෙන් පළමුවැන්න වූ සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්රයුක්ත සිත නැවත ද දෙකට බෙදේ. ඒ මෙසේ ය:- සමහර අවස්ථාවකදී ඒ සිත ස්වභාවයෙන් ම ඇති වේ. සමහර අවස්ථාවකදී අනුන්ගේ මෙහෙයීමකින් හෝ තමා විසින් හෝ අනුන් විසින් හෝ උත්සාහවත් කරවීමකින් ඇති වේ. මෙහෙයුමක් - උත්සාහවත් කරවීමක් නැති ව ඇති වන සිත අසඞ්ඛාරික සිත යයි ද, මෙහෙයීමකින් හෝ උත්සාහවත් කරවීමකින් හෝ ඇති වන සිතට සසඞ්ඛාරික සිත යයි ද කියනු ලැබේ. ඉතිරි සිත් තුන ද එසේ සඞ්ඛාර භේදයෙන් දෙකට දෙකට බෙදේ. එසේ බෙදෙන කල්හි ලෝභ මූල සිත් අටක් වේ. ඒ සිත් අට මෙසේ ය.
src: https://pitaka.lk/books/abhidharma-margaya/2-5.html
