අභිසම්භිදාන පිරිත

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    අභිසම්භිදාන පිරිත

    අභිසම්භිදාන පිරිත සින්හල තෙරුම හොය ගන්න තනක් තියෙනවද?
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මම හිතන විදිහට අභිසම්භිදානේ මන්තරයක්. එහෙම නම් සිoහල තෙරුමෙන් වැඩක් වෙන්නෙ නෑ නෙද?
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ පිරිත ගැන විස්තර දැනගන්න මටත් ඕනෑකම තිබුන. හුඟක් අපල වලට මේකෙන් යන්ත්‍ර හදල කරේ දාන්න කියල කියනවා. මේකේ MP 3 එකක් තියනවනම් පිරිත් දානකොට දාන හොඳ ඇති නේද.
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    පන්සලේ තියනවා පිරුවානා පොත් වහන්සේ,එකේ තියනවා සිංහල තේරුම.යන්ත්‍රය හදන විදිය හා ඔය පිරිත දේශනා කරන්න උන හේතුව...නමෝ බුද්ධාය !:yes:
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අභිසම්භිදාන පිරිත සින්හල තෙරුම හොය ගන්න තනක් තියෙනවද?


    සූත්‍ර පිටකයේ දීඝ නිකායේ පළමු පොතට කියන්නේ සීලස්කන්ධ වග්ගය (වර්ගය) කියලා. මේකේ තියෙන සූත්‍ර හැම එකකම සීලය කවර ආකාරයකින් රැකිය යුතු දැයි පැවසෙනවා. මෙහි සදහන් වෙනවා තිරිසනුන්ගේ විද්‍යාවන්ගෙන් වෙන්වීමත්, මිත්‍යා ආජීවයෙන් වෙන්වීමත් යන සීලමය කරුණු. මේ ගැන කියවා බලන්න (සීලස්කන්ධ වග්ගයේ කොයි සූත්‍රය බැලුවත් මේ එකම ලෙසින් දක්වා ඇති කොටස දකින්න පුළුවන් - චූල සීලය, මධ්‍යම සීලය, මහා සීලය යනුවෙන් සීලයත් එක් එක් ආකාරයෙන් වර්ග කොට දකින්න පුළුවන්).

    මේ තිරිසනුන්ගේ විද්‍යාවන් පිළිගැනීම සහ මිත්‍යා ආජීවයෙන් ජීවත්වීමට හොද උදාහරණයක් තමයි මේ ඔබ දක්වන පිරිවානා පොත් වහන්සේගේ ඇති අභිසම්භිදාන පිරිත සහ යන්ත්‍ර සැකසීමේ කතාව.

    මේ පිරිතෙහි යම් පමණකින් බුදුන් සහ රහතන් වහන්සේලා ගැන සදහන් වෙනවා (නම් දැකිය හැකියී). අරුතින් කිනම් දෙයක් කියවෙනවාදැයි මා දන්නේ නැහැ. නොතේරෙන නිසා අපි නැතුවට හිතාගමු මොකක් හරි බුදු ගුණ සහ රහතන් වහන්සේලාගේ ගුණයක් වෙන්න ඇතී කියලා. මෙය බුදු පියානන් පැවසූ දෙයක් නම් වෙන්න බැරි බවක් තමයි මට හිතෙන්නේ (නමුත් හරියටම කියන්න දන්නේ නැහැ).

    සත්පුරුෂ ධර්මය නොදන්නා අන්ධ බාල අසත්පුරුෂයින් මේ 108 වරක් ජප කිරීම, 500 වරක් ජප කිරීම, දෙහි කැපීම, නූල් වල ගැට ගසා නූල් සූස්තර ආදිය කිරීම, කොටු ගසා ඉල්ක්කම් ශාස්ත්‍ර කිරීම, ග්‍රහ තාරකා වල පිහිටීමට අදාලව හොද, නරක කීම බුදු පියානන් දෙසූ සද්ධර්මයට ඈදා ලිවීම බුදු පියානන්ගේ සීලමය ගුණය යම් සේද එයට ප්‍රතිවිරුද්ධ දෙයක්ම බුදු පියානන්ගෙන් ආරම්භ වූ බවක් කීම වෙනවා.

    බුදු පියානන් තමන් වහන්සේද වැලකී අන් අයටත් වැලකී තමන්ගේත් අන් අයගේත් හිත සුව පිණිස සීලමය ගුණය (වැලකීමෙන්) වැඩි දියුණු කරගන්න කියූ මේ තිරිසනුන්ගේ විද්‍යාවන් සහ මිත්‍යා ආජීවයට අනුරූප කරුණු කෙසේ නම් මිනිසුන්ට හොදක් කරනවා යැයි බුදු පියානන්ම කීවායැයි පවසන්නද? වෙනත් අයෙක් හෝ මෙසේ මේ කරුණු වලින් හොදක් වෙනවායැයි කීවොත් අපි පිළිගන්නේ ඒ අන් පුද්ගලයින්ද, බුදු රජානන් වහන්සේද?

    මේ සම්බුද්ධ ශාසනයේ විනාශය පිණිස කටයුතු කරන අසත්පුරුෂයින්ගේ ක්‍රියාවන්. මේවා පිළිගන්න අය සම්මා දිට්ඨියට පැමිණෙනවායැයි කීමත් මුලාවක්. මේවා පිළිගන්න අයට හොදක් වෙනවායැයි සිතීමක් මුලාවක්. මේ මිත්‍යා කාරනාවන් සමාජයේ පතුරුවන අයට හොදක් වෙනවායැයි සිතීමත් මුලාවක්.

    ඔබට හොදක් වෙන්න ඕනෑනම් ආර්ය අශ්ඨාංගික මාර්ගය වඩන්න. ඒ ගැන හොයන්න. ආර්ය බව පිණිස නොව ලෞකික සැප, යහපත පිණිස බුදු පියානන් කියූ දේ පිළිපදින්න යනවානම් මජ්ජිම නිකායේ තුන් වන පොතේ (උපරි පණ්ණාසකය) මහාචත්තාරිසක සූත්‍රය හොදින් කියවා බලන්න. ආර්ය බව පිණිස කටයුතු කරනවානම් ඒත් මේ සුත්‍රය මනාවට ඒ ගැනත් කියා දෙනවා.

    තිරිසනුන්ගේ විද්‍යාවන් පිළිගැනීමත්, මිත්‍යා ආජීවයෙන් ජීවත් වීමත්, තමන් විසින් තමන්වම මෙවන් අධර්මයක යෙදවීම හොදයැයි බොළද බවින් සිතීමත් යනදේ හොදයැයි ඔබ හිතනවානම් ඔවැනි කරුණු බුදු සසුනට ඈදා බුදු පියානන්ට අං පළදවන්න උත්සාහ කරපු ගොං, මෝඩ, වසල පිරිසට (ඒ කියන්නේ ඔය කරුණු ඇතිව පිරිවානා පොත් වහන්සේ ලියූ හෝ පිරිවානා පොත් වහන්සේට ඇතුලත් කරපු අන්ධ, අසත්පුරුෂයින්ට) ආවැඩුවාට කමක් නැහැ.

    සම්බුද්ධ දහම කුමක්දැයි සෙවීමට ඔබ යුහුසුළු වෙනවානම් අංග නවයකින් යුත් (සුත්ත, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල) පෙල දහම සහ අටුවාවන්හි ඇත්තේ මොනවාදැයි සොයා බලන්න. මේ බුදු සසුනේ යහපතක් බලාපොරොත්තු වන අය සෙවිය යුතු කරුණු.
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    'නමෝ අභිසම්භිදානේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා' : බලන්න, මේ ශබ්ද පිරිතකට වඩා මන්තරයකට සමීපයි.

    සම්මා සම්බුදු ගුණ, පසේබුදු ගුණ, රහතුන් ගුණ බලය සිහිකරල ඒ සත්‍ය බලයෙන් කරන අධිශ්ඨාණයක් කියල හිතෙනව.

    මෙතනදි අපිට වැදගත් වෙන්නෙ සිහි කරන මේ ගුණ කඳ දරාගෙන හිටි උන් වහන්සේලා පිරිණිවන් පාලා අවුරුදු දහස් ගණනකට පස්සෙත් අපිට උන් වහන්සේලාගේ සත්‍යවාදී බව, ශීල ගුණය පිහිට වෙනවා නේද කියන එකයි. එවන් තිසරණ සරණ ගිය අපිත් හැකි උපරිමයෙන්ම සිල් රකිමු.

    මගේ පෞදගලික අදහසක්.