'නමෝ අභිසම්භිදානේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහා' : බලන්න, මේ ශබ්ද පිරිතකට වඩා මන්තරයකට සමීපයි.
සම්මා සම්බුදු ගුණ, පසේබුදු ගුණ, රහතුන් ගුණ බලය සිහිකරල ඒ සත්‍ය බලයෙන් කරන අධිශ්ඨාණයක් කියල හිතෙනව.
මෙතනදි අපිට වැදගත් වෙන්නෙ සිහි කරන මේ ගුණ කඳ දරාගෙන හිටි උන් වහන්සේලා පිරිණිවන් පාලා අවුරුදු දහස් ගණනකට පස්සෙත් අපිට උන් වහන්සේලාගේ සත්‍යවාදී බව, ශීල ගුණය පිහිට වෙනවා නේද කියන එකයි. එවන් තිසරණ සරණ ගිය අපිත් හැකි උපරිමයෙන්ම සිල් රකිමු.
මගේ පෞදගලික අදහසක්.