අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

donta

Member
Jun 11, 2013
2,916
304
0
Foreign-medias-visit-set-TVseries-DongYi2.jpg
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    අම්මට සිරි "හන් පාළිකාව" එක්ක නේද මේ ඉන්නේ..මේ 2012 MBC එකෙන් හදපු රජ කතාවෙ සීන් එකක් ද වහාම මේ ගැන දැනුවත් කරන්න මම සීරීස් එකම බා ගත කරනවා..සුපිරිම කොරියන් සීරිස් එකක් බා ගත්තා එක්සෑම් එකෙන් පස්සේ බලන්න ඕන..2000 වගේ ගිය සීසන් එකක් ඇත්තටම 2000 දි ලංකාවේ ගිය ටෙලිනාට්‍ය වල ඇත්තටම කොරියාවට වඩ ප්‍රමිතිය තාක්ෂණය පැත්තෙන් සෑහෙන්න ඉස්සරහකින් ඉඳලා තියෙනවා.."සකිසඳ එලියස්"2000 වගේ ගියේ..කොරියාවේ ඒ කාලේ අපිට තිබුන සම්පත් තිබිලා නෑ..කොටින්ම ප්‍රෙස් කොන්ෆරන්ස් එක තියෙන ප්ලේස් එක දැක්කම අනේ මන්දා කියලා හිතෙනවා..ඒත් අද බලන්නකෝ කොරියාව ඉන්න තැනයි අපේ අය ඉන්න තැනයි අවු.10ට කොච්චර දේවල් වෙනස් වෙලා ද.අවු.10ට ඔවුන් වේගයෙන් ඉස්සරහට ගිය එක ඇත්ත..ඒ වගේම අපි හිටි තැන ඉඳලත් නෑ වගේ සීන් එකක් තියෙන්නේ ඒ රටවල් වල දියුණුව බලන් ඉද්දි තියෙනවා..අපේ නැත්තේ ඇයි...
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113


    අම්මට සිරි "හන් පාළිකාව" එක්ක නේද මේ ඉන්නේ..මේ 2012 MBC එකෙන් හදපු රජ කතාවෙ සීන් එකක් ද වහාම මේ ගැන දැනුවත් කරන්න මම සීරීස් එකම බා ගත කරනවා..සුපිරිම කොරියන් සීරිස් එකක් බා ගත්තා එක්සෑම් එකෙන් පස්සේ බලන්න ඕන..2000 වගේ ගිය සීසන් එකක් ඇත්තටම 2000 දි ලංකාවේ ගිය ටෙලිනාට්‍ය වල ඇත්තටම කොරියාවට වඩ ප්‍රමිතිය තාක්ෂණය පැත්තෙන් සෑහෙන්න ඉස්සරහකින් ඉඳලා තියෙනවා.."සකිසඳ එලියස්"2000 වගේ ගියේ..කොරියාවේ ඒ කාලේ අපිට තිබුන සම්පත් තිබිලා නෑ..කොටින්ම ප්‍රෙස් කොන්ෆරන්ස් එක තියෙන ප්ලේස් එක දැක්කම අනේ මන්දා කියලා හිතෙනවා..ඒත් අද බලන්නකෝ කොරියාව ඉන්න තැනයි අපේ අය ඉන්න තැනයි අවු.10ට කොච්චර දේවල් වෙනස් වෙලා ද.අවු.10ට ඔවුන් වේගයෙන් ඉස්සරහට ගිය එක ඇත්ත..ඒ වගේම අපි හිටි තැන ඉඳලත් නෑ වගේ සීන් එකක් තියෙන්නේ ඒ රටවල් වල දියුණුව බලන් ඉද්දි තියෙනවා..අපේ නැත්තේ ඇයි...
    [/COLOR][/SIZE]​

    ඕව් මචන් ඔය MBC ඒක 2012 හදපු Moon Embracing the Sun කියන කතාව තමා. මෙන්න මෙහෙමයි විස්තර ටික.

    Drama: The Moon Embracing The Sun (literal title)
    Revised romanization: Haereul Poomeun Dal
    Hangul: 해를 품은 달
    Director: Kim Do-Hoon, Lee Sung-Joon
    Writer: Jung Eun-Gwol (novel), Jin Soo-Wan
    Network: MBC
    Episodes: 20
    Release Date: January 4 - March 15, 2012
    Runtime: Wed. & Thurs. 21:55-23:05
    Genre: Period / Romance
    Language: Korean
    Country: South Korea​

    මෙන්න torrent එකක් තියනවා හොදද දැන් නෑ හැබැයි.

    http://kickass.to/the-moon-that-embraces-the-sun-2012-complete-eng-subbed-t6264671.html

    මොකක්ද ඔය ලගදි බාපු සීරිස් ඒක ඒගැනත් වහාම දැනුවත් කරන්න. මගෙත් project ඒක ඉවර උනාම වත බලන්න.
    දැන් බලන්න කතා සෙට් එකක්ම ගොඩ ගැහිලා තියනවා. කවදා ඉවර කරන්නද මන්දා. එත් කොහොම හරි ඉවර කරන්න ඕනේ
    දිව රැ නොබලා මහන්සි වෙලා :P
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    අප්පට සිරි වැරදිලා - රෙප් 6ක් නේ දුන්නේ...
    :( සොරි වේවා ආයේ + දෙන්නම්..


    ow ban rep dena wena page ekakata load wena eka nam maha epa wena wade. matath okama una. lokka kalin widihata hadan nathi weyi da dan na :growl::growl::growl::growl:
     
    • Like
    Reactions: YoungWeezy

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Autumn.In.My.Heart

    endless+love+-+autumn+in+my+heart+-+autumn+tale.jpg


    මා පිය වැඩිහිටි සිතුම් පැතුම් ඉදිරියේ තරුණ අසම්මත යැයි පවසන ආදරය අරුත් ගලපන්නේ කොහොමද කියන එක මෙහිදි කතාවට නැගෙනවා. ආදරය, විරහව වැනි දේ තිබූ පමණින් මේක ආදර කතාවක්ම පමණක්යැයි කියන්න බෑ. ජීවිතයේ තීරණාත්මක අවස්ථාවලදී විවිධ වයස් මට්ටම් ඒ දේවල්වලට කොහොමද මුහුන දෙන්නේ?අතින් අතට මාරුවෙන තීරණ හා ඒවායේ අවසන් ප්‍රතිඵලය ඉතාම වැදගත්. මම කියන්නම් කතා සාරාංශය, හැබැයි සැකෙවින්. ඔක්තෝබර් මාසයේ එකම දිනයක බිළිදියන් දෙදෙනෙකු උපදිනවා. එකම දිනයේ තම උපන්දිනය සමරන ඔවුන්, වාසය කරන්නේ එකම ගමේ. ඒ විතරක් නොවෙයි අහම්බෙන් මෙන් ඔවුන් ඉගෙනගන්නේ එකම පාසලේ. එකම පන්තියේ. එක දැරියක් ජීවිතය උපරිමයෙන් රස විදිනවා. ඇ පොහොසත්. දෙමව්පියන්ගේ හා එකම සොහොයුරාගේ ආදරය නිතැතින්ම ඇයට හිමියි. ඈ නමින් ‘ඉන් සූ‘ එහෙත්, ‘ෂින් ඒ‘ නමැති අනිත් දැරියගේ ජීවිතය මිහිපිට අපායක් වගෙයි. අතිශයින්ම දිළිදු ඇගේ ජීවිතය කරදරවලින් බහුලයි.
    එක් දිනක් ඉන් සූ රිය අනතුරකට මුහුන පානවා. එහිදි සිදුකෙරෙන රුධිර පරීක්ෂාවකදී අනාවරනය වෙනවා ඈ උපතේදි අන් කෙනෙකු හා හුවමාරු වී ඇති බව. කෙසේවෙතත්, කරුණු කාරණා අවසානයේ එළිදරව් වී සත්‍යය හිස ඔසවනවා. ඉන් අනතුරුව නීතිය ඔවුන් තම තමන්ගේ නියම දෙමව්පියන් වෙත යොමු කරනවා.ඉන් සූගේ සොයුරා, ජුන් සූ මේ ගැන ඉන්නේ දැඩි කළකිරීමකින්. ඔහුට මෙය කිසිසේත්ම දරාගන්නට බෑ. වසර කිහිපයකට පසුව, අහම්බෙන් ඉන් සූ හා ෂිං ඒ නැවත මුනගැහෙනවා හෝටලයකදී. ඉන් සූ එහි සේවය කරන දුප්පත් සේවිකාවක්. ෂිං ඒ එම හෝට‍ලයේ
    කළමනාකාරිනියක්.දැන් ජුන් සූ ඉතාම සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්. ඔහුට දැන් පෙම්වතියක්ද සිටිනවා. දිනක් ඔහුගේ සමීපතම මිත්‍රයෙක් තමාගේ පෙම්වතියව ඔහුට හදුන්වා දෙනවා. ඒ අන් කිසිවෙකු නොවේ, ඉන් සූ, කලකට පෙර ඔවුන්ගෙන් වෙන්වුනු නැගනියයි. එතැන් පටන් මේ බැදීම් නිරායාසයෙන්ම සංකීර්ණ වන්නට පටන්ගන්නවා. ඉන්පසුව ඒවා තීරණාත්මක අවසානයක් දක්වා විහිදෙනවා.
    කලක් අයියා නංගියි යැයි එකිනෙකා හැදිනු ‘ඉන් සූ‘ හා ‘ජුන් සූ‘ පෙම්වතුන් වනවා. මේ අසම්මත ප්‍රේම වෘතාත්නයේ අවසානය කුමක්ද?මෙහෙම යන ටෙලි නාටකය තවත් පසෙකින් වෙනත් කෝණෙනින් තවත් සිදුවීම පෙළක් මත දිව යනව.ධනවත් යෑන් දෙපල දැන් තමන්ගේ සැබෑම දියණිය කවුදැයි දැක හදුනාගන්නවා. චෝයි මහත්මියගේ ජීවිත කතාව කුමක්දැයි සොයා බලද්දි, ඔවුන් වටහා ගන්නවා එය ඉතාමත්මකටුක ජීවිතයක් බව. ඇගේ සැමියා මිය ගිහින්. එකම පුතා මැරයෙක්. එවන් පරිසරයකට කෙසේද තමන් ළග මලක් මෙන් හැදුනු දියණියව තල්ලු කර හරින්නේ?
    යෑන් මහතා මේ අතර ෂිං ඒ වෙත ලංවන්නට උත්සාහ කරනවා. සෙල්ලම් බෝනික්කෙකු ඔහු ෂිං ඒට තිළිණ කරනවා. එහෙත් යෑන් මහත්මිය මේ හදිසි වෙනසට අකමැති බවකුයි දිස්වෙන්නේ. ඇයට මේ සියල්ල හිතට මහ බරක්. අදුරෙන් අදුරටම යන චෝයි මහත්මියගේ ලෝකය මේ සියල්ලෙන් තවත් සසල වනවා. මෙතෙක් තමා ළග හැදුනේ වැඩුනේ තමාගේම දියණිය නොවන බැව් දැනගන්නා ඇය ඉන් මහත් කම්පා ‍‍වෙනවා. අවසානයේ සත්‍ය දැනගන්නා ගැහැණු ළමුන් දෙදෙනාගේ සිත් තුල ඇතිවන්නෙත් සුවිසල් තිගැස්මක්. හදිසියේ මේ සිදුවුයේ කුමක්ද? කෙසේවෙතත්, අවසාන‍යේ ඔවුන් තමන්ගේ උරුමය සොයා යනවා. ෂිං ඒ ඉතාම කැමැත්තෙන් ධනවත් දෙමාපියන් වෙත යනවා. තමාටත් තම සැබෑ මව වෙත යන්නට කාලය එළැඹ ඇති බැව් යුන් සූමෙවන් පැටලවිල්ලක් ඔන්න මම ඔබ හා තනිකර දමා නික්ම යනව.

    එකුස උපන් සොයුරු විලසින්
    පුරා විසි වසරක් පුරාවට
    නිබඳ සෙනෙහස බෙදා ගත්තේ
    එකම මවකගෙ දරු දෙදෙන ලෙස
    වටහා ගත් බව එසේ නැති බව
    පෙමින් වෙළුනේ !
    පසකලා සොයුරු බව
    කෙමින් ගත වුනි මාවතේ දිවි
    අතැර ගියද දිනෙක ඈ ම
    හුදකලා ඔහු දිවි එකළු කළ
    මිනිපහන වූ ඇගේ නියම තතු දැන
    තමා යැදුනට සැරසුනද ඔහු
    වාතලය හැර ගොස් ඇත !
    ඇගේ උණුසුම් හුස්ම පොඳ අඟ
    කුමට ඉන්නද තනිව මෙලොවේ
    පෙති ගිලිහුණ පියුම විලසේ
    සිතනා බැවින් උමතු දෛවයේ
    සරදමට නතු විය ඔහුද මෙලොවේ !


     
    Last edited:
    • Like
    Reactions: ilanganthilaka