‘ජල-විදුලි-දුරකථන බිල් වැඩිවෙන කතාව බොරුවක්‘
උබ දන්නවද මහින්ද විධායකයේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න බය උන කෙනෙක් කියලා? අපිට මහ ලොකු වෙනස්කම් අවශ්‍ය නැහැ. නොරු වගන්ති නෙවෙයි, කරුනු 8ක් සංශෝධනය කරා. මේ කරපුවා ප්‍රමානවත්. අහෝසි කරන එකට මම නම් කැමති නැහැ. මේ ඡන්ද ක්‍රමය ප්‍රායෝගික නැහැ කියන එක හැමෝම පිලිගන්නවා. උබලට තේරෙන භාසාවෙන් කියනව නම් මහින්දත් පිලි ගන්නවා. ඒත් අලුත් එකක් ගේන්න බැරි උනා එකෙක්ටවත්. මචන් මම ජනවාරි 8 මෛත්‍රීට ඡන්දේ දීපු කෙනෙක් හැටියට, මම් බලාපොරොත්තු උනේ නෑ කෑම බීම අඩු කරන ඒවා. අපි බලාපොරොත්තු උනේ, කැසිනෝ, විස පොහොර,සිගරට් කොම්පැනියට යට නොවෙන කොන්දක් තියෙන ආණ්ඩුවක්. අපිට ඒක ලැබුනා.
මෛත්‍රීව ජනාධිපති කලේ වංචා දුෂණය නැති කරන්න බව නම් ඇත්ත. ඒත් ඊට කලින් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා, ඒ මීට කලින් ආණ්ඩුවේ හොරකම් කරා, ඒවා කරන්න ඇත්තේ සමහර විට අපි ගරු කරන අය වෙන්න ඇති කියන දේ. හොරුන්ව අල්ලද්දි සමහරු අල්ලස් කොමිසම වටලනවා. සමහර ව්‍යාපාරිකයෝ මේ ආණ්ඩුවෙම ඇමතිවරුන්ට අල්ලස් දෙනවා. හොරු අල්ලන්න දෙන්නෙත් නෑ, අල්ලන්නෙත් නෑ. ඖෂද පාලක මණ්ඩලයේ සභාපතිට කෙලවන්න තිලක් මාරපන ලොකු ට්‍රයි එකක් දුන්නා. ඒත් බැරි උනා. ඊට පස්සේ ආයිත් එකෙක් ගේම දුන්නා. මේ කවුරුත් නෙවෙයි, කලින් ආන්ඩුවේ කුඩු කාරයෝ එක්ක මේ ආණ්ඩුවේ ඇමතිවරු ඩීල් දාලා.ඒවා වැරදියි.
කලින් කැසිනෝ බද්ද ගැහුවේ ඇතුල් වෙන අයට $100ක් වගේ ගානක්. දැන් එහෙම නෙවෙයි, බිලියන ගානක් බදු ගහලා. දුම් පර්ක්ෂාවේ බදු වැඩියි. අපි ඒකට කෑගහන අය. සොභිත ස්වාමීන්වහසේ කලකිරුනේ හොරු අල්ලනේ නැති එකටයි දාන ඩීල් දැකලයි. උතුරේ කොටි නැගිටීමක් නම් වෙන්නේ නැහැ ඒ ගන බය වෙන්න එපා. අපේ ආරක්ෂක හමුදාව ඒ ගැන බලා ගනී.
ඔව්..මහින්ද විදායකය වෙනස කරන්න කිසිම දෙයක් කලේ නැහැ ..හැබයි 3 පාරටත් ඉල්ලන්න පුළුවන් වෙන විදියට හදා ගත්තා ...චන්ද්‍රිකාත් ට්‍රයි කලේ 3 පාරටත් ඉල්ලන්න ..ඒත් එයාට බැරි උනා ඒක කර ගන්න ...මගේ නම් කිසිම විශ්වාසයක් නැහැ රනිල් ගැන ..මොකද අපි දැක්ක 2001-2004 කරපු දේවල් ...ඒ වගේම තමයි රනිල් කියන්නේ මහින්දටත් වඩා එකදිපතියෙක් ...හැබැයි ඒත් මම vote කලේ MY3 ට ..ඒකට හේතුව MY3 ගැන විශ්වාසයක් තිබ්බා අවංක දේශපාලකයෙක් විදියට මේ රටට දෙයක් කරයි කියල ....මේ රටේ තියෙන කාලකන්නි system එක වෙනස් කරයි කියල ..හැබැයි එහෙම දෙයක් උනේ නැහැ මේ ආණ්ඩුවෙන් ...මේකත් ඇවිත් සම්ප්‍රදායික ආණ්ඩුවක් මචන් ..හැබැයි වැඩ වලට වඩා කයිය තමා වැඩි ...කෝ නීතියේ සමානාත්මතාවය තියෙනවද මචන් ...? පොඩි මිනිහට තමයි නිතිය ...ලොකු උන් මිනි මැරුවත් උන්ට නීතියක් නැහැ ...පොලිසියේ අයට නිදහසේ වැඩක් කරන්න පුලුවන්ද ...? මේ රටට එල්ලලා මරණ දඩුවම් ගෙනත් වැඩක් නැහැ ...කරන්න ඕනි හැම එකාටම නිතිය සමානව ක්‍රියාත්මක කරන්න ඕනි ..උඹ හිටනවද ඕව මේ ලංකාවේ වෙයි කියල ..හීනයක් විතරයි ...MY 3 ම කිවුවා රත්තරන් අශ්වයෝ චම්පිකගේ මෙගා deal කෝ ..? මම ගොඩක් ගරු කරපු මිනිහෙක් චම්පික කියන්නේ ..මිනිහගේත් කයිය විතරයි ..මිනිහ තමයි දුම් පරික්ෂාව හදුන්වල දුන්නේ ...මට පෙන්නපන් ගිය ආණ්ඩුවේ හොරකම් කරා කියපු එකෙක්ට විරුද්දව හරියට කරපු investigation එකක් ...බොරුවට මහින්දව ගේනවා FCID එකට ..මොකක්ද චෝදනාව? ITN එකට add වලට ගෙවුවේ නැහැ කියලා ..ඕව නිකන් දේශපාලන සන්දර්ශනනේ ...කෝ අර වලෙන් ගොඩ ගත්ත තජුදින් .උට වෙච්ච දෙයක් නැහැ ...හැබැයි මහා බැංකු වංචාව ගැන සද්දයක් නැහැ ...චන්ද කාලේ kochara බයිලා කිවුවද ..හේතුව උඹම කියල තියෙනවා ..ඒ හොරු ටික මේ ආණ්ඩුවත් එක්කත් deal දාල ..එතකොට කෝ අපි පැතු වෙනස ...මම ඕව දන්නේ නැහැ කියල MY3 ට බේරෙන්න බැහැ ...කොටි නැගිටින එක ගැන බය වෙන්න එපා කියනවා උඹ ..හමුදාව බලා ගනියිලු ...හමුදාව බලා ගන්නත් උඩින් orders එන්න ඕනි ...නැතුව හමුදාවට හිතුන විදියට වැඩ කරන්න බැහැනේ ..උඹට මතකද 2001-2004 කාලේ army එක හිටියේ බැරැක්ක වල ..කොටි සිවිල් පිට ඇවිත් army camp ඉස්සරහ පිකට කරනවා ..ගල් ගැහුවා ..ඒවාට විරුද්දව action එකක් හමුදාව ගත්තද..? ඒකට හේතුව උඩින් orders ඇවිත් තිබ්බේ සාමය කඩ වෙන මුකුත් කරන්න එපා කියල..
ලගදි හමුදාවේ ලොක්කු ගෙන්නුවා FCID එකට MY 3 මොකද කිවුවේ..? මම ඒ ගැන දන්නේ නැහැ ..කණගාටු වෙනවා උන දේට ..ඒ ගැන හොයා බලන්නම් කියල ..ඔකද ජන්දිපතිගේ සේනාදිනයකයාගේ පිළිතුර වෙන්න ඕනි...? ඊයේ පෙරේද UN එකෙන් ඇවිත් NAVY camp check කරලා ..MY 3 වත් මේ ආණ්ඩුවත් ඔය ගැන වචනයක් කතා කලද..?








