අමරණීය_අනාවැකිකරු

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අමරණීය_අනාවැකිකරු

    Clarke_sm.jpg



    විශ්ව කීර්තිධර ආතර් සී. ක්‌ලාක්‌ ශ්‍රීමතාණන් ගේ තෙවැනි ගුණසමරුව 2011 මාර්තු 19 වැනි දිනට යෙදුණු අතර ඒ නිමිත්තෙන් නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය වාර්ෂිකව සංවිධානය කරන ආතර් සී. ක්‌ලාක්‌ ගුණ සමරු දේශනය අප්‍රේල් මස 04 වැනි දින බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අන්තර් ජාතික අධ්‍යයන පිළිබඳ බණ්‌ඩාරනායක මධ්‍යස්‌ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ ලිපිය ඒ නිමිති කොටගෙන සැකසෙයි.

    විද්‍යාඥයකු, විද්‍යා ප්‍රබන්ධකරුවකු මෙන්ම සඵල වූ විශිෂ්ට අනාවැකිකරුවකු ලෙස විවිධ විෂය ක්‌ෂේත්‍රයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ ලොව වඩාත් ම ප්‍රසිද්ධ වූයේ 1945 දී "වයර්ලස්‌ වර්ල්ඩ්" (Wireless World)) සඟරාවට ලිපියක්‌ යවමින් ඉදිරිපත් කළ, චන්ද්‍රිකා ත්‍රිත්වයක්‌ භාවිත කරමින් කළ හැකි අන්තර් මහාද්වීපික විද්යුත් සන්නිවේදන ශක්‍යතාව පිළිබඳ ඵෙතිහාසික සංකල්පය වන "භූ ස්‌ථාවර චන්ද්‍රිකා" සංකල්පය නිසා ය.

    50 දශකයෙන් පසු තම ජීවිත කාලයෙන් වැඩි කාලයක්‌ ශ්‍රී ලංකාව තුළ ජීවත් වූ විශ්ව කීර්තියට පත් ක්‌ලාක්‌, විද්‍යා හා තාක්‍ෂණ ක්‌ෂේත්‍රයට කරන ලද මෙහෙය සැලකිල්ලට ගනිමින් ලංකාවේ ඉහළ ම පුරවැසි සම්මානය වන ශ්‍රී ලංකා අභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබී ය. ශ්‍රී ලංකා රජය විසින් ඔහු වෙත දක්‌වන ලද තවත් සුවිශේෂ වූ සජීවී උපහාරයක්‌ වන්නේ නවීන තාක්‍ෂණ පිළිබඳ පර්යේෂණ සංවර්ධන කටයුතු, පුහුණු කටයුතු සඳහා වන ව්‍යවස්‌ථාපිත රාජ්‍ය ආයතනය වන නවීන තාක්‌ෂණ පිළිබඳ ආයතනය ආතර් සී. ක්‌ලාක්‌ ගේ නමින් නම් කිරීමයි.

    වර්තමානයේ තාක්‌ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ විෂය පථය තුළ ක්‍රියාත්මක වන මේ ආයතනය ඉලෙක්‌ට්‍රොනික, තොරතුරු හා සන්නිවේදන, අභ්‍යවකාශ තාක්‌ෂණ යෙදවුම් හා රොබෝ තාක්‌ෂණය ඇතුළු නවීන තාක්‌ෂණික විෂය ක්‌ෂේත්‍රයන්හි පර්යේෂණ හා සංවර්ධන කටයුතු, පුහුණු කටයුතු සඳහා කෙරෙන තාක්‍ෂණික සේවාවන් ඔස්‌සේ කර්මාන්ත ක්‌ෂේත්‍රය වෙත නවීන තාක්‍ෂණය හඳුන්වා දීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනයෙහි ලා ක්‍රියා කරයි.

    ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ ලොව වඩාත් ප්‍රසිද්ධ ව ඇත්තේ විද්‍යාත්මක ප්‍රබන්ධ කතාකරුවකු ලෙස ය. එහෙත් ලොව ප්‍රමුඛතම විද්‍යා ප්‍රබන්ධකරුවා වීමට ඔහුට අවශ්‍ය නො වී ය. තමා ප්‍රබන්ධ කතා කලාවට යොමු වූයේ ජීවත් වීමට යම් මුදලක්‌ සොයා ගැනීමේ අරමුණින් බව පසුකාලීනව ඒ මහතා සඳහන් කර ඇත.

    ආතර් සී. ක්‌ලාක්‌ ලියූ විද්‍යා ප්‍රබන්ධ ගණන 100කට ආසන්න ය. එයින් "2001 අභ්‍යවකාශ වීර චාරිකාව 2001 Space Odyessey), 2010-2 වැනි අභ්‍යවකාශ චාරිකාව (2010 Odyssey Two), 2061 තුන් වැනි චාරිකාව (2061 Odyssey Three), 3001 වැනි ජනප්‍රිය ප්‍රබන්ධ සිංහලයට පවා පරිවර්තනය කොට තිබේ. මෙයින් ක්‌ලාක්‌ ගේ 2001, 2010 ප්‍රබන්ධවලින් නිර්මිත Space Odyssey One, Two චිත්‍රපට ජනතා ප්‍රසාදය දිනාගත් ආදායම් වාර්තා තැබූ චිත්‍රපට වේ.

    විද්‍යා ප්‍රබන්ධ කතා, කෙටිකතා ආදියෙන් ඔහු හැම විට ම අලුත් දෙයක්‌ ඉදිරිපත් කළේ ය. ඔහු ගේ අනාවැකි බොහෝ විට සඵල විය. ඉන් සමහරක්‌ මෙසේ ය.

    DNA නම් සෛලගත ද්‍රව්‍ය විශ්ලේෂණය මගින් ජීව විද්‍යාත්මක සාක්‍ෂි සොයා ගත හැකි බව.

    වෘත්තීය අපරාධකරුවන් සමාජයෙන් අතුගා දැමීමට ඉලෙක්‌ට්‍රොනික තාක්‍ෂණය සමත් වන බව. මිනිසකු ඉහළ අභ්‍යවකාශයට ගිය විට මිනිසා දියයට කිමිදීමේ තත්ත්වයට සමාන තත්ත්වයක්‌ හා වින්දනයක්‌ මෙන්ම බර රහිත තත්ත්වයක්‌ අත්දැකිය හැකි වන බව.

    මිනිසා අනාගතයේ අභ්‍යවකාශයේ සාදන මන(කල්පිත දූපතට පෘථිවියේ සිට සෝපානයක්‌ සාදන බවත් ඒ සඳහා අමුද්‍රව්‍ය ලෙස කාබන් නැනෝ ෆයිබර් යොදා ගන්නා බව (වර්තමානයේ විද්‍යාගාර තුළ මෙය අත්හදාබැලෙමින් පවතී.)

    එංගලන්තයේ බටහිර ප්‍රදේශයේ සමර්සෙට්‌ ප්‍රාන්තයේ "මයින්හෙඩ්" නම් ගම්මානයේ දී 1917 දෙසැම්බර් 16 වැනි දා උපන් ආතර් චාල්ස්‌ ක්‌ලාක්‌ ගේ මාපියන් වන්නේ පියා චාල්ස්‌ රයිට්‌ ක්‌ලාක්‌ සහ මව නෝරා මේරි (විල්ස්‌) ය. කුඩා ක්‌ලාක්‌ මූලික අධ්‍යාපනය ලැබුවේ මයින්හෙඩ්හි පිහිටි හුයිෂ්ස්‌ ග්‍රැමර් ස්‌කූල් නම් පාසලෙනි. ක්‌ලාක්‌ට යන්තම් අවු 13 ලබන විට තැපැල් දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකු ව සිටි ඔහු ගේ පියා අකාලයේ මිය ගියේ ය. මේ හේතුවෙන් දරුවන් සිව් දෙනකු ගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙස ක්‌ලාක්‌ට කුඩා කල දී ම පවුලේ බර දරන්නට සිදු විය. සිය පාළුව හා තනිකම මකා ගැනීමට තම පියාට අයත් ගොවිපළෙහි දී මිතුරන් සමග රොකට්‌ නිර්මාණය කර යෑවීමටත් රාත්‍රී අහස නිරීක්‍ෂණය කිරීමටත් ඔහු පුරුදු විය.

    1936 දී සිවිල් සේවයට ඇතුළු වූ තරුණ ක්‌ලාක්‌ 1941 සිට 1945 දක්‌වා බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් ඉංජිනේරුවකු ලෙස සේවය කළ අතර 1948 දී කිංස්‌ කොලේඡ් සරසවියෙන් භෞතික විද්‍යාවෙන් පළමු පෙළ ගෞරව උපාධියක්‌ ද ලබා ගත්තේ ය. ක්‌ලාක්‌ බ්‍රිතාන්‍ය අන්තර් ග්‍රහලෝක සංගමයට ද බැඳී අනාගත අභ්‍යවකාශ තරණය පිළිබඳ වැඩිදුර පර්යේෂණ දියත් කළ අතර ඔහු ගේ විද්‍යාත්මක ගමන්මඟට නව පෙරැලියක්‌ එක්‌ කළේ 1945 වසරේ දී වයර්ලස්‌ වර්ල්ඩ් (Wireless World) සඟරාව තුළින් ලෝකයට හඳුන්වා දුන් භූ ස්‌ථාවර චන්ද්‍රිකා සංකල්පයයි. එම සංකල්පය මත යමින් අද ලෝකය ම එක ම සන්නිවේදන ජාලයක්‌ සන්නිවේදන පවුලක්‌ බවට පත් වී ඇති අතර එය ඔහු චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා ලෙස හැඳින්වීමට තරම් වාසනාව ගෙනාවේ ය.

    .
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ආතර් සී. ක්‌ලාක්‌ දක්‍ෂ කිමිදුම්කරුවෙකි. දිය යට කිමිදීමට ඕස්‌ටේ්‍රලියාවේ මහා බාධක පරය වෙත "හිමාලයා" නම් නැවෙන් ගමන් ගන්නා අතර 1954 දී හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණි ක්‌ලාක්‌ 1956 දී මෙරට ස්‌ථිර පදිංචියට පැමිණියේ ශ්‍රී ලංකාව ඔහු ගේ සිත් ගත් ම රට වූ බැවිනි. 1975 දී ශ්‍රී ලංකාවේ ප්‍රථම සම්මානනීය නේවාසික ගෞරවනීය පුරවැසිභාවය ලද ක්‌ලාක්‌ 1953 මැරලින් මේෆිල් නම් කාන්තාව සමග විවාහ වී 1964 දී සුහද දික්‌කසාදයකින් වෙන් වී 2008 මාර්තු 19 දින මිය යන තෙක්‌ ම තනිකඩ ජීවිතයක්‌ ගත කළේ ය. පදිංචිය සඳහා විදෙස්‌ රටවලින් කළ ආරාධනයන් ප්‍රතික්‌ෂේප කළ ඔහු ශ්‍රී ලංකාවට ම ආදරය කළේ ය. කිසි දා ශ්‍රී ලංකාව හැර ගියේ නැත.

    කලාකාමී හදවතක්‌ හිමි ක්‌ලාක්‌ නිරන්තරයෙන් ඊඊC ගුවන්විදුලියට නාට්‍ය පිටපත් රචනා කළේ ය. ශ්‍රී ලංකාවේ මුල් ම වර්ණ චිත්‍රපටය වූ දිය යට දර්ශන ඇතුළත් රන්මුතුදූව චිත්‍රපටය මයික්‌ විල්සන්, රොඩ්නි ජොන්ක්‌ලාස්‌ සමග එක්‌ ව නිපදවමින් සිංහල සිනමාවට දායක වූ ක්‌ලාක්‌ ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ ගේ බැද්දේගම චිත්‍රපටයේ චරිත දෙකකට පණ පෙවී ය.

    වර්ෂ 1982 දී යුනෙස්‌කෝව විසින් කාංලිග සම්මානයත්, චන්ද්‍රිකා සන්නිවේදනය වෙනුවෙන් 1982 දී මාර්කෝනි සම්මානයත්, 1986 දී විද්‍යාජෝති සම්මානයත්, 1998 දී බ්‍රිතාන්‍ය මහ රැජින විසින් පිරිනැමෙන නයිට්‌ පදවියත්, ශ්‍රී ලංකාවේ ඉහළ ම පුරවැසි සම්මානය වන 2005 වසරේ පිරිනැමුණු ශ්‍රී ලංකා අභිමාන්‍ය සම්මානයත් වැනි දෙස්‌ විදෙස්‌ ත්‍යාග සම්මාන රැසකින් පිදුම් ලැබූ ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ 1979 සිට 2002 වසර දක්‌වා දශක දෙකකට වැඩි කාලයක්‌ මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද කටයුතු කළේ ය.

    1999 වර්ෂයේ පෙබරවාරි මස 02 වැනි දින 50 වසරක චන්ද්‍රිකා සන්නිවේදනය අගයමින් ආතර් සී. ක්‌ලාක්‌ ශ්‍රීමතාණන් ගේ රූපය රැගත් මුද්දර 02ක්‌ සහිත මුල් දින කවරයක්‌ රජය මගින් නිකුත් කෙරිණි. එහි දී ආතර් සී. ක්‌ලාක්‌ සිය අතීතය ආවර්ජනය කළේ "අපි ඔක්‌කොම තැපැල් පවුලක්‌. මම මුලින් වැඩ කළේ බිෂොප් ලයිඩෙයාර්ඩ්හි පිහිටි තැපැල් හලේa. එදා මම මේ වගේ දෙයක්‌ ගැන හීනෙකින් වත් හිතුවේ නෑ. මගේ මේ ගමන මට ම සිහිනයක්‌" යනුවෙනි.

    මාටින් වික්‍රමසිංහයන් සිංහල ගත්කරුවකු ලෙස ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොවට කියද්දී ආතර් සී. ක්‌ලාක්‌ විද්‍යාත්මක චින්තනයෙන් ශ්‍රී ලංකාවේ පරිසරය, සංස්‌කෘතිය, සත්ත්ව ලෝකය තම කෘති තුළින් ලොව කරා රැගෙන ගියේ ය. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය, ශ්‍රී පාදස්‌ථානය, අනුරාධපුරය, පොළොන්නරුව, ඔහු ගේ සිත්ගත් ස්‌ථාන වූ අතර විවේකය ලද හැම විට ම මුහුදට යැම ඔහු ගේ සිරිත විය.

    2005 ඔක්‌තෝබර් මස චන්ද්‍රිකා සන්නිවේදන සංකල්පයට 60 වසරක්‌ පිරීම නිමිත්තෙන් ද මොරටුව ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය දැවැන්ත විද්‍යා ප්‍රදර්ශනයක්‌ පවත්වා එතුමාට උපහාර දැක්‌වූ අතර එම වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ වැදගත් මෙන්ම ඉහළ ම ජනාධිපති සම්මානයක්‌ වන ශ්‍රී ලාංකාභිමාන්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ 2007 දෙසැම්බර් 16 වැනි දින සිය 90 වැනි ජන්ම දිනය ශ්‍රී ලංකා ජනාධිපති ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස සැමරී ය. එදින එතුමා ප්‍රකාශ කළේ තමා වට 90ක්‌ ගමන් කොට නිම වන මේ මොහොතේ පසුතැවීම් හෝ පෞද්ගලික අපේක්‌ෂාවන් හෝ නොමැති බවත් හුදු ප්‍රාර්ථනාවන් 3ක්‌ පමණක්‌ ඇති බවත් ය.

    ඒවා නම්,

    1. මම පිටසක්‌වළ ජීවීන් පිළිබඳ කිසියම් සාක්‌ෂියක්‌ දැකීමට කැමැත්තෙමි.

    2. අප දැනට ඇබ්බැහි වී ඇති තෙල්වලට පයින් ගසා ඒ වෙනුවට පිරිසිදු ශක්‌ති ප්‍රභේදයක්‌ වෙත යොමු වනු දක්‌නට කැමැත්තමි.

    3. මා දැනටමත් දිගු කල් පවතින සාමයක්‌ ශ්‍රී ලංකාව තුළ හැකි තරම් ඉක්‌මනින් දැකීමට ප්‍රාර්ථනා කර ඇත්තෙමි.

    ශ්‍රී ලංකාවට මෙවන් ලෙන්ගතුකමකින් තම ජීවිත කාලයෙන් වැඩි කලක්‌ සේවය කළ ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ 2008 මාර්තු 19 වැනි බදාදා දින අලුයම 1.30ට ශ්‍රී ලංකාවේ දී ලොවින් සමුගත්තේ ය.

    චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා ලෙස විශ්ව කීර්තියට පත්, සම්මානනීය ශ්‍රී ලංකා පුරවැසියකු වූ ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක්‌ අත්කර දුන් ශ්‍රීමත් ආතර් සී. ක්‌ලාක්‌ නාමය සදා අමරණීය ය.

    ආතර් සී. ක්‌ලාක්‌ ආයතනයේ ප්‍රාරම්භක අනුශාසකවරයකු ලෙස කටයුතු කළ ආතර් සී. ක්‌ලාක්‌ ශ්‍රීමතාණන් ගේ ගුණානුස්‌මරණය පිණිස පැවැත්වෙන ආතර් සී. ක්‌ලාක්‌ ගුණ සමරු දේශනය ආයතනය මගින් 2009 වසරේ සිට සැම වසරක ම සිදු කරමින් පවතී.

    ආතර් සී. ක්‌ලාක්‌ ශ්‍රීමතාණන් ගේ තෙවැනි ගුණ සමරු දේශනය මැලේසියානු ජාතික අභ්‍යවකාශ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය මුස්‌තාෆා ඩින් සුබාරි මහතා විසින් පවත්වනු ලැබේ. Hදඅ එද ටැඑ a චරසජැ දෙ එයෑ sච්ජැ ජ්නැ ථ ඡැරිචැජඑසඩැ දෙ a Deඩැකදචසබට ඤමබඑරහ - ඔයෑ ඵ්ක්‌හිස්‌බ Eංචැරසැබජැ නමින් වන මේ විශේෂ දේශනය 2011 අප්‍රේල් 04 වැනි දින ප.ව 4.45 ට බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ අන්තර් ජාතික අධ්‍යයනයන් පිළිබඳ බණ්‌ඩාරනායක මධ්‍යස්‌ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. තාක්‌ෂණ හා පර්යේෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ ගුණ සමරු දේශනය සඳහා විද්වතුන් රැසක්‌ ද සහභාගී වන අතර මේ සඳහා උනන්දුවක්‌ දක්‌වන අයට අවස්‌ථාවක්‌ ලබා දීමට ආතර් සී. ක්‌ලාක්‌ ආයතනය බලාපොරොත්තු වේ


    http://www.vidusara.com/
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම කවදත් ගරු කරපු මනුස්සයක්:)
    ස්තුතී යාලුවා දැනුවත් කලාට
     

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    තෑන්ක්ස් මචන්.. අමරණීය මනුස්සයෙක්!:yes:
    මට පොඩිකාලේ කියවෙන්නෙම ආතල් ශ්‍රී ක්ලාක් කියලා:sorry: