අමරදේව කළුරිය කරයි
හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා (88) මීට සුළු මොහොතකට පෙර අභාප්‍රාප්ත වු බව lankadeepa.lk බලවත් සංවේගයෙන් වාර්තා කරයි.
අමරදේව මහතා රෝහලට ඇතුළු කළ පසු හදවත නතර වු බවත් වෛද්‍යවරු හදවත පිරිමැද ඔහු යන්ත්‍රයට සම්බන්ධ කළ බවත් සුසිත සේනාරත්න කියයි.
ඩබ්ලිව්.ඩී.අමරදේව උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් සිංහල ගීත ක්‍ෂේත්‍රය පෝෂණය කළේය.1927 දෙසැම්බර් පස් වන දින මොරටුවේදී උපන්නේය. වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්‍රකට ගායන හා සංගීතඥයකු ලෙස ශ්‍රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්‍රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට ඔහු දායක කැර ගත්තේය.
http://www.lankadeepa.lk/index.php/top_story/475685