අමරදේව ගැන නොඇසූ කතා

loku_pappa1

Active member
  • Aug 7, 2016
    374
    67
    28
    අමරදේව ගැන නොඇසූ කතා

    පසුගියදා අභාවප්‍රාප්ත වූ අමරදේවයන් පිළිබදව මම මීට පෙර නොඇසූ කතා ටිකක් අන්තර් ජංජාලේ පීරලා හොයා ගත්තා.සමහර විට ඔබත් මෙතන සමහර දේවල් මීට පෙර අහලා නැතිව ඇති​

    *අමරදේවයන්ගේ මුල් නම වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ය.:)

    *කතෝලික මවකටත් බෞද්ධ පියෙකුටත් දාව උපත ලබන ඔහු ආගම් දෙකක මිශ්‍ර පරිසරයක ජිවත් වී ඇත.:shocked:

    *ඔහුට සහෝදර සහෝදරියන් පස් දෙනෙකි.

    *ඔහුගේ පියා මොරටුමුල්ලේ වඩුවෙකි.:shocked:

    *අමරදේව යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි.

    *සරච්චන්ද්‍ර‍යන් මෙන්ම ගුණදාස අමරසේකරත් අමරදේවට නමක් යෝජනා කර ඇත. ඒ මේඝවර්ණ යන නමය .අමරදේව නොවුනානම් ඔහු wd මේඝවර්ණ වන්නට ඉඩ තිබුනි.:lol:

    *වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලාකරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සඳහා ක්‍රියාකාරීව දායක වූයේ අමරදේවයන්ය.:rolleyes:

    *අමරදේවයන් පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය, ප්‍රංශ රජයෙන් පිරිනමන “Officier de l’ordre des Arts et Lettres සම්මානය ,ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය යන විදෙස් සම්මාන ලබා ඇත.:nerd:

    *ඔහුට ප්‍රාථමික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වීමේ භාග්‍ය ලැබෙනුයේ ඉංග්‍රීසි භාෂාව සදහා ලද ශිෂ්‍යත්වයකිනි.:dull:

    *අමරදේවයෝ ඉන්දියාවේ සංගීතය හදාරමින් සිටි කාලයේ ඔහුගේ වයලීන ගුරැවරයා වූයේ ශ්‍රී විෂ්ණු ගෝවින්ද ජෝග්ය. ජෝග්ගේ හොඳම ශිෂ්‍යයා වූයේ අමරදේවය. ඒ ගුරැ - ගෝල සම්බන්ධතාවය කෙතරම් ප්‍රබල එකක්දැයි කීවොත් ජෝග් පසුකාලයේදී ඔහුගේ මුණුපුරාට අමරදේවයන්ගේ නම තබා ඇත. ඔහුගේ මුණුපුරාගේ නම අමරදේව විජය ජෝග්ය.:baffled::baffled:

    *කැලණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ලලිත කලා ආචාර්ය උපාධිය ද, විශේෂ ආචාර්ය උපාධින් දෙකක් රුහුණු සහ පේරාදෙණිය‍ විශ්වවිද්‍යාල වලින් ද ලබා ඇත.:oo:

    *අමරදේවයන්ට ඉන්දියාවට යෑමට ශිෂ්‍යත්වයක් හිමි වන්නේ ඔහු සැළලිහිණියේ කවි ගායනා කරන අයුරු එවක ලංකාදීප පත්තරේ ඩී. බී. ධනපාල මහතාත්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ශ්‍රවනය කොට පැහැදී ලංකාදීප පත්තරෙන් ශිෂ්‍යත්වයක්‌ ආරම්භ කොට ඒ සදහා ජනතාවගෙන් මුදල් එකතු කිරීමෙනි.:nerd:

    *අමරදේවයන්ට පලමු වරට ඔහුගේ ප්‍රියම්බිකාව විමලා අමරදේව මුන ගැසෙන්නේ ඔහුට උපහාර පිනිස පැවැත් වූ පාසල් සමුගැනීමේ උලෙලකදී පිළිගැනීමේ නර්තනය ඉදිරිපත් කර මංගලම් නැටුම නටා මල් මාලයක්‌ද දමා ඔහුව පිලිගනිද්දීය.:P

    *අමරදේව සහ කේමදාසන් පසුකලෙක පසමිතුරන් වූ බව කියැවේ.ඒ අමරදේව ඔපෙරා ගැයීම ප්‍රතික්ෂේප කල නිසා යයි ද කතාවක් පවතී.:confused::confused:
     
    Last edited:

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    Boru kiyanne epa yako :D :D ... amaradewa sumangale indala kalutara vidyaleta giye iskole gihin iwara wenakan.

    Khemadasa ekka tharaha une, WD ariyasinghe ta amaradewage sindu tiyana cassatte ekak gahanne udaw karapu nisa!!! :D :D :D

    P.S : passe balapitiye iskole katath gihin tiyenawa
     
    Last edited:

    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    Boru kiyanne epa yako :D :D ... amaradewa sumangale indala kalutara vidyaleta giye iskole gihin iwara wenakan.

    Khemadasa ekka tharaha une, WD ariyasinghe ta amaradewage sindu tiyana cassatte ekak gahanne udaw karapu nisa!!! :D :D :D

    P.S : passe balapitiye iskole katath gihin tiyenawa

    බොරු කියලා මට තෑගි ගන්නද බොල

    ශ්‍රි සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසල
    පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට
    කළුතර විද්‍යාලය
    බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය අමරදේව ඔය පාසල් ඔක්කොටම ගිහින් තියෙනවා.

    https://si.m.wikipedia.org/wiki/අමරදේව

    ශිෂ්‍යත්ව කතාව ඔතනින් බලපං

    කේමදාස මාස්ටර් එක්ක තරහ උන එකෙට කතා ගොඩක් තියෙනවා.මම සහ උඹ කියන්නේ ඒවලින් කතා දෙකක්.
     
    Last edited:

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Boru kiyanne epa yako :D :D ... amaradewa sumangale indala kalutara vidyaleta giye iskole gihin iwara wenakan.

    Khemadasa ekka tharaha une, WD ariyasinghe ta amaradewage sindu tiyana cassatte ekak gahanne udaw karapu nisa!!! :D :D :D

    P.S : passe balapitiye iskole katath gihin tiyenawa

    බොරු කියන්න එපා යකෝ :D :D ... :P
    කේමදාස මාස්ටර් උදව් කරා නෙවෙයි WD ආරියසිංහ ලවා ඒ වැඩේ කෙරෙව්වේ කේමදාස. කේමදාස මාස්ටර්ට ඕනි උනා තමන් මියුසික් කරපු අමරදේවයන්ගේ සිංදු ටික අලුත් සගීත සංයෝජනයකට අමරදේව ලව්වම ගායනා කරවන්න. ඒකට අමරදේව අකමැති උන නිසා තමයි ඒ වැඩේ WD ආරියසිංහ ලවා කෙරෙව්වේ. ඒකෙන් ලොකු ගානක් කේමදාස මාස්ටර්ට ලැබිලා තියනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමරදේවයන් ගේ මුල් නම වන්නකුවත්ත මිටිවඩුගේ දොන් ඇල්බට් පෙරේරා නොව වන්නකුවත්ත වඩු ගේ දොන් ඇල්බට් පෙරේරා වන බව කරුණාවෙන් සළකන්න.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    අමරදේවයන් ගේ මුල් නම වන්නකුවත්ත මිටිවඩුගේ දොන් ඇල්බට් පෙරේරා නොව වන්නකුවත්ත වඩු ගේ දොන් ඇල්බට් පෙරේරා වන බව කරුණාවෙන් සළකන්න.

    :baffled::baffled:
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    අමරදේවයන් ගේ මුල් නම වන්නකුවත්ත මිටිවඩුගේ දොන් ඇල්බට් පෙරේරා නොව වන්නකුවත්ත වඩු ගේ දොන් ඇල්බට් පෙරේරා වන බව කරුණාවෙන් සළකන්න.

    thanks සහෝදරයා.නිවැරදි කලා