අමරදේව ගැන නොඇසූ කතා
*අමරදේවයන්ගේ මුල් නම වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා ය.
*කතෝලික මවකටත් බෞද්ධ පියෙකුටත් දාව උපත ලබන ඔහු ආගම් දෙකක මිශ්‍ර පරිසරයක ජිවත් වී ඇත.
*ඔහුට සහෝදර සහෝදරියන් පස් දෙනෙකි.
*ඔහුගේ පියා මොරටුමුල්ලේ වඩුවෙකි.
*අමරදේව යන නාමය ඔහු ලැබුවේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් අතිනි.
*සරච්චන්ද්‍රයන් මෙන්ම ගුණදාස අමරසේකරත් අමරදේවට නමක් යෝජනා කර ඇත. ඒ මේඝවර්ණ යන නමය .අමරදේව නොවුනානම් ඔහු wd මේඝවර්ණ වන්නට ඉඩ තිබුනි.
*වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, සනත් නන්දසිරි වැනි කලාකරුවන් භාවිතයට යෙදුනු සරල ගී විශේෂය නිර්මාණය කිරීම සඳහා ක්‍රියාකාරීව දායක වූයේ අමරදේවයන්ය.
*අමරදේවයන් පිලිපීන රමෝන් මග්සයිසායි සම්මානය, ප්‍රංශ රජයෙන් පිරිනමන “Officier de l’ordre des Arts et Lettres සම්මානය ,ඉන්දියානු පද්ම ශ්‍රි සම්මානය යන විදෙස් සම්මාන ලබා ඇත.
*ඔහුට ප්‍රාථමික අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් වීමේ භාග්‍ය ලැබෙනුයේ ඉංග්‍රීසි භාෂාව සදහා ලද ශිෂ්‍යත්වයකිනි.
*අමරදේවයෝ ඉන්දියාවේ සංගීතය හදාරමින් සිටි කාලයේ ඔහුගේ වයලීන ගුරැවරයා වූයේ ශ්‍රී විෂ්ණු ගෝවින්ද ජෝග්ය. ජෝග්ගේ හොඳම ශිෂ්‍යයා වූයේ අමරදේවය. ඒ ගුරැ - ගෝල සම්බන්ධතාවය කෙතරම් ප්‍රබල එකක්දැයි කීවොත් ජෝග් පසුකාලයේදී ඔහුගේ මුණුපුරාට අමරදේවයන්ගේ නම තබා ඇත. ඔහුගේ මුණුපුරාගේ නම අමරදේව විජය ජෝග්ය.

*කැලණිය විශ්ව විද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ලලිත කලා ආචාර්ය උපාධිය ද, විශේෂ ආචාර්ය උපාධින් දෙකක් රුහුණු සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල වලින් ද ලබා ඇත.
*අමරදේවයන්ට ඉන්දියාවට යෑමට ශිෂ්‍යත්වයක් හිමි වන්නේ ඔහු සැළලිහිණියේ කවි ගායනා කරන අයුරු එවක ලංකාදීප පත්තරේ ඩී. බී. ධනපාල මහතාත්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ශ්‍රවනය කොට පැහැදී ලංකාදීප පත්තරෙන් ශිෂ්‍යත්වයක් ආරම්භ කොට ඒ සදහා ජනතාවගෙන් මුදල් එකතු කිරීමෙනි.
*අමරදේවයන්ට පලමු වරට ඔහුගේ ප්‍රියම්බිකාව විමලා අමරදේව මුන ගැසෙන්නේ ඔහුට උපහාර පිනිස පැවැත් වූ පාසල් සමුගැනීමේ උලෙලකදී පිළිගැනීමේ නර්තනය ඉදිරිපත් කර මංගලම් නැටුම නටා මල් මාලයක්ද දමා ඔහුව පිලිගනිද්දීය.
*අමරදේව සහ කේමදාසන් පසුකලෙක පසමිතුරන් වූ බව කියැවේ.ඒ අමරදේව ඔපෙරා ගැයීම ප්‍රතික්ෂේප කල නිසා යයි ද කතාවක් පවතී.
පසුගියදා අභාවප්‍රාප්ත වූ අමරදේවයන් පිළිබදව මම මීට පෙර නොඇසූ කතා ටිකක් අන්තර් ජංජාලේ පීරලා හොයා ගත්තා.සමහර විට ඔබත් මෙතන සමහර දේවල් මීට පෙර අහලා නැතිව ඇති

Last edited: