අන්න හරි... ලෝකයේ අපේ මට්ටමේ රට වල ඒ කිව්වේ ඇමරිකාවේ එංහලන්තේ වගේ රටවල දැවෙන ප්රෂ්නයක් මේක. ඉතින් මේවා දරුවන්ට කියා දෙන්න ඕන... මේවට මූන දෙන විදිහ පුරුදු කරන්න ඕන.. එහෙම නැත්තන් සුදු මහත්තෑන්ලා මේවා පාඩම් පොත්වලට නිකන් දානවා කියලා හිතුවද? ඒ මහත්තෑන්ලා දුරදිග හිතලා අපේ දරුවන්ට තියන ආදරේට අනුකම්පාවට මේවා හදලා දාලා තියන්නේ.. කොහෙද අපේ හාමුදුරුලට මේවා තේරෙන එකක් යෑ. අපේ උන් ඉතින් ඉරිසියාවට කෑගහනවා. අනික ගමේ ඉස්කෝලෙට ගිය ගොඩේ බයියන්ටයි උන්ගේ ගෑනුන්ටයි මොන ගර්ල්ෆ්රෙන්ඩ් බෝයිෆ්රෙන්ඩ්ද.. මේ විදිහට අපිත් හිතන්න පුරුදු වෙන්න ඕන..මලන්න දැන් ඕවා කරන එකෙන් කොච්චර ලේසිද? තාත්තා දාලගියාම අම්මලා දුක් විඳලා ලමයි හදන්න ඕන නෑ ටක් ගාලා බෝයිප්රෙන්ඩ් කෙනෙක් හොයාගන්න ඕන. දුවෙක් ඉන්න අම්ම කෙනෙක්නං පස්සෙ බැරියෑ බෝයිප්රෙන්ඩ්ටම දුව සහේට දෙන්ට.. අම්මා දාල ගියාම තාත්තට තියන්නේ සුකුරුට්ටමක් හොයලා ගර්ල්ප්රෙන්ඩ් කොරගන්න එතකොට තාත්තා මෙහෙමගුල් නටනවා ලමයා එලියේ මගුල් නටනවා. අන්න ඒ විදිහට තමා අපි ලමයින්ට ජීවත් වෙන්න අත්දැකීම් ලබන්න පුරුදු කරන්න ඕන.. කොහෙද අපේ මේ සංස්කෘතිය සංස්කෘතිය කිය කිය කෑගහන නරි රැලට මේවා තේරෙන එකක් යෑ ආයිබොවන්ඩ..
අනික මේ ලොකේ පින් පවු කර්මය කියලා ඒවා නෑ. ඔය ආයෙ ඉපදිලා දුක්විඳින ඒවා එහෙම අමූලික බොරුලු. ඒවා මේ පස්සේ කාලේ බුද්ධාගමට එකතු වෙච්චලු. ඉතින් මොන මගුලකටද ඕවා ගැන හිතන්නේ සල්ලි ටිකක් හොයාගෙන ඉන්නකන් ජොලියේ ඉඳලා මැරිලා යනවා මිසක්.. මම ඕක දක්කේ බුද්ධාගම ගැන අලුතෙන් දාපු ලිපියක.. කෝවුර්ද කවුද සුදු මහත්තෑන් කෙනෙක්ගේ ගෝල උත්තමයෙක් තමා ලියලා තිබ්බේ.. ඕං මම නම් ඉතින් ගොඩයා ලියපුවයේ වැරැද්දක් හෙම තිබ්බනම් ගනංගන්න එපා හොදේ.. සුද්දා කිව්වා වගේ වැරදි කිරීම මිනිස් ගතියනේ ආයිබොවන්ඩ..