මචන් මේකේ කියවෙන්නේ ගැනිත් එක්ක තරහවෙලා අම්මව මතක් වෙන සීන් එකක් නේද්?දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායනතුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ
නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුනදා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ
කොළඹ අහස කළුකරගෙන
මුහුදු හුළඟ හඬලනකොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මම එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ
// ගායනය - ගුණදාස කපුගේ
// පද රචනය - රන්බණ්ඩා සෙනෙවිරත්න
// සංගීතය - ගුණදාස කපුගේ