obatath suba nava vasarak wewaa sis.... nirmanaya samaja yathrthyath ekka galapen nisa obe nirmaana behwin agaya karami. oyata vada lassanata liyanna puluwan aya athi. e me vage samajaya ekka badda wenna hamotama baha anna ekayi vatinakam
අනිවාර්යෙන්ම මල්ලි මට වඩා ලස්සනට ලියන අය ගොඩක් ඉන්නවා...සමාජ යථාර්තය ගැන කියනවා නම් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහ චමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්න යන සහෝදරවරු ඉතා උසස් මට්ටමේ නිර්මාණ කරනවා..හදවතට හුඟක් දැනෙන...ඔයා දන්නවත් ඇති...නැත්නම් FB බලන්න...අනිත් එක එළකිරියේ ඔයාල මගේ නිර්මාණ මේ සමාජයට කතා කරන නිර්මාණ බවට පත් කරගන්න ලොකු උදව්වක් උනා..ඔයා බැලුවොත් මම එළකිරියේ මුල් කාලේ ලියපුවා සියල්ලම ප්‍රේම ගීත..නමුත් පසුවට මට යෝජනා ආවා මේ අදහස් සමාජය වෙනුවෙන් යොදා ගන්න කියා...අද මම සාර්ථකයි කියල හිතෙනවා...


වෙනදා වගේම ඉතාමත් රසවත් හරවත් නිර්මාණයක්... අම්මා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. මට මතක් උනා සිහිනයකි රෑ වැඩසටහනට නුවන් ගුණවර්ධනයන් ගයපු "මේ නොනිමෙන දිවි ගමණේ" ගීතය... හ්ම්ම්... ඉන්න දාට අගයක් නැති නැති දාට කියා ගන්න බැරි එකම දුක... "අම්මා... "
මට මතක් වෙනවා ඉස්සර එළකිරි එකේ මේ වගේම හරි ලස්සන යුගයක් තිබුණා... රොන්සිල්වා / අච්චි රසික / අරවින්ද වගේ සමාජය කියෝපු මිනිස්සුන්ගේ නිර්මාණ රැසක් තිබුණා... දෙව්.රන්ගි අක්කත් ඒ මට්ටමෙන් නිර්මාණ එළිදක්වන එක ගැන හරි සතුටුයි.. බොළඳ සීනී බෝල නිර්මාණ ලියන අය අතරේ අපිට යමක් හිතන්න මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා ස්වයං පර්යේෂණයක යෙදෙන්න පුළුවන් මට්ටමේ නිර්මාණ කරන එක අගය කරන්න ඕනේ... ලැබුවා වූ නව වසර අක්කටත් පවුලේ සැමටත් බලාපොරොත්තු ඉටුවෙන නිරෝගිමත් නව වසරක් වේවා..!!!
ඇහි පිල්ලමට යටිනී
සත් සමුදුරෙන් පනිමී
සිසිවන උවන දකිමී
එදා වගෙමයි කියමී...
මතක පොත දිග හරිමී
දුක හිතෙන තැන් වසමී
නුඹ හැඩූ තැන් මකමී
අලුත් කවියක් ලියමී...
මල් කැකුළකින් ඉපැදී
මගෙ අප්පච්චීට බහදී
අපට අම්මා වී දිවි දී
වීය මගෙ සත් පතිනී...
පඩිගේ තෙවැනි ඇසිනී
අප්පච්චිගේ පණ මැකුණී
අපි දෙන්නා එක්ක පතිනී
පඩිපුර මහ සටන් වැදුනී...
ගල් මත වැපිරි බතිනී
සාගිනි නිව්වාය පතිනී
අනා කැවු බත් පිඩෙනී
තටු දෙකක් මට ලැබුනී...
සත් මූදෙන් එහා ඉගිලී
ආවාට මං සත් පතිනී
ඉර පෑයුවේ සොඳිනී
නුඹේ හඬටයි මව්නී...
උතුරු සළුවක් වියමී
සලඹක්ද මම ගෙනෙමී
ණය ගෙවනු බෑ පතිනී
නුඹට බුදු බව පතමී...
දෙව්රංඟී
ජනවාරි 01, 2016
හැමදෙනාටම සියලු පැතුම් ඉතිරෙන නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා !!!
ලස්සන නිර්මාණයක් හැමදාමත් වගේ..
සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ..

lasanai.
suba nawa wasarak wewa.
You must spread some Reputation around before giving it to Dewrangi again.![]()