අම්මා..

අම්මා..

අද මගේ ජිවිතේ මට කවදාවත් අමතක කරන්න බැරි දවසක් වෙනවා.. හේතුව මගේ අම්මා..

මට ජිවය දීපු , මාව මේ තැනට ගෙන්න අනන්ත දුක් වින්ද මගේ අම්මා..
මට මගේ අම්මා ඉස්සරහ මේ දුක පිට කරන්න බෑ මගේ රත්තරං අම්මේ..
අම්ම ඉස්සරහ හිත හදාගෙන හිටගෙන හිටියට ඇතුලතින් මම ගොඩක් වැටිලා මගේ අම්මේ..
මෙහෙම හිත හදාගෙන ප්‍රශ්න වලට මුණ දෙන්න මට ඉගැන්නුවෙත් අම්මම යි..

දුක කදුළු වලට හරවගන්න පුලුවන්නම් මැරෙනකම් අඩන්න පුළුවන්..
ඉපදෙන අපි හැමොගේම පස්සේන හෙවනැල්ල වගේ මරණය එනවා.

තාම මතකයි අම්මේ අද වගේ මාව අතින් අල්ලාගෙන ඉස්කෝලේ එක්කන් ගිය හැටි..
අද ඔයාගේ පුතා ලෝකෙට බරක් නොවී දෙපයින් නැගිටලා ඉන්නේ ඔයා කියල දීපු අඩි පාරේම මේ ගමන ආපු නිසයි..

මගේ රත්තරන් අම්මේ ඔයාගේ කකුල බේරගන්න පුළුවන් හැමදේම අපි කළා..
ගොඩක් මහන්සි වුනා ..

මගේ අම්මේ ඔයාට නැතිවෙන්නේ එක කකුලක් විතරයි..

ඔයා මේ ලෝකෙට දෙපයින් ම නැගී ඉන්න පුළුවන් දරුවෝ තුන් දෙනෙක්ම බිහි කළා අම්මේ..

අපි ඉන්නකන් අම්මට වැටෙන්න දෙන්නේ නෑ..

-- -- --

හිත වවන්නෙම නැත්තේ ගෙදර ගියාම වයිෆ් අපේ පොඩි එකාව අල්ලාගෙන (තාම මාස 9) ගේ පුරාම අවිද්දනවා දැක්කම..
අනේ මගේ අම්මත් මාව මෙහෙම පරිස්සමට අවිද්දන්න ඇතිනේ...

infant_play_mom_home_112_w640.jpeg


අද වෙනකන් අම්මා ඉස්සරහ අඩුවේ නෑ මචන්ලා.
අද ඔප්රේෂන් එක..
අම්මා මගේ ජීවිතේට ගොඩක් වටිනවා..
එළකිරියේ හරි මේ ටික ගැහුවේ දුක පිට කරගන්න බන්..

කමෙන්ට් වලට රිප්ලයි බලාපොරොත්තු වෙන්න එපා මචන්ලා..
මානසිකත්වය ගොඩක්ම අවුල් වෙලා ඉන්නේ..
උබලගේ එක වචනයක් පවා ගොඩක් වටිනවා..

 
Last edited:

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    වචන රහිත දිගම ප්‍රේම ගීය කනේ රන්දා
    දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වේ අම්මා.
    නැති බැරි කම් හංගා ඇති දේ පිරි මහල
    කවා පොවා හැදුවේ අම්මා
    ආත්මයම හැදුවේ අම්මා ....

    හරිම තැනින් පටන් ගන්න කියා දුන්න හින්දා
    හොදම දෙයක් කරන් යද්දී සතුටු වෙන්නේ අම්මා
    සැප විදිනවා දැකලා හිස සිබ සුබ පතලා
    හිනා වේවි හැඩුවේ අම්මා
    ආත්මයම හැදුවේ අම්මා.............
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්..හ්ම්....
    දනිමි තත්ත්වය......
    කකුල නැතුව හරි අම්මව නේ මචං වටින්නේ.....
    කකුල තියා ගන්න ම බෑ කිව්වනේ වෛදයවරු....
    හිත හදා ගනිමු. කකුළ නැතුව හරි අම්ම ඉන්නව නෙව......
    අම්ම ඉදීම නෙව අපිට වඩා වැදගත්.........
     
    Nov 27, 2009
    2,139
    107
    0
    kakula nethath jeewath wena eka gena santhosa wenna, ammata hodin salakanna. nitharama bana daham shrwanaya kireemata salas wanna. me sasare athi anathura wataha denna.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අට ලෝ දහමින් කම්පා වෙන්න එපා ....ඔයාට පුළුවන් හැම දේම කල නෙහ්...ඒ ගැන හිතලා හිත හදාගන්න....ඉස්සරහටත් අම්මව හොදට බලාගන්න ...එතකොට අම්මට කකුල නැති අඩුව දැනෙන එකක් නැහැ....
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අම්මට ඉක්මන්ටම සුව වෙයි මචෝ.. ඉස්සරහට තවත් හොඳින් බලගනින්.. දරුවො තුන්දෙනාම අම්ම එක්ක ඉන්නව නම් අම්මට කකුලක අඩුව නොදැනේවි මචං...

    අම්ම කෙනෙක්ට තම දරුවො තරම් වටින වෙන දෙයක් නෑ මේ ලෝකේ..
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ඔහොම තමා බන් ජීවිතේ . හැමදේම වෙනස් වෙනව.මට මගේ කියල කිසිම දෙයක් ඉතිරි වෙන්නෙ නෑ. ඉතිරි වෙන්නෙ දුක විතරයි. අමමට සනීප වෙන්න කියල හදවතින්ම පතනව.
     

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    amma kenek thamange panatat wada daruwanta adarie. e nisa kakula gena newei amma wada wenne thamange daruwo gena. e nisa ammawa hondata balaganin macho. ammata ikmanata suwa wenna kyla prarthana karanawa.
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මගේ අම්මාට තරම්ම මම උඹේ අම්මටත් ආදරෙයි මචං....
    අම්මගේ සිරුර ගැන නෙවෙයි,අම්මගේ හිත සැනසිල්ලේ තියහන්..
    කය අස්තිරයි..

    අම්මා ලඟින් හිටහන්...
    උඹට ඒ මදි වුනාට අම්මට ඒ ඇති මචං...මම ඒක අත්දැකීමෙන් දන්නවා...
    :yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අම්මට කකුල් දෙකම නැති උනත් ගානක් නැතිවෙයි
    උබ වගේ පුතෙක් ඉන්න නිසා

    ඒ නිසා අම්මට කණගාටුවෙන එපා කියහන්
    උබට කරන තියන හොදම දේ අම්මට පුරුදු විදියට
    ජිවත් වෙන්න උදවු කරන එක

    ඒ කියන්නේ කකුල නැහැ කියලා දැනෙන එක වලක්වන එක
    මන් හිතන්නේ උබට ත්රුනවා කියපු එක

    උබේ හිතේ හය්යිය අම්මව සතුටින් තියාවි
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කියන්න දෙයක් හිතා ගන්න බෑ සහෝ...උබේ මෑණියන්ට ඉක්මන් සුවය සහ නිදුක් නිරෝස්ගි සුවය පතන්ව