මගේ ටැලන්ට්ස් ස්කිලිස් හැම එකක්ම මම සුපිරියටම කිව්වා...ඒතත් මම ඉන්ටව් එකකදී කිව්වා මගේ වීක් පොයින්ට්ස් . මට ඕන වුනේ මම තමයි වැඩ්ඩා කියලා පෙන්නනන නෙමෙයි . බැලන්ස් කරන්න. විනාඩියක්වත් ගියේ නෑ ..ඊමේල් එකක් ඒව්වා එයාලා සිලෙක්ට් වුනේ නෑ කියලා ..හ්ම් ..මම එතනදී හැසිරුණු විදිය වැරදියිද? ඒක මම අවංකව උන්ට කිව්වේ....
ඩිසියිනින් වලට මම පට්ට නෑ.. ඒකයි මගේ වීක් පොයින්ට් එක...ඉතින් මම ස්පෙෂලයිස් කරලා තියෙන්නේ Frontend/ Backend / Devops / Cloud දේවල්..අනික මාව ඩෙඩ් කලේ එච් ආර් ඩයල් එකක් . උ මාව කැපුවා කියලා හිතන්නනත් බෑ..
අනික බොරු බයිලා කියන්නත් මම ආසණෑ. ඇත්ත ඇතිසැටියෙන්ම කිව්වමත් අවුල් ද බන් !
උබ වීක් පොයින්ට්ස් කියන එක අවුලක් නෑ බන් , ඒක constructive විදියට දීපන් .
ඒ කියන්නේ , උබ කියන විදියට උබේ ඩිසයින් පැත්ත අවුල් , උබේ ඩිවොලපින් පැත්ත හොද නම් ඒක එක පාරටම බොක් ගාල මට ඩිසයින් බෑ , දන්නේ නෑ වගේ නොකියා , උබ ඒ වීක්නස් එක අදුරගෙන තියෙනවා , උබ එක ගොඩ දාන්න වැඩ කරනවා වගේ ලයින් එකක් දීපන් .
උදාහරණක් ගත්තම උබට කියන්න පුළුවන් , මගේ වරක් එක්ස්පීරියන්ස් එකයි , ස්ටේන්ත් එකයි තියෙන්නේ developer කෙනෙක් විදිහට . හැබැයි මන් තේරුම් අරන් තියෙනවා ඩිසයින් ගැන ස්කිල් එකත් ඉස්සරහට අවශ්‍යයි , ඒකත් සාපේක්ෂව improve කරගන්න ඕන කියල . එකට මම මෙන්න මේ ස්ටෙප්ස් ටික කරගෙන යනවා , දැන් මෙන්න මේ ලෙවල් එකේ ඉන්නේ වගේ කියල කියපන් .
ඔහොම දුන්නම උන් දන්නවා උබ සියල්ල දත් පණ්ඩිත ඩයල් එකක් නෙවෙයි කියල , constructive feedback එකක් ගන්න පුළුවන් එකෙක් කියල .
හැබැයි ඔය මොන කැටයම් දැම්මත් , උන් කලින් එකෙක් සිලෙක්ට් කරලා නම් උබට හුප්පේ තමයි .
