අමානුෂික ලෙස ඩයි කරපු අලංකාර මත්ස්‍යයින්

Dec 23, 2013
79
12
0
අමානුෂික ලෙස ඩයි කරපු අලංකාර මත්ස්‍යයින්

අමානුෂික ලෙස ඩයි කරපු අලංකාර මත්ස්‍යයින්... :no:

ලිව්ව සිංහයා Madura Prasanga - 7:12 PM -



කෘතිම වර්ණක භාවිතයෙන් වර්ණවත් කළ blood parrot මසුන් කාලෙකින් ලිපියක් ලියන්න බැරි වුණා. කාර්යය බහුල වුණත්, මේ ගැන දැනුවත් කරන්න අවශ්‍යම නිසා නොලියා ඉන්න බැරි වුණා.
ඕගොල්ලො දැකල ඇති දැන් අසාමාන්‍ය පාට වලින් මත්ස්‍ය වර්ග වෙළඳපොළට ඇවිත් තියෙනවා. ඒ වගේම මත්ස්‍යයින්ගෙ ඇඟෙ එක එක දේවල් ලියල, එහෙමත් නැත්නම් එක එක symbols වගේ දෙවල් ඇඳල, ඇත්තටම කොහොමද මේ වගේ පාට මෙයාලට? මුලින්ම බලමු මොන වගේ විශේෂද මේ වගේ අමුතු පාට මාළු කියලා...
Blood Parrot cichlid මේ වන විට ලංකාව තුළ මේ ආකාරයෙන් අසාමාන්‍ය වර්ණවලින් බහුලවම හමුවන විශේෂය වේ. වර්ණ ගැන්වීමෙන් පසුව වෙනත් වෙනත් නම් වලින් මොවුන් හඳුන්වයි.
White Skirt Tetra නමුත් මෙයාගෙ පාටත් එකක් නමත් වෙනස් වෙලා strawberry tetra නමින් වෙළඳපොළට එන්නෙ.
මුල් කාලයේ මෙලෙස වර්ණගැන්වීමට ලක්වූයේ Glass fish නම් මත්ස්‍යයා පමණකි. නමුත් අද වන විට Oscar, White Mollies වැනි තව මත්ස්‍ය විශේෂ මේ ක්‍රම මගින් වර්ණ ගන්වා වෙළඳපොළ වෙත පැමිණේ.
ඇත්තෙන්ම මෙය සත්ත්ව හිංසාවක්. ඉතා වර්ණවත් අයුරින් ඔබ දැක ඇති මේ මත්ස්‍යයින් සැබෑවටම කෘතිමව වර්ණ ගැන්වූ මත්ස්‍යයින්. එලෙස වර්ණ ගැන්වීම සඳහා මත්ස්‍ය නිෂ්පාදකයින් ක්‍රම ගණනාවක් භාවිතා කරනවා. එක් ක්‍රමයක් වන්නේ, ආහාර මගින් විවිධ කෘතිම වර්ණක (Colour Feed) ලබා දීමයි. නමුත් මේ ක්‍රමය මගින් ලබා දෙන වර්ණක දිගු කාලයක් මත්ස්‍යයාගේ ශරීරය තුළ රඳා පවතින්නේ නැහැ. නමුත් මතක තබා ගත යුතු කරුණක් සඳහන් කරමි. ස්වභාවික carotenoids වැනි වර්ණක ආහාර මගින් ලබා දීමෙන් මසුන්ගේ ශරීරයේ ඇතිවන ස්වභාවික වර්ණත් මෙම ක්‍රම මගින් ඇතිවන වර්ණත් අතර විශාල වෙනස්කම් ඇත.
බොහෝ මත්ස්‍යයින් වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන තවත් ක්‍රමයක් තමයි සියුම් එන්නත් කටු මගින් කෘතිම වර්ණක මත්ස්‍යයාගේ ශරීරයට එන්නත් කිරීම (Dye Injection). ඇත්තෙන්ම මෙය ඉතාම අමානුෂික ඉතා වේදනාකාරී ක්‍රියාවක්. ඉතා අලංකාර ලෙස වර්ණ ගන්වා ඇක්වේරියම් ආයතන වෙත එන මෙම මසුන් මෙම අමානුෂික ක්‍රියාවලියට භාජනය වූ මසුන් බව ඔවුන් මිල දී ගන්නා ඔබ නොදැන සිටියා විය හැකිය. මෙම කෘතිම වර්ණක එන්නත් කළ පසු බොහෝ මසුන් දුර්වලව මිය යන අතර මිය නොයා ඉතිරිවන මසුන්ට රෝගවලට ප්‍රතිශක්තිය අඩු දුර්වල මසුන් බවට පත්වේ.
තවත් එක් ක්‍රමයක් තමයි සම මගින් උරා ගැනීම පිණිස (Dipping) මසුන් කෘතිම වර්ණක අඩංගු ජලයේ ගිල්වීම. වර්ණක එන්නත් කරනවා මෙන්ම මෙම ක්‍රමයත් ඉතාම වේදනාකාරී ක්‍රියාවක්.
වර්ණක එන්නත් කිරීම හෝ වර්ණක අඩංගු ජලයේ ගිල්වීමෙන් පසු මසුන්ගේ සමෙහි ඇති සෙවල වැනි වැස්ම (slime coat මෙය මත්ස්‍යයින්ට ජලයට ප්‍රතිරෝධීව පිහිනා යාමට සහ රෝග වලින් ආරක්ෂා වීමට ස්වභාවිකව ලැබී ඇති වැස්මකි) ඉවත් වේ. එම වැස්ම නැවත ඇති වීම උත්තේජනය කිරීම පිණිස නැවතත් වෙනත් රසායනික ද්‍රව්‍යවල මත්ස්‍යා ගිල්වා තැබේ. මෙය
කෙතරම් නම් වේදනාකාරීද?
මෙය සත්ත්ව හිංසාවකි. කරුණාකර ඇක්වේරියම් ආයතනවල සිටින මෙවැනි කෘතිමව වර්ණ ගැන්වූ මත්ස්‍යයින් මිල දී ගැනීමෙන් වළකින්න.

මෙම රසායනික වර්ණගැන්වීම් වලට ලක්කරන මත්ස්‍ය විශේෂ ගැන තවත් තොරතුරු දැනගැනීමට මෙතනින්...

http://visithurumasun.blogspot.com/2013/06/blog-post.html









මේ වන විට ලොව පුරා බහුලවම වර්ණවත් කිරීම්වලට ලක්වන්නේ





මෙම blood parrot මසුන් ය. සාමාන්‍යයයෙන් White Skirt Tetra ලෙස හඳුන්වන මෙම
මසුන් කෘතිමව වර්ණවත් කිරීමෙන් පසු strawberry tetra නමින් වෙළඳපොළට යවයි.




මුලින්ම වර්ණවත් කිරීම ඇරඹුනේ මෙම Glass fish වර්ණවත්කිරීමත් සමග. මෙම white mollie මත්ස්‍යයින් ද අද වන විට කෘතිමවර්ණක භාවිතයෙන් වර්ණගැන්වී වලට ලක් කරයි.



මෙම ඔස්කා මත්ස්‍යයින් කෘතිමව වර්ණවත් කළ මසුන් ය

copy by this link...
http://www.sinhapedia.com/2013/06/blog-post_19.html

 
Last edited:
  • Like
Reactions: westpra

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මොකක් හරි පව්කාර වැඩක් තමා කරොත් කරන්නේ. පව් අහින්සක සත්තු.
     
    Dec 23, 2013
    79
    12
    0
    kalakanni machan mewa karanne. podi hari anukampawak tyena ekekta mewa karanna be... e wage sattu wikunanna tyena place walin ubala maluwat ganna epa...

    Thanks for all.....