අමානුෂික_ලෙස_සැකසෙන_අමුතු_ආහාර
අවවාදයයි- අපේ මේ ලිපියට පාදක වී ඇත්තේ ලෝකයේ විවිධ රටවල කෲර ආකාරයට සකසනු ලබන ආහාර පිළිබඳ තොරතුරුයි. අපේ ලිපියේ අරමුණ වන්නේ එවන් කෲර ආහාර කිහිපයක් ගැන ඔබව දැනුවත් කිරීමටයි. කෙසේ වෙතත් මේ සමහර ආහාර පිළිබඳව කියැවීමේදී සංවේදී ඔබ අපහසුතාවයට පත් විය හැකි කරුණු තිබිය හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසට අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.
සතුන් මරා ආහාරයට ගන්න එක, මිනිසා ගල්ගුහා වල ජීවත් වන කාලේ සිටම සිදු වුන දෙයක්. කාලය වෙනස් වෙනකොට මිනිසා මනසින් දියුණු වෙනකොට මාංශ භාවිතාව ක්‍රමවත් වුනා. එහෙත් අතරින් පතර සමාජය තුල තිබෙන මේ වනචාරි ගුණාංග සියල්ලම වගේ වියැකී ගිහින් නැති බව අපිට තවමත් දැනෙන ආහාර පුරුදු සහ සැකසීම වලින් තවමත් අපිට ඉගෙන ගන්න පුළුවන්.
මේ වෙනවිට මිනිසුන් කැලයේ ජීවත් වනවිට තමන්ගේ ජීවිතය රැකගත් ආකාරය ගැන සැකසී ඇති Man Vs. Wild වගේ වැඩසටහන්, ඒ පුරුදු අපිට යලිත් මතක් කරනවාදැයි කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. විශේෂයෙන් ම එහි ඉදිරිපත් කරන්නා වෙන Bear Grylls විසින් කිසිම හිරිකිතයක් නැතිව ආහාරයට ගත හැකි සියලුම සතුන් ආහාරයට ගෙන පෙන්වීම නිසා මේ වැඩසටහනට සමහර වෙලාවට සත්ව අවිහිංසා ක්රියාකාරිකයින්ගෙන් එල්ල වන්නේ තද විරෝධයක්.
ඉතින් අපි ඔබට මේ ආහාර ලිස්ට් එක ගැන කියන්නට හිතුවේ ඔබේ ඇපටයිට් එක නැති කරන්න නෙවෙයි. මෙහෙමත් ආහාර ලෝකේ තිබෙන බව දැනගන්නයි. එහෙම අපි කිසිවිට අනුමත නොකරන ආහාර සැකසීම සහ පුරුදු වර්ග කිහිපයක් තිබෙන පහත ලැයිස්තුව කියවන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.
1. Ikizukuri – ඉකිසුකුරි
මේක ජපානයේ ඩිෂ් එකක්. ඉකුසිකිරි කියන්නේ ජපාන භාෂාවෙන් පණ තිබෙද්දී ආහාරය සඳහා සැකසීම කියන තේරුම දෙන වචනයක්.
මාළුවාට පණ තිබෙද්දීම එයට අවශ්‍ය කරන සැකසීම එක්කර මේසෙට යැවීම ජපානයේ නම් ජනප්‍රිය කෑමක්. ඒවගේම යම් හෙයකින් මාළුවාගේ පණ මේසයට යවනා අතර නැසුනොත් ඉන් කිසිම ප්‍රයෝජනයක් නැති වෙනවා. වෙනත් විදියකින් කියනවා නම් ඩිෂ් එකේ වටිනාකම තියෙන්නේ අසරණව පණ අදින මාළුවාගේ ජීවිතය මතයි.
2. Sashimi – සෂිමි
පණ තිබෙන සතුන්ගේ ආහාර සැදීමේ චාරිත්‍රය තවමත් මහාපරිමාණයෙන් කරන්නේ ජපානයේ තමා. ඔබත් සමහරවිට සුෂී සහ සෂිමි කාලා ඇති. අමු මුහුදු ආහාර වලින් සකසන කෑමක් වන සෂිමි වල වඩාත් මිල අධික ආහාරයක් තමා පණපිටින් දැල්ලන් ගෙන ආහාරයට සැකසීම. එය සංචාරකයින් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඔවුන් ඉදිරිපිටම මේ ආහාරය සකසන නිසයි.
3. Monkey Brain – වඳුරු මොළය ආහාරයට ගැනීම
මේක නම් හරිම අමානුෂික කෑමක්. ඔබ කවදාවත් අහලා තියෙනවද? සතෙකුගේ මොලයක් ආහාරයට ගන්න එකක් ගැන? මෙය වඩාත්ම ජනප්‍රිය වුනේ ඉහල පැලැන්තියේ සමාජ ශාලා වල සිටින අය අතරයි.
මේසය මතට ගෙන එන වඳුරු පැටවාගේ හිස එලියට සිටින සේ මේසයට තබා සිර කර තබනු අතර ඒ වටා රැස් වෙන මිනිසුන් අත තිබෙන මිටි වලින් ගසා ඉන් සිදුරුවන වඳුරාගේ හිස තුලින් මොලය කැබලි වලට කඩා ආහාරයට ගැනීමකුයි කරන්නේ. මෙය බලන්නටවත් විස්තර කරන්නටවත් නොහැකි තරම් අප්‍රිය, කුරිරු දසුනක් බව අමුතුවෙන් කිව යුතු නෑනෙ.
4. Drunken Shrimp – මත් වූ කුනිස්සන්
මත් කරවූ කුනිස්සන් යනු චීනයේ ජනප්‍රිය ආහාරයක්. මේ ආහාරය තැනෙන්නේ strong liquor වල ගිල්ලපු කුනිස්සන්, මේසයට යැවීමත් සමගිනුයි. විශේෂයෙන්ම ඔවුන්ව ආහාරයට ගනු ලබන්නේ මේ කුනිස්සන් පණපිටින් සිටින විටමයි.
මීට අමතරව වයින් හෝ විස්කි වලින් මේ කුනිස්සන් තම්බා ආහාරයට ගැනීමට සහ මෙවැනි මත්පැන් වලින් පදම් කිරීමෙන් පසු මේ සතුන් ආහාරයට ගැනීමට ප්‍රිය කරන පුද්ගලයන් සිටිනවා.
5. Shark Fin Soup – මෝර වරල් සුප්
චීනයේ සාම්ප්‍රදායික සුපයක් වන මේ මෝරවරල් සුපය, වර්තමානයේදී තහනම් කිරීමට සත්ත්ව අයිතිවාසිකම් සඳහා පෙනිසිටින්නන් විශාල ප්‍රමාණයක් උත්සහ කරනු ලබනවා.
එයට හේතුව මෝරුන් සීග්‍රයෙන් වඳවී යමින් පවතින සත්ව විශේෂයක් ලෙස හඳුනා ගැනීම නිසයි. බොහෝ මෝරුන්ට මේ වරල් නිසා තම ජීවිතයෙන්ද වන්දි ගෙවන්නට සිදුවන අතර මේ සුපය බොහොම මිල අධික එකක් වන්නේ මෙය ආහාරයට ගැනීම මගින් මිනිසුන්ගේ ලිංගික ශක්තිය වැඩි වන බවට ඈත අතීතයේ සිටම පැවතෙන විශ්වාස නිසයි.
6. Sannakji – සන්නක්ජි
මෙය කොරියාවේ සැකසෙන ආහාරයක්. කැබලිවලට කැපූ බුවල්ලෙකුට තල සහ තල තෙල් දමා සීසන් කොට ඉක්මනින්ම පිලිගන්වනු ලබයි. බූවල්ලාගේ කැපූ කැබලි චලනය වද්දීම ආහාරයට ගැනීම සන්නක්ජි වල මුලිකම ක්රමවේදයයි.
7. Foie gras – තාර අක්මාව
ආහාරය කෙතරම් රසවත් වුවත් ඒ ආහාරය උදෙසා සතෙකුගේ අක්මාවක් ඒ තත්වයට ගන්නට ඒ සත්වයාට කෙතරම් දුකක් විඳින්නට දෙනවා ඇතිද? ෆොයි ග්‍රාස් යනු ප්‍රංශ භාෂාවෙන් ඉදිමුණු අක්මාව යන අර්ථය ගෙන එනවා. ගොවිපොළ වල සිටින තාරාවන්ට බලෙන් ආහාර ලෙස තිරිඟු සමග සත්ව මේදය ලබාදීම තුලින් ඔවුන්ගේ අක්මාව ඉදිමවීම කරවනු ලබනවා. ඉන් පසුව ඔවුන්ව මරා හෝ මියගිය පසුව අක්මාව ආහාරයක් ලෙස සකසනු ලබනවා.
source: aniwa.lk
ඉතාම අමානුෂික අන්දමට පිළියෙල කරන ලෝකයේ අමුතු ආහාර 7ක්.