අමාවකයි රෑ අහස

අමාවකයි රෑ අහස

මම තාමත් බලාන ඉන්නවා
රෑ අහසේ පුංචිම පුංචි තරු කැකුලක් වෙලා
මගේ සද කුමරු එනතුරු
නමුත් තාම එයා ආවෙ නෑ.........

මීට කලින් මම කවදාකවත් තනිවෙලා ඉදලා නෑ
සද කුමාරයා හිටියේ මගේ ළගින්මයි
එයා ළගට වෙලා මමත් හිටියෙ හරිම ආඩම්බරෙන්
එදා මම හිතුවෙ මම තමයි අහසෙ ඉන්න වාසනාවන්තම තරු කැකුළි කියලා

නමුත් අද .......
දහස් ගානක් තරු අතර මමත් නිකම්ම නිකන් පුංචි තරුවක් විතරයි
මම දන්නවා අදින් පස්සෙ හැමදාම අමාවකයි කියලා
ඒත් මගෙ මුරන්ඩු හිත ඒක පිළිගන්නෙ නැති හැටි..............

(මේක මගේ පළවෙනි කවිය.වැරදි අඩුපාඩු තිබ්බට මුකුත් හිතන්න එපා හොදේ)
 
  • Like
Reactions: pradeeplk1025

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඒ වාසනාවන්ත තරැ කැකුලි
    අමතක කරන්න එපා සදට වඩා එළිය දෙන ඉරත්
    තරැවක් ය කියලා
    ලස්සණ නිර්මාණයක් සහෝ..
    දිගටම නිර්මාණ අපිත් එක්ක බෙදා ගන්න.. ඔබට ජය.

     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    ekanan eththa thamai sis...adare karana aya...langin hitiya aya ohoma karanne kohomada kiyala hithenawa hema welawema...:)
    apita denena de eyalata denne neththe ei kiyala hithenawa....
    hmm...palaweni eka unath hithe adahasa lassanata liyala thiyenawa...EK eke digatama inna...ethakota thawa thawath oyata lassanata liyannai...idiripath karanna igena ganna puluwani....
    aye kawi liyaddi eka MOkakhari Edit ekak karala post karanna...Image ekak dala...lassanata...
    Good Luck....Nodanna dewal ahaganna yaluwangen...kiyala dewi....Udaw karawi...!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ප්‍රථමයෙන් නංගියව මහත් සෙනෙහසින් අපි ඔක්කොම පිලිගන්නවා මේ කවි පියසට....

    පලමු නිර්මානය කියල නොදැනෙන තරමේ ලස්සනකින් පද වැල් ගලපලා තියෙනවා..


    ඔය කුසලතාවය වඩ වඩාත් දියුණු කර ගත හැක්කේ නිරතුරුව සතත අභ්‍යාස කිරීමෙන්ම පමණයි..


    එයින් මා අදහස් කරන්නේ නිතර නිතර නිර්මාන විවිධ තේමාවන් යටතේ රචනා කිරීමට උත්සුක වීම යන්නයි..


    සාරවත් නිර්මානයක්....


    දිගටම ලියන්න ..ඔබට ජය..