අමුතු ආදරයක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උඹල සේරම කිවුව දේ ඇහුව මම.. ඒ කාලෙ රිප්ලයි එකක් දාන්න බැරි උනාට සමා වෙයල්ල.. මචං මම නම් කියන්නෙ ලිඳේ වැටිල ලිං කටෙන්ම ගොඩ ආව එකෙක් හැටියට.. මේ වගේ දෙවල් නිසා ජීවිතේ.අවුල් කරගන්න එපා.. ඒ කාලෙ ඇත්තටම මම පුදුම ස්ට්‍රෙස් එකක උන්නෙ.. ඒත් දැන් පුදුම සහනයක් දැනෙව මචං..

    දැන් ඉන්නව සූටි කෙල්ලෙකුත්..:D පුදුම සැනසීමයි බං.. උඹල සේරටම ගොඩක් පිං... බුදුසරණයි හැමෝටම

    Minihta maattuda
     

    riyasaka

    Active member
  • Jan 15, 2014
    418
    85
    28
    උඹල සේරම කිවුව දේ ඇහුව මම.. ඒ කාලෙ රිප්ලයි එකක් දාන්න බැරි උනාට සමා වෙයල්ල.. මචං මම නම් කියන්නෙ ලිඳේ වැටිල ලිං කටෙන්ම ගොඩ ආව එකෙක් හැටියට.. මේ වගේ දෙවල් නිසා ජීවිතේ.අවුල් කරගන්න එපා.. ඒ කාලෙ ඇත්තටම මම පුදුම ස්ට්‍රෙස් එකක උන්නෙ.. ඒත් දැන් පුදුම සහනයක් දැනෙව මචං..

    දැන් ඉන්නව සූටි කෙල්ලෙකුත්..:D පුදුම සැනසීමයි බං.. උඹල සේරටම ගොඩක් පිං... බුදුසරණයි හැමෝටම

    ela.good luck bro
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,052
    4,832
    113
    "පුත දීඝායු ලඟ නොබලන්න දුර බලන්න...."
    ජාතක කතාවකින් ගන්න පුළුවන් හොඳ උපදෙසක්.
    කවදාකවත් උබලගේ ගෙදරින් නම් කැමැත්තක් නොලැබේවි..

    ඒකිගෙ family එක අවුල් කරන්නෙ නැතුව නවත්තපන් බන්
     

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    :yes::yes:
    "පුත දීඝායු ලඟ නොබලන්න දුර බලන්න...."
    ජාතක කතාවකින් ගන්න පුළුවන් හොඳ උපදෙසක්.
    කවදාකවත් උබලගේ ගෙදරින් නම් කැමැත්තක් නොලැබේවි..
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, උඹ ඔය කියල තියෙන දෙන්නට දෙන්න නැතුව බැහැ, නවත්වන්න බැහැ, ගොඩක් ආදරෙයි, මැරුවත් එයාව මිසක් වෙන කෙනෙක් බැහැ වගේ දේවල් හැමෝටම පොදුයි බන්. ඕක උඹට විතරක් නෙමෙයි හැමෝටම වගේ දැනෙන පොදු හැගීමක්. ප්‍රශ්නේ තියෙන්නේ යම් කිසි පුද්ගලයෙක් සම්බන්දයෙන් වන ඔය හැගීම විසින් අපේ මොලේ ආක්‍රමණය කලාට පස්සේ ඒ පුද්ගලයාගේ වැරදි, අඩු පාඩු, ඉදිරියට එන ප්‍රශ්න, අපිට වැටහෙන්නේ නැති වෙනවා. සමහරුන්ට අනෙකාගේ ගඳ පවා සුවඳක් වෙනවා.

    ඉතින් එක හරිම භයානකයි. අනෙක් පුද්ගලයාව හරියට හඳුනාගන්න වෙන්නේ නැහැ ඔය දැඩි ආදරණීය හැගීම ආවට පස්සේ.

    පුළුවන් නම් ඔය හැගීම අතික්‍රමණය කරලා ඔය හැගීමට උඩින් ඉඳන් බලපන් " මම හිතන හැටි" ගැන. හැගීම විශ්ලේෂණය කලාට පස්සේ උඹටම හිතෙයි මේක මහා මායාවක් කියල. උඹ මොලේ තියෙන එකෙක්නෙ. පුළුවන් නම් උත්සාහ කරපන්.

    නිකන් විහින් ජීවිතේ අඳුරෙන් අඳුරට දා ගන්න එපා.





    කෙනෙක්ට ගොඩාක් ආදරේ කරනව... සම්මතේට සම්පූර්නයෙන්ම බැහැරව... එයා මට වඩා අවුරුදු 4ක් වැඩිමල්... ඒ මදිවට මැරි කරල එක්ක.. එයාව තේරුම් අරගෙන නෑ හස්බන්... ගොඩක් කල් ඉවසලත් ඉඳල.. අවුරුදු දෙකක් විතරම පස්සෙ හරි යයි කියල... ඒත් ඒ ජීවිතේ එපා වෙලා ඉද්දි තමයි මාව හම්බුනේ යාලුවෙක් විදිහට .. එයා රට ඉන්නෙ.. මම ඇස් දෙකට දැකලවත් නෙමේ එයාට ලං උනේ... ඒ කියන්නෙ හැබැහින්... අපි කෝල් කලා මැසේජ් කලා ටිකක් කල්... දන්නෙම නැතුව දෙන්නට දෙන්න ආදරෙ කරන්න පටන් ගත්ත... එයා පස්සෙ මාසයක් නිවාඩුවට මෙහෙ ආව... ඊට පස්සෙ අපි තව තවත් ලං වෙලා දැන්.. දැන් නම් අපි දෙන්නටම දෙන්නව නැතුව බෑ.. වැරදියට තේරුම් ගන්න එපා කොල්ල්ලනේ.. මේක ලයින් එකක් නෙමේ.. ඇත්තටම අපි දෙන්නට දෙන්න ගොඩාක් ආදරෙයි... ඒත් අපි දන්නව ඉස්සරහට ගොඩාක් ප්‍රශ්න වෙයි.. ඒවට උත්තර නෑ.. මට කරන්න දෙයක් ගැන අදහසක් දෙන්න පුලුවන් නම් ලොකු දෙයක් කොල්ලනේ... මමත් තවම ඉගෙන ගන්නව ඉන්ජිනියරින්... ඒ නිසා ටයිම් නම් තියනව ඉවසල ඉන්න... එත් ඉස්සරහට මොන මොන දේවල් වලට මුහ්න දෙන්න වේයිද දන්මෙ නෑ.. එලකිරියෙ ඉන්නෙ 2012 ඉදල.. ඒත් දැන් තියන එකවුන්ට් එක අවුරුද්දයි.. මේ වගේ දේවල් වලට මේකෙ අය උදව් කරනව දැකල තියන්වා... ඒකයි මම ඔයාලට කියන්න හිතුවෙ... මේක නවත්තන්න කීප සැරයක්ම හිතුව දෙන්නම කතා වෙලා.. ඒත් එයාට වගේම මටත් කරන්න පුලුවන් වැඩක් නෙමේ දැන් මේක... :no: