මම පොඩි කාලේ අපේ ඉඩම් වල ගියපු වෙලාවක අල්ලපු ඉඩමක ඒක අයිති කෙනා වල් කොටලා ගිනි තියලා තිබුනා. කැකිල්ල ඔක්කොම පිච්චිලා ගිහින් ඉදි ගහක් විතරක් ඉතුරු වෙලා තිබුණා. ඔහොම ඉන්නකොට හෙන අමුතු ගදක් ආවා. පුලුටු ගදකුත් වගේ ටිකක්.
වට පිට බලනකොට අර ඉදිගහ මුල බාගෙට පිච්චුනු කැකිල්ල ගස් අස්සෙ සුදු පාට බිත්තර කීපයක්. පිච්චිලා තැනින් තැන ගුරු පාටයි. කුකුල් බිත්තර වලට වඩා ලොකුයි. මට ඉතින් ඕක ලෝක ප්රශ්නයක්. මෙච්චර ලොකු බිත්තර දාන්නෙ මොක්කු ද කියලා. පස්සෙ දැන ගත්ත විදියට ඒ මොනර බිත්තර. මම එක එක බිත්තර වර්ග දැකලා තිබුනත් මේක තරම් විශේෂ මතකයක් ඒව ගැන නෑ. මේක මම දැකපු ලොකු ම බිත්තරේ නිසා වෙන්න ඇති.
දැකලා තියෙන අමුතු ම බිත්තරේ මොකද්ද?