බලංගොඩ මානවයා නූතන මිනිසා යටතට ගැනෙන්නෙ නෑනෙ නේද
මහාවංශයට අනුවත්, තවත් ගොඩක් ඉතිහාස මූලාශ්‍රවලට අනුවත් සිංහල කියන ජන කන්ඩායම ඇවිල්ලා තියෙන්නෙ උතුරු ඉන්දියාවෙන්. ඉන්දු ආර්ය ජන කන්ඩායමක්. ස්ටෙප්ස් තණබිම්වලින් පටන් අරගන ලෝකෙ පුරාවටම පැතිරිලා ගිය කණ්ඩායමේ කොටසක්. එයාල ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට ඇවිත් ඒක ෆ්ලැට් කරලා දාල තමන්ගෙ ජනාවාස උතුරු ඉන්දියාවෙ පිහිටවාගත්තා. ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ඉතිරිවෙච්චි උදවිය තමයි දකුණු ඉන්දියාවෙ ඉන්න ද්‍රවිඩයන් කියන ජන කොට්ඨාසය. සිංහල අයගෙ ජාන ළඟින්ම යන්නෙ බෙංගාලෙ ඉන්න අයගෙ ජාන. සිංහබාහු / සිංහසීවලී හිටපු සිංහපුරය තිබුනා කියන්නෙත් වර්තමාන බෙංගාල ප්‍රදේශයේ.
ලංකාවට ආවට පස්සෙ ලංකාවෙ හිටපු ජනකොට්ඨාස එක්ක මික්ස් වෙන්න ඇති.
යුද්ධ සංහාර එහෙමත් තියෙන්න ඇති. දැං ඔය පණ්ඩුකාභය කතාවෙ අර පණ්ඩුකාබය කුමාරය ආරක්ෂාකරා කියල මැරෙව්වා කියන සේවකයන් දෙදෙනා යක්ෂ ගෝත්‍රිකයො කියල තමයි කියන්නේ.