අමුතු යූ බටයක්...

wawula

Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    බලංගොඩ මානවයා නූතන මිනිසා යටතට ගැනෙන්නෙ නෑනෙ නේද

    මහාවංශයට අනුවත්, තවත් ගොඩක් ඉතිහාස මූලාශ්‍රවලට අනුවත් සිංහල කියන ජන කන්ඩායම ඇවිල්ලා තියෙන්නෙ උතුරු ඉන්දියාවෙන්. ඉන්දු ආර්ය ජන කන්ඩායමක්. ස්ටෙප්ස් තණබිම්වලින් පටන් අරගන ලෝකෙ පුරාවටම පැතිරිලා ගිය කණ්ඩායමේ කොටසක්. එයාල ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට ඇවිත් ඒක ෆ්ලැට් කරලා දාල තමන්ගෙ ජනාවාස උතුරු ඉන්දියාවෙ පිහිටවාගත්තා. ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ඉතිරිවෙච්චි උදවිය තමයි දකුණු ඉන්දියාවෙ ඉන්න ද්‍රවිඩයන් කියන ජන කොට්ඨාසය. සිංහල අයගෙ ජාන ළඟින්ම යන්නෙ බෙංගාලෙ ඉන්න අයගෙ ජාන. සිංහබාහු / සිංහසීවලී හිටපු සිංහපුරය තිබුනා කියන්නෙත් වර්තමාන බෙංගාල ප්‍රදේශයේ.

    ලංකාවට ආවට පස්සෙ ලංකාවෙ හිටපු ජනකොට්ඨාස එක්ක මික්ස් වෙන්න ඇති.
    යුද්ධ සංහාර එහෙමත් තියෙන්න ඇති. දැං ඔය පණ්ඩුකාභය කතාවෙ අර පණ්ඩුකාබය කුමාරය ආරක්ෂාකරා කියල මැරෙව්වා කියන සේවකයන් දෙදෙනා යක්ෂ ගෝත්‍රිකයො කියල තමයි කියන්නේ.

    ☝️☝️👌👌👌
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සිංහලයාගේ පිරිසුදු ජාන නැහැ තමයි. නමුත් බහුතරයකගේ තියෙන්නේ ලංකාවේ ඒ කාලේ හිටපු ගෝත්‍රික මිනිස්සුන්ගේ ජාන. එතකොට ඒ මිනිස්සු මේ බිමේ මුල් පදිංචි කාරයෝ. ඊට පස්සේ ඉන්දු ආර්යෝ, දෙමල්ලු, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, කාපිරියෝ, ජාවා රටේ මිනිස්සු, අරාබි තම්බි ඔක්කොම එවුන්ගේ ෆෘට් සැලඩ් එකක්.
    මහාවංශය හරියි කියලා ගත්තත් කුවේණි යක්ෂ ගෝත්‍රික කෙනෙක්. එයාගේ දුවගෙන් පුතාගෙන් වැද්දෝ පැවතෙන්නේ.
    ගොඩක් තැන්වල මේ යක්ෂයෝ කියන්නේ මනුෂ්‍ය නොවන කොට්ටාසයක් කියලා වරද්දාගෙන තමයි ලියලා හෝ පරිවර්තනය වෙලා තියෙන්නේ.
    Oka Machan tharka karala iwara karanna beri deyak... Mokada indu aryo lankawata awe suddo Americawata giya wage neweine... Sulu pirisak ewilla mehe kalin hitapu minissu ekka mix wuna... Culture eka wenas Una kalin hitapu gothra wala ayata wada... Gene pool eke wedi hariyak tyenne kalin hitapu gothra wala ayage ewa wenna puluwan... Eyalath lankawata enna eththe Indiana haraha hinda indiyawe hitapu minissu Saha lankawe hitapu Aya athata genes wala loku wenasak thiyenne nethiwa ethi...

    Sinhala kiyanne Vijaya ekka apu Aya haraha heduna culture eka thiyana minissu kiwwoth, eka patan ganne aurudu 2500 kata kalin... Hebeyi e apu sulu pirisata mehe hitapu Aya mix Una hinda kata hari kiyanna puluwan kalin hitapu ayama thamayi Sinhala kiyala... Define karana eke wenasa thamayi thiyenne...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @ttj
    උඹ හරි. මට ඉස්සර ඉදන් තිබුන ප්‍රශ්නයක් තමයි කොහොමද ඔය 700 පිරිමින්ගෙන් විතරක් ඔච්චර සෙනගක් හැදුනේ කියලා. මොකද උන් ගෑණු අරන් ආවේ නැහැ. අනික් එක බුදුහාමුදුරුවෝ තුන්වරක් වැඩම කරලා මිනිස්සුන්ට බණ දේශනා කරලා තියෙනවා කියනවා. එතකොට තපස්සු බල්ලුක වෙළඳ දෙබැයෝ වෙළදාමේ ඇවිත් ගිරිහඩු සෑය හැදුවා කියනවා.ටොලමිගේ සිතියමේ පවා ලංකාව තියෙනවා.මීට අමතරව පාහියන්, හියුන් සාං වගේ අයගේ දේශාටන වාර්තා තියෙනවා.
    අනික් එක අපිට ආපු ඉන්දියන් ආක්‍රමණවලින් බේරෙන්න අවශ්‍ය සෙබළු ඉඳලා තියෙනවා.

    මම හිතන්නේ මහාවංශයේ 700 ලියූ නිසා තමයි ඕක ලොකු දෙයක් උනේ. එහෙම බැලුවම විජය පැවතෙන්නේ හොරෙක්ගෙන්. මොකද සිංහයෙක් එක්ක ඉඳලා ගෑනියෙක්ට ළමයි හම්බවෙන්න බැහැනේ. එහෙම ඉඳලා අන්තරාභිජනනයෙන් සරු ජනිතයන් බිහි කරන්න බැහැ කියලා ඉස්කෝලේ ගිය ඕනේ එකෙක් දන්නවනේ.

    ඔය කෙබර මිත්යාවල් අයින් කරගත්තා ඉදිරි අනාගත පරම්පරාවට හරි දේ කියලා දෙන්න තිබුණා. ඕව පරීක්ෂණ කරන මිනිස්සු අළුත් මතයක් ගෙනාවොත් ඒවා එකහෙලා බැහැර කරනවා. එහෙම කරුණු දැනගත්ත ඉතිහාස කාරයන්ට පහර දුන්නා සහ දෙනවා. ශිරාන් දැරණියගල, මැන්දිස් රෝහණධීර මේ පහරකෑම්වලට ලක්වෙච්ච දෙන්නෙක්.
     
    • Like
    Reactions: ttj