මගේ මතකයේ හැටියට තමයි. මේකේ පැරනි බව මිට වඩා වෙනස් වෙන්නත් පුළුවන්.
මට 1999 අවුරුද්දේ ගෙනාපු Floppy Diskette දාපු පෙට්ටියක් හම්බ උනා. පොලිතින් එකවත් කඩලා තිබ්බේ නැහැ. මට හිතුනා නිකන් වීඩියෝ එකක් කරන්න කියලා. පහුගිය දවස් වල ලංකාවට ගිය වෙලාවේ අරන් ආවේ මේ පෙට්ටිය.
පස්සේ මේ ටික මට මතක් උනේ. මේක වීඩියෝ එකේ කියන්න අමතක උනා
මම 1998 O/L කලේ. ඉන් පස්ස එමම computer පන්තියකට ගියා 1999 . ඒ දවස් වල අපේ පොඩි මාම ගෙනවිත් දුන්නේ මේක. මාම වැඩකලේ සිංගප්පුරු Company එකක. මට ගෙනවිත් දුන්නා සින්ගප්පුරුවෙන් 486 Computer එකක්. ( පාවිච්චි කරපු එකක් ) ඒකත් එක්ක මේ Floppy Diskette දාපු පෙට්ටියක් ගෙනවිත් දුන්නා. මෙච්චර හොඳට මේක ආරක්ෂා වෙලා තිබ්බේ පොලිතින් එකෙන් සීල් කරලා තිබ්බා නිසා වෙන්න ඇති.
Last edited:

