මම මීට කලින් ඕන තරම් පිංකම් කරල තියනව
ඒත් අද වෙච්ච පොඩි දෙයක් නිසා හිතට මාර සතුටුයි..
අද ඔෆිස් එකේ කරුම වැඩකට කොළඹ ගියපු වෙලාවෙ (ඒක වෙනම කතාවක්. මට දැන් අපා දුක් විඳින්න වෙලා තියෙන්නෙ අළුත් තැනක වැඩට ගිහින්) බොරැල්ලෙ කඩේකින් තෝසෙ දෙකක් අරං එකක් කාල අනිත් එක ඔතල ගත්ත ගෙදර ගේන්න තාත්තට හරි කන්න දෙන්න.. (මේ පැත්තෙ තෝසෙ කොලිටි නෑනෙ..)
ඉතිං ට්‍රේන් එකට පැය දෙකක් විතර වෙලා තිබුන නිසා පොඩ්ඩක් එහෙමෙහෙ ඇවිදිනකොට අවුරුදු 50ක විතර මහත මෑන්ස් කෙනෙක් පාර අයිනෙ බිම වාඩිවෙලා පුවක් වගේ මොනවද කපනව..
අර අව්වෙ ෂර්ට් එකක්වත් නෑ.. මම ඇහුව අයියෙ කාලද ඉන්නෙ කියල.. නෑ මහත්තය කිව්ව.
මම අර ගෙනියන්න ගත්ත තෝසෙ එක පොරට දීල කිව්ව තෝසෙ එකක් විතරයි කියල..
ඒ අහිංසක මනුස්සය ඒක සතුටෙන් බාර අරං හිනාවෙල කිව්ව අද දවසටම කාල නෙමෙයි හිටියෙ කියල..
මීට කලින් මම ටවුන් වල ඉන්න හිඟන ආච්චිලට එහෙම බත්මුල් හදාගෙන ගිහින් දීල තියනව..
ඒත් ඒ මිනිස්සු ඒව බාරගන්නෙ නිකන් අපේ ඕනකමට වගේ.. දවසක් එක්කෙනෙක් මට මූණටම කිව්ව මහත්තයො අපිට කෑමනම් ලැබෙනව සල්ලි තමයි ඕන කියල..
ඒ අතින් හිඟා කන්නෙ නැතිව බඩගින්නෙ ඉන්න මේ වගේ අහිංසක මිනිස්සු අපි අතරෙ කොච්චර ඇතිද