අමුතු සතුටක් දැනුන සිංහලයො

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,938
    40,769
    113
    නියමයි මචන්. තාත්ත්ටත් කතාව කියපන්. තාත්තා උබ ගැන ආඩම්බර වෙයි. තාත්තට නොදුන්නත්, උබ කරේ හරි දේයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    තෑන්ක්ස් කොල්ලො. එළකිරියෙත් post කරාද? තෝසේ එක නම් ටිකක් රස මදි. වෙන තැනකින් ගන්න අනිතපාර. හෙටත් මම එතනම ඉන්නව හොඳේ පුවක් ලෙලි ගගහ. හෙටත් තෝසේ ගේන්න ටිකක් වැඩිපුර ගේන්න එකක් මදි. ❤️
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මූන එල්ල ගන්නෙ නැතුව තෝසෙ බාරගත්ත කියන්නෙ ඇත්තටම කන්න නැති කෙනෙක් වෙන්න ඇති.

    උබ හොද පිනක් කරගත්ත මචන්.

    මට නන් හම්බෙන්නෙම කාලකන්නි.

    මට එකෙක් හම්බුනා දවසක්, පාන් කාලක් අරන් දෙන්නලු.
    හා එහෙනන් යමු කඩෙට කිව්වම, පාන් දැන් කෑවලු, පස්සෙ කන්න සල්ලි දෙන්නලු.


    තව දවසක් එකෙක්ට උදෙ බත් එකක් අරන් දුන්නම, උ කියනව
    'බත් එක ඊයෙ රෑ එකක් ද ? පරනයි වහෙලු'

    මන් කිව නෑ උදෙ ගත්තෙ කියල, එ ඉලගට අහනව ' රුපියල් 50ක් නැද්ද කියල'

    බොහොම ඉස්සර.
    දැන් නන් බල්ලෙක්, පූසෙක් ඇරෙන්න සත 5ක් දෙන්නෙ නෑ, මොකා කොහොම ආවත්
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    අපො පිස්සුද බං කවදවත් හිගන්නන්ට කෑම/සල්ලි දෙන්ඩ යන්නෙපා. උන් කරන්නෙ බිස්නස් එකක්‌ බං.
    ඔව් මචං සිරාවට 👇
    හිඟන මුදලාලිලා රස්සාවට හිඟාකන්න දාපු අය ඉන්නවා. සමහරවිට එහෙම කට්ටිය වෙන්න ඇති.

    3. ඒ මනුස්සයා උඹ දුන්න තොසේ කෑවට පස්සේ කෑමට වියදම් කරන්න තිබුණු තමන්ගේ සල්ලි පොඩි ගානක් හරි ඉතුරු කරගන්නවා.
    මට ඕකනම් මතක් උනේ නෑ බං..
    ඔව් ඇත්තටම ඒක කොච්චර දෙයක්ද ..

    ආ තව එකක්.. මම ඔය කඩේ කෑම කන වෙලාවෙ ගෑනු කෙනෙක් ඇවිල්ල මගෙන් තේකක් අරං ඉල්ලුව..
    ඔෆිස් එකේ වැඩකට ගිය නිසා හොඳට ඇඳල ගිය නිසා හිඟන්නෝ ඇදිල එනව දන්නවනෙ..
    මම එයාවනම් ගණන් ගත්තෙ නෑ

    තෑන්ක්ස් කොල්ලො. එළකිරියෙත් post කරාද? තෝසේ එක නම් ටිකක් රස මදි. වෙන තැනකින් ගන්න අනිතපාර. හෙටත් මම එතනම ඉන්නව හොඳේ පුවක් ලෙලි ගගහ. හෙටත් තෝසේ ගේන්න ටිකක් වැඩිපුර ගේන්න එකක් මදි. ❤️
    වෙන මුකුත් එපාද ලොක්ක?
    අර ඊයෙ ගෙදර කාල ඉතුරු වෙච්ච පාන් කෑල්ලකුත් තිබ්බ ;)
    Niyamayi Bro, 🙏 🙏 🙏 :love:
    math karanna inne thathtage birthday eka dawasata,

    oya wadema, gedarain kema hadan gihin,
    ගොඩක් හොඳ වැඩක් මචං..
    ඕනතරම් පොඩි පොඩි රස්සාවල් කරන මිනිස්සු ඉන්නව..
    පාර අතුගාන අය.. නාටාමිලා.. පේමන්ට් එකේ පොඩි පොඩි දේවල් විකුණන මිනිස්සු..
    ඒවගේ අයට දෙන්න පුළුවන්..
    සාංගික දානයක් නම් දුර පැතිවල දවස් ගණන් දානෙ ලැබෙන්නේ නැති පන්සල් තියනව මචං..
    අපි එක සැරයක් අනුරාධපුරේ ගිහින් පුත්තලම පාරෙ එනකොට පොඩි පන්සලක් ළඟ කෑම කන්න නතර උනා..
    ඒ පන්සලේ හිටපු පොඩි හාමුදුරුවරුන්ට දානෙ නැතිව දවස් ගණන් බඩගින්නෙ ඉඳල පස්සෙ එයාලගේ ගෙවල් වලින් ඇවිත් සිවුරු අරවගෙන ගෙදර එක්ක ගිහින්
    ------ Post added on Mar 26, 2024 at 10:00 PM
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මම මීට කලින් ඕන තරම් පිංකම් කරල තියනව
    ඒත් අද වෙච්ච පොඩි දෙයක් නිසා හිතට මාර සතුටුයි..

    අද ඔෆිස් එකේ කරුම වැඩකට කොළඹ ගියපු වෙලාවෙ (ඒක වෙනම කතාවක්. මට දැන් අපා දුක් විඳින්න වෙලා තියෙන්නෙ අළුත් තැනක වැඩට ගිහින්) බොරැල්ලෙ කඩේකින් තෝසෙ දෙකක් අරං එකක් කාල අනිත් එක ඔතල ගත්ත ගෙදර ගේන්න තාත්තට හරි කන්න දෙන්න.. (මේ පැත්තෙ තෝසෙ කොලිටි නෑනෙ..)
    ඉතිං ට්‍රේන් එකට පැය දෙකක් විතර වෙලා තිබුන නිසා පොඩ්ඩක් එහෙමෙහෙ ඇවිදිනකොට අවුරුදු 50ක විතර මහත මෑන්ස් කෙනෙක් පාර අයිනෙ බිම වාඩිවෙලා පුවක් වගේ මොනවද කපනව..
    අර අව්වෙ ෂර්ට් එකක්වත් නෑ.. මම ඇහුව අයියෙ කාලද ඉන්නෙ කියල.. නෑ මහත්තය කිව්ව.
    මම අර ගෙනියන්න ගත්ත තෝසෙ එක පොරට දීල කිව්ව තෝසෙ එකක් විතරයි කියල..
    ඒ අහිංසක මනුස්සය ඒක සතුටෙන් බාර අරං හිනාවෙල කිව්ව අද දවසටම කාල නෙමෙයි හිටියෙ කියල.. :(

    මීට කලින් මම ටවුන් වල ඉන්න හිඟන ආච්චිලට එහෙම බත්මුල් හදාගෙන ගිහින් දීල තියනව..
    ඒත් ඒ මිනිස්සු ඒව බාරගන්නෙ නිකන් අපේ ඕනකමට වගේ.. දවසක් එක්කෙනෙක් මට මූණටම කිව්ව මහත්තයො අපිට කෑමනම් ලැබෙනව සල්ලි තමයි ඕන කියල.. :baffled:
    ඒ අතින් හිඟා කන්නෙ නැතිව බඩගින්නෙ ඉන්න මේ වගේ අහිංසක මිනිස්සු අපි අතරෙ කොච්චර ඇතිද
    අවශ්‍යතාව ඇති තැන බලල දුන්නනම් මේරට තවත් ලස්සනයි.
    ඒත් රැල්ලට චාරිත්‍රෙට දීම නිසා නැහැයි කියන ගොඩක් අයට කෑම් බීම් මිලමුදල් ලැබෙනව. ඇත්තටම නොලැබෙන ඇත්තටම අවශ්‍යතා තියන අය ඉන්නවා.
    හිගන්නෝ අසරන අය ,පන්සල්පවා තියනව.

    එක අතකට දීමෙන් දානයෙන් කෙනෙක්ව සනසන්න පුලුවන් වගේම ,ඔහේ දීමෙන් සමාජය සවුත්තු කරන්නත් පුලුවන්.ඊටපස්සෙ එතන හැදෙන්නෙ ව්‍යාපාරයක්.දෙන දේ විකුනනව, එක්කො අරක්කු බොනව,උට අතිරික්ත දේ ඌ දෙන්නෙ නෑ.ඒක මුදල් කරල ඔහේ වියදම් කරනව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    මූන එල්ල ගන්නෙ නැතුව තෝසෙ බාරගත්ත කියන්නෙ ඇත්තටම කන්න නැති කෙනෙක් වෙන්න ඇති.

    උබ හොද පිනක් කරගත්ත මචන්.

    මට නන් හම්බෙන්නෙම කාලකන්නි.

    මට එකෙක් හම්බුනා දවසක්, පාන් කාලක් අරන් දෙන්නලු.
    හා එහෙනන් යමු කඩෙට කිව්වම, පාන් දැන් කෑවලු, පස්සෙ කන්න සල්ලි දෙන්නලු.


    තව දවසක් එකෙක්ට උදෙ බත් එකක් අරන් දුන්නම, උ කියනව
    'බත් එක ඊයෙ රෑ එකක් ද ? පරනයි වහෙලු'

    මන් කිව නෑ උදෙ ගත්තෙ කියල, එ ඉලගට අහනව ' රුපියල් 50ක් නැද්ද කියල'

    බොහොම ඉස්සර.
    දැන් නන් බල්ලෙක්, පූසෙක් ඇරෙන්න සත 5ක් දෙන්නෙ නෑ, මොකා කොහොම ආවත්
    උබ ඒවට තරහ ගන්න එපා බන්. හිත සතුටින්නෙ දෙන්නෙ. උබ මොකුත් උන්ගෙන් බලාපොරොත්තුවක් නැතුවනේ දෙන්නෙ(පිනක් වත්). ඉතින් එයාල කියන දේවල් ගණන් ගන්න එපා. උබේ තියෙන හොඳ කොලිටීස් වෙන උන්ට නැති කරන්න දෙන්න එපා. :yes:
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    අද දවසටම කාල නෙමෙයි හිටියෙ
    කාලෙකට කලින් exam එකක් කරන්න කොළඹ ගිය වෙලාවක
    අපි ඔක්කොම ගෙනාපු කාම එකතු වෙලා කාලා එකක් වැඩි

    කාට හරි දෙන්නම් කියලා පාරට ගිහින් ටිකක් ඇවිදගෙන යද්දී
    කුණු එකතු කරන කෙනෙක් ඉඳලා ඇහුවා
    මේ අහල පහල මේ බත් එක දෙන්න කෙනෙක් නැද්ද
    අපිට වැඩි උනා කියලා
    අනේ අර මනුස්සයා මහත්තයෝ හින්ගන්නොන්ට වඩා අපි දුප්පත්
    කැමති නම් මට දෙන්න කියලා කිවා
    අපිත් සන්තෝසෙන් දීලා ආව

    ඒක ඇත්තටම විස්තර කරන්න බෑ තමයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    එල මචන්. පුළුවන් තරමින් ඔය වගේ අසරණ මිනිස්සුන්ට, සත්තුන්ට සලකන්න. පින් බලාගෙනම නෙවෙයි. තමුන්ගේ හිතට ඊට වඩා සහනයක් දැනෙනවා.
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    උබට හිතිලා නැද්ද උබ අපි වගේ හිත හොද මිනිස්සුන්ට මේ උඩ ඉන්න දෙයියො සලකන හැටි කියලා..
    මමත් ඔහොම ගොඩක් උන්ට දෙනවා කටවත් කියන්නේ නෑ.කෑම එහෙම අරන් දීල තියනන්වා ..

    මට හිතෙනවා කොච්චර කලත් අපිටනේ කෙලවන්නේ දෙයියොත් කියලා
     
    • Sad
    • Like
    Reactions: NRTG and Kalegana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    දවසක් එක්කෙනෙක් මට මූණටම කිව්ව මහත්තයො අපිට කෑමනම් ලැබෙනව සල්ලි තමයි ඕන කියල.. :baffled:
    මෙහෙම කියන එකත් නරක දෙයක් කියල හිතන්න එපා බන්. ඒ මිනිස්සුන්ට කෑම ඇති තරම් හම්බෙනවනන් තව කෑම නිරපරාදෙ ඕනෙ නෑනෙ. තව අවශ්‍යතා තියෙන හින්ද ඒ වෙනුවට සල්ලි ඉල්ලන එක සාධාරණයි.
     
    • Like
    Reactions: pasansnoop and NRTG